ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පහර කෑමකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
ගම්පහ වැලිවේරිය ඇඹරලුව නිවසේදී ඇය පහර කෑමට ලක්ව ඇති බවත් සිද්ධියට සැකපිට ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාර අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පහර කෑමකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
ගම්පහ වැලිවේරිය ඇඹරලුව නිවසේදී ඇය පහර කෑමට ලක්ව ඇති බවත් සිද්ධියට සැකපිට ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාර අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කවුරුත් රහත්වෙලා නැති නිසා ඔවැනි දේවල් අසාමාන්‍ය දේවල් නොවෙයි. හැබැයි ගැහැණුන්ගේ කටට පුළුවන් උපාසක සැමියෙක්ව වුණත් වියරු වට්ටන්න. ඉවසාගෙන ඉන්න බැරිම තැන මටත් හිතිලා තියනවා මඩු වලිගයක්වත් තිබුනොත් හොඳයි කියා. (නි)
බීමතින් ඇවිත් ගෙදර නරකාදියක් කරන පිරිමි තමයි වැඩිපුර ඉන්නේ. ගැහැණු නීතිය හමුවට යන්නේ නැහැ ලැජ්ජාව නිසා. (නි)
සහන්ගේ අදහසට මමත් එකඟයි. මෙතන අදහස් දක්වන අයගේ කැරැට්ටුව අපි දන්නෙ නැති හින්දා හොඳයි. ඇය රටට කීර්තියක් ගෙනදුන් කාන්තාවක් (නි)
පවුල් ප්‍රශ්න ලෝකයට පේන්න තියන්න එපා.(හේ)
මේකෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නැහැ. නමුත් අපේ ගමෙත් මැදිවියේ බවලතියක් ළඟදි මෙහෙම දේකට අහුවෙලා දැන් ගෙයින් එළියට බහින්නෙ නැතුව ඉන්නවා. (නි)
ගහන්න හදනකොට දුවන්න තිබුනනේ (නි)
හරි වැරැද්ද කවුරු වුණත් අපේ රටේ පොලිසි උසාවි යන්න ඉස්සර වෙන්නෙ නම් කාන්තාවෝම තමයි. හිතාගෙන ඉන්නෙ කාන්තාවන්ට විතරයි වන්දි ගන්න පුළුවන් කියලා. (නි)
කොහොමටත් සුසන්තිකාගේ ජනප්‍රියත්වයට වැඩි කැමැත්තක් දක්වපු බවක් පෙනුනේ නම් නැහැ එම ස්වාමියාගේ (ම)
ඔලිම්පික් දිව්වට නීතිය කාටත් පොදු විය යුතුයි. ඒ ගෞරවය තියෙනවා සදාකාලිකවම. හැබැයි වරදක් කර ඇත්නම් ඉස්සර වෙලා පොලිසි ගියා කියලා බැහැ. නීතිය හරියට හරි. වැරැද්ද හොයලා බලා ක්‍රියාත්මක කළයුතුයි. මොකද මේක තව මේ වගේ ප්‍රශ්න තියෙන අයත් ආදර්ශයට ගන්නා නිසයි (නි)
ගැහැණුන්ව බය කරගෙන, එයාලට ගුටි බැට දීගෙන, පුළුවන් හැම අවස්ථාවකදීම ඇයව නිෂ්ප්‍රයෝජනයට ලක්කරගෙන සිටීම අපේ රටේ සමාජ සංස්කෘතියක් වෙලා (නි)
අනුන්ගේ පෞද්ගලික ප්‍රශ්නනේ! (නි)
අසෝකා කියන විදියට ලෝකේ දරුවො වදපු කිසිම කාන්තාවක් නීතිය ඉදිරියට ගේන්නත් බැහැ. ඒ අයගෙ වැරදි විවේචනය කරන්නත් බැහැ. ඇයි උපතින් කාන්තාවක් විම සහ දරුවෙක් වැදීම නිසා. අනේ මෙහෙමත් පටු විදියට හිතන ගැහැණු? (නි)
ගැහැණුන්ට ගහන එක පිරිමිකමක් නෙමෙයි මහත්තයෝ (නි)
දිවීමේ හැකියාවෙන්වත් දුවලා ගුටි නොකා බේරෙන්න බැරිවුණාද? කොහොම වුණත් මේ ගුටි කෙලියේ යම් අපි නොදන්නා රහස් ඇති. ඉදිරියේදී ඒවා අනාවරණය වෙයි (නි)
ඔලිම්පික් තියා මොනවා දිනුවත් වැඩක් නැහැ තමන්ගේ ආත්ම ගෞරවය කෙළෙසා ගන්නවා නම්. අර අසරණ දරුවන් දැන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? එකට ජීවත්වෙන්න බැරි නම් ගෞරවනීය විදිහට නීතියෙන් වෙන් වී, තමන් කැමති පුද්ගලයෙක් සමඟ ජීවත්වෙන්න කිසිම තහනමක් නැහැනේ. (නි)
හරිම කණගාටුයි! (නි)
වෙන රටක නම් ඔබතුමිය වගේ කෙනෙකුට ජීවිතය ඉතුරු කාලයම ගෞරවනීය ලෙස උසස් ජීවිතයක් ගතකරන්න තිබුනා. මේ ඉතින් ලංකාවනේ (නි)
සැමියාට බිරිඳගේ දෙවියා වෙලා වගෙයි (නි)
ගහන්න තිබුනේ කණ පැළෙන්න. පවු අහිංසක ගැහැණු! මම වගේ නම් දනී කරන වැඩේ. (නි)
ගුටි කාපු බවක් ෆොටෝ වලින් නම් පෙනේනේ නැත. (ර)
මේ ප්‍රශ්න අද ඊයේ ආ දේවල් නොවෙයි වගේ (නි)
දියුණු සමාජයක් විදියට පවුල් සංස්ථාවට ගරුකරමින් ජීවත්වෙන්න, උගත් මිනිසුන් විදියට ඉදිරියට යන්න ඕනෑ (නි)
ගැහැනියකට පහර දීම පිරිමි කමේ අයිතියක්ද? (ර)
සමහරුන්ට හරි යන්නේ ගොළු නෝනලා බව පේනවා. පිරිමියාගෙන් ගුටි කාපු ගැහැණියගේ කට විතරයි මතක් වෙලා තියෙන්නේ. (ර)
පුදුමත් හිතෙනවා දැක්කම මෙහි අදහස්.... ගැහැණියකගෙ කටේ සැර ගැන දන්න අයත්, ඇයි නොසිතුනේ ගැහැණියක බව නුබෙ අම්මත්.... ලෝකය පුරා "ලක් මව" නම රැව්දුන්නත්... දුදනෝ කෙලෙස දන්නේද එහි වටින කමක්? ඉක්මන් සුවය ලැබගෙන දියණියේ නුඹ.... මතු ජීවිතය ගතවේවා සතුටින්ම! (ර)
පහන්, ඔලිම්පික් මෙඩල් එකක් ගත්තා කියලා ජාතික වස්තුවක් හැටියට සැළකිය යුතුයි නම් නොයෙකුත් අංශ වලින් ජාත්‍යන්තර මට්ටමේ සමත්කම් දක්වපු තව ජාතික වස්තු ඕනෑතරම් මේ රටේ තියනවා. ජාතික වස්තු කියන්නේ ඒ ගොල්ලන්ට නොවෙයි. අපේ දේශපාලුවන් විකුණාගෙන කන ඒවාටයි අපි නම් ජාතික වස්තු කියන්නේ! (නි)
මිට කලිනුත් මෙහෙම සිද්ධියක් තිබුන බව මතකයි. බහුතරයක් හිතන්නේ පිරිමිකම කියන්නේ ගැහැණියට පහර දීමට තිබෙන බලපත්‍රයක් ලෙස වගේ. (ර)
කිව්වත් වගේ අපේ රටේ සමහර මහත්වරුන්ට හරි යන්නේ ගොළු නෝනලා තමයි. මෑතකදී කිසිම පිරිමි කෙනෙකුට නොලැබූන ක්‍රීඩා ජයග්‍රහණයක් ලබා ගත් එක ගැන තිබෙන කුහක කම තමා ඔය. (ර)
ගහන්න එනකොටම සුසන්තිකාට දුවලා බේරෙන්න තිබුණනේ (නි)
හැම ප්‍රශ්නයකම අපි නොදකින පැත්තකුත් තිබෙනවා (නි)
සල්ලි ලැබුනහම සදාචාරය පිරිහෙනවා. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ වගේ දේවල් පවුල් ජිවිතයේදී සාමාන්‍ය දේවල් (නි)
ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඔවුන් විසඳා ගනීවි (නි)
එයාලගේ පෞද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ (නි)
පහන් මහත්තයා හරි. අපිට පෞද්ගලික ප්‍රශ්න වැඩක් නැහැ. ඇය ජාතික වස්තුවක්. ඔබතුමා හරියට හරි (නි)
ගහනකොට දිව්වේවත් නැත්තේ මොකද? (නි)
ඇයගේ සැමියා වන ධම්මික කියන කතාවත් අහන්න ඕනෑ. එය සැබෑ නම් පිරිමියකු වශයෙන් ඔහුට තරහයෑම සාධාරනය. (නි)
මේ ගැන තවත් කුමට කතාද? (නි)
ඔබේ ජයග්‍රාහී සිනාමුසු මුහුණ දකින්න හරි කැමතියි. එ්ත් මේ දසුන් දැකීම හද කම්පාකරන සුලුයි. ශ්‍රී ලංකාවෙත් දිරිය ගැහැණුන් සිටිනා බව ලොවට පෙන්නුවේ ඔබයි. ඉක්මන් සුවය ලැබේවා! (නි)
අපි මේ ගැන නම් මොකුත් දන්නේ නැහැ. මට නිකමට හිතෙනවා පහරදීම් වගේ දේවල් මේ අයට සාමාන්‍ය දේවල්දෝ කියලා. (නි)
මෙතන අදහස් දැක්කම හිතෙනවා ලංකාවේ බීගෙන ගෙදර ඇවිදින් බිරිඳට විතරක් නෙමෙයි දරුවන්ටත් දස වදදෙන පිරිමි ගැන අහලවත් නැති අයයි ඉන්නේ කියලා. ටිකක් ඇස් ඇරලා ඔය වටපිටාව බලන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා. (නි)
සුසන්තිකා ගැන අපිට දුකයි (නි)
මමත් අනුමත කරන්නේ නැහැ පහරදුන් එක (නි)
හිතාගන්න පුළුවන්. 'මාළුවා නහින්නේ කට නිසා' කියලා කතාවකුත් තියෙනවානේ. (නි)
අද ලංකාවේ බොහෝ ගැහැණු ගුටිකන්නේ කට නිසා (නි)
සුසන්තිකා රටට විශාල ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩිකාවක්. ඇයට හොඳ අාරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලැබීමට සළස්වාදීම රජයේ යුතුකම වේ (නි)
ඇය ජාතික වස්තුවක්. ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසවා තැබුවේ ඇයයි. පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ. (නි)
මෙහම කියනවාට සමාවෙන්න. ගහනකොට වේගයෙන් දුවන්න තිබුණා නේද? එතකොට ඇයත් බේරිලා මහත්තයත් බේරිලා නේද? (නි)
මෙච්චර ගහනතුරුම මොකද බලාහිටියේ කියලා කව්ද අහනවා. බලා නොසිටියා නම් මෙයා නවතින්නේ අයි සී යු එකේ. හොඳම දේ තමයි කේන්ති ගිය හස්බන්ඩ් එක්ක එකට එක කතා නොකරන එක. (නි)
මෙය මුල්කොටගෙන සංවාදයක් පටන්ගත්තොත් මුළු රටේම පවුල් ජීවිත වලට යහපතක් වේවි. (නි)
ජයනි, නිකරුනේ ගුටිකන නෝනලා ගැන අහලා තිබෙනවා. නමුත් මෙතුමිය නිකරුනේ ගුටිකෑවා කියලා හිතන්න අමාරුයි (නි)
මොනවා වුණත් කාන්තාවකට පහරදෙන එක මම අනුමත කරන්නෙ නැහැ (නි)
ඔබතුමිය ඉක්මන් සුවය පතමි.! (ර)
නීතිමය පැත්තෙන් විසඳන්න ඕනෑ ඒවා ඒ විදිහට විසඳුනාවේ. ඇය අපේ රටට කීර්තියක් ගෙනදුන් කාන්තාවක් බව අපි අමතක නොකළ යුතුයි. (නි)
අනේ මටනම් මෙතුමිය ගැන හරිම කණගාටුයි. (ර)
මෙයාලගේ පුද්ගලික ප්‍රශ්න වලට අපි දුක්වෙලා වැඩක් නැහැ (නි)
ගෙදර ප්‍රශ්න බත් මුට්ටිය ඉදෙනකම් විතරයි. (නි)
විවාහ ජීවිතයේදී, එකිනෙකාට ගරු කරමින් සහ එකිනෙකා අවබෝධයෙන් සිටින්නේ නම් මෙවැනි ගැටුම් ඇතිවිය නොහැක. (නි)
අද කාලේ සිද්ධවෙන දේවල් වල හැටියට ගුටිකාලා බේරුනා ඇති (නි)
මටත් හරිම කණගාටුයි සිදුවුණ දෙයට (නි)
සුසන්තිකා ගැන අපි දන්නෙ නැහැ. හැබැයි ක්‍රීඩාවට නම් දක්ෂයි. (නි)
කාන්තාවක් මේ වගේ වෙලාවට අසරණවෙන තරම කියන්න බැහැ (නි)
වැරදි නම් වැරදියි. කට සැර අම්මලා නිසා පවුල් කඩාගෙන දරුවො අසරණ වුණාම ඒ දරුවොත් ලොකු වෙලා බනින්නෙ අම්මලාට. (නි)
උසාවියකට ගියත් දෙපැත්තෙම කරුණු අහලයි තින්දුව දෙන්නේ. සුසන්තිකාගෙ කතාව වගේම සැමියාගෙ කතාවත් ඇසිය යුතුයි (නි)
ලෝකෙට පේන්න පවුල් කෑවාට ගොඩක් අයගේ පවුල් වල තත්වය ඕක තමයි. මම දන්නා පිරිමියෙක් ඉන්නවා, එයා බිරිඳට ගහන්න බැරිකමටදෝ, බිරිඳගේ වැරදි අසල්වාසීන්ට කියමින් ඇවිදිනවා. ඒකට එයාගේ අම්මාත් හවුල් වෙනවා. අනේ මන්දා, උඩ බලාගෙන මුහුණටම කෙල ගහගන්නා මෝඩ මිනිස්සු. (නි)
සැකයෙන් සිටින සැමියා ගෙදර එනවිට ගෙදර කාමරේ පිටස්තර පුද්ගලයෙකුගේ ඇඳුම් බෑගයක්, ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් තිබුනොත් මොකද කරන්නේ? පොලිසිය උසාවියට ඉදිරිපත් කළේ ඒ දේවල්. ඒ නිසා ඇප ලැබුනා. (නි)
උපාලි , පහරදීම් පමණක් නොවෙයි, මිනීමැරුම් වගේ දේවලුත් ජනප්‍රිය චරිත වල ජීවිත සමඟ ගෑවිලා තියනවා. කොහොම නමුත් එතුමියට ඉක්මන් සුව පතමි (නි)
ඔබ දියුණු රටක ඉපදුනා නම්.... (නි)
අපි ඉවසලා ඉඳිමුකෝ මොකක්ද වුණේ කියලා දැනගන්නාතුරු (නි)
ගොඩක් කාන්තාවන්ගේ කටට නම් බ්රේක් නැහැ. (නි)
ගැහැණු වැඩිපුරම ගුටිකන්නෙ කට නිසයි (නි)
දුවල බේරෙන්න බැරි කෙනෙක්ද අප්පා මෙහෙම ගුටිකාලා තියෙන්නේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ මේචචර බරපතළෙට ඇතිවුණ ප්‍රශ්නය? (නි)
ඊයේ රෑ මෙතුමිය රූපවාහිණී නාලිකායක සජීවීව පෙනීසිටියා නේද? ගෙදර යන්න ඇති ප්‍රමාද වෙලාවද්ද? (නි)
ගැහැණියෙක් කියවනකොට පිරිමියාටත් කටින්ම උත්තර දෙන්න පුළුවන්නේ. අත උස්සල තියෙන්නේ නැහැදිච්චකමටයි. ගැහැණුන්ට ගහනවද හරිහමන් පිරිමි? (නි)
ඔව් රන්ජන්, අපි මෙයා ගැන ඉස්කෝලේ යන කාලෙ ඉඳලම දන්නවා (නි)
සුසන්තිකා තනියෙන් වුණත් ජිවත් වෙන්න පුළුවන් එඩිතර දක්ෂ කාන්තාවක්. ඔය මිනිහාගේ තාඩන පීඩන වලට ගොදුරුවෙන්න අවශ්‍ය නෑ. (ම)
සැමියා නිකන්ම ගහන්නෙත් නැහැනේ නේද? (නි)
ඇය ජාතික වස්තුවක්. ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසවා තැබුවේ ඇයයි. පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ.(ම)
අංගසම්පූර්ණ අඹුසැමියන් ඉන්නේ මොන රටේද? (නි)
දුක හිතෙන පින්තුර පෙළක්. පවුලේ ප්‍රශ්න වෙනමම සලකමු. ලංකාවේ නම ඔලිම්පික් ඉතිහාසයේ සටහන් කල සුසන්තිකාව ආරක්ෂා කරමු. පදක්කම ගෙනාවේ සැමියා නොව සුසන්තිකාය. (ම)
මහත්තයට මොකද මෙච්චර තරහා ගියේ? (නි)
බන්දුල, කවදාවත් බේබදු සැමියන්ගෙන් නිකරුනේ ගුටිකන නෝනලා ගැන අහලා නැද්ද? ලංකාවේ නොවෙයි වගේ ඉන්නේ. (නි)
මෙච්චර ගහනතුරුම මොකද බලාහිටියේ? (නි)
වැඩේ නම් කැතයි හොඳේ (නි)
මෙයාගේ කටට ගුටි නොකා හිටියොත් පුදුමයි .....(ම)
ඇයි මෙවැනි පවුල් ප්‍රශ්න මාධ්‍යයෙන් උලුප්පලා පෙන්නන්න හදන්නේ. ඒ කෙසේ වෙතත් ඇය ලංකාවට ලබාදුන්න කිර්තිනාමය ඔය මොකකටවත් යටකළ නොහැක. (ම)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (ම)
මම නම් ගැහැනියකට පහර දීම සාධාරණිකරණය කරන්නේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. ඒ නැතත් තමන්ගේ අම්මා කාගෙන් හරි ගුටිකනවා බලන් ඉන්න බෑ (ම)
ගැහැණියකුට අතක් උස්සන මිනිසා නරුමයේ සහ මෝඩ තිරිසනෙක් (ම)
අැයි මේ ප්‍රශ්නය පොලිසියට දුන්නේ එක ලොකු වරදක් ගෙදර දේ ගෙදර විසදා ගත යුතුය පිටින් ගිනි ගෙදරටත් ගෙදරින් ගිනි පිටටත් අවශ්‍ය නෑ කියල සුසන්ති දන්නේ නැද්ද (ම)
සුසන්තිකා විවාහ වෙනකොටත් ඔය මනුස්සයට මිනීමැරුමකට චෝදනා තිබුණා.පසුව නිදහස් වුණා කියලා ආරංචි වුණා. (ම)
අනේ අශෝකා, මව් පදවිය ලද පමණින් හැමෝම හොඳ අම්මලා නම් නෙමෙයි. අම්මද තාත්තද නෙමෙයි, වැරදි දේ වැරදි ලෙස දකින්න පුරුදු වෙන්න. (නි)
පිටරටවලත් තුවාල නැතත් රෝහල්ගත වෙනවා. එතකොට වන්දි වැඩියි (ම)
රෝහල් ගතවිම යනු ඵලය පමණි. මෙහි හේතුවත් සොයා බැලිය යුතුයි. නිකන්ම ගහන්න නම් පිස්සු විය යුතුයි. එහෙම බවක් මෙතරම් කලක් නම් සුසන්තිකා කියලා නැහැ.(ම)
නිතිය ඉදිරියට යනන් හිතාගෙන සිටිනවා නම් ඔබ කළයුත්තේ හැකිතාක් ඉක්මනට රෝහල්ගතවිම සහ පොලිසියේ පැමිණිල්ලලක් කිරීමයි. එය තමයි සාමාන්‍ය ක්‍රමය.(ම)
ඇය මාධ්‍යයට පෞද්ගලික දේවල් නොකියා ඉන්න තිබුණා. (ම)
අධි තක්සේරුවත් විනාසයට හේතුවක් ,???? (ම)
තහනම් ගහේ ගෙඩි කෑවා නම් ...දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ඔලිම්ලික් තියා මොනවා දිනුවත් දරුවෝ එන්න අම්මා කෙනෙක් මෙහෙමද හැසිරෙන්නේ (ම)