සුසන්තිකාගෙ ජීවිත කථාව අළලා ‘සුසීමා‘ නමින් චිත්‍රපටයක් නිපදවීම අත්හිටුවමින් නිෂ්පාදක සරත් නාමල්ගමට හා අධ්‍යක්ෂ මොහොමඩ් නියාස්ට නිත්‍ය තහනමක් නිකුත් කෙරිණි.
කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම තහනම නිකුත් කළේ 2001 දී ඇය ගොනු කළ පෙත්සමක තීන්දුව දෙමිනි.
2000 සිඩ්නි ඔලිම්පික් රිදී පදක්කම දිනූ සුසන්තිකා කියා සිටියේ සුසීමා චිත්‍රපටයෙන් තම පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කර ඇති බවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සුසීමා ජයවීර යනුවෙන් නම් කර ඇති බවත් ඇගේ කථාව මුළුමනින්ම තම ජීවිත කථාව බවත් එය ප්‍රදර්ශනයෙන් තමාට පිරිමැසිය නොහැකි හානියක් සිදුවන බවත් තම ජීවිත කථාව ලියා එම පොතින් ලාබයක් ගැනීමට අදහස් කරන බවත් මේ චිත්‍රපටයෙන් ඊට හානි සිදුවන බවත් ඇය කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ජීවිත කතාව අපිට එතරම් වැදගත් නැහැ. සල්ලි දීලා ඔය පොත කවුද අරගෙන බලන්නේ.(හේ)