පොලිස් අණ නොතකා ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තරේ සිසුන්ට කොටුවේදී මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියයි.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුහු කැළණි සරසවියේ සිට අද (15) පෙළපාලියෙන් කොළඹට ආහ.
ශිෂ්‍ය භීක්ෂුහු ද මේ අතර වූහ. අද (15) පස්වරු 2.15 වන විට පෙළපාලිය කැළණි පාලම අසලට සේන්දු වී සිටියේය.
ජායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ජායාරූප - ලාල් එස් කුමාර















![5545[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55451.jpg)
![5554[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55541.jpg)
![5538[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55381.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප්, එ්කත් පහුගිය ආණ්ඩුවේ ගිණුමටද බැර කරන්න හදන්නේ? නීත්‍යනුකුලව පළමු වසරට දරුවෙක් දාගන්න සමහර දෙමව්පියෝ කොපමණ දුක් විඳිනවද? ජාත්‍යන්තර පාසල් පටන් ගනිද්දීත් මොනතරම් දේවල් කිව්වද? ඒවායෙත් ඉන්නේ දරුවෝ නේද? (නි)
ප්‍රයිවට් කැම්පස් ලංකාවට විතරද හොඳ නැත්තේ? ලෝකේ හැම රටකම තියනවා. අපේ ළමයි එහෙ ගිහින් හොඳට පාස්වෙලා ඇවිත් රටට සේවය කරනවා ඔය පිනට ඉගෙන ගන්න අයට වඩා හොඳට.සමහර දෙමව්පියෝ ගෙවල් දොරවල් විකුණලා උගන්වන්නේ.එයාල සල්ලි කාරයෝ නෙවේ.මගේ පුතාට ලකුණු 8ක් මදි වුනා මෙඩිකල් යන්න. මම තියන දේවල් විකුණලා පිට රටක රස්සාව කරලා දරුවට උගන්වන්නේ. (බ)
මෙතන සම්පුර්ණයෙන්ම තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. රට හරිමඟට ගන්න, දියුණු කරන්න නිසි අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබෙන්න ඕනෑ. රජයේ හෝ පෞද්ගලික කියලා වෙනසක් නැහැ, වැදගත් වෙන්නේ ප්‍රමිතිය. (නි)
මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම කුහක කම.අපේ රටේ දියුණුවට තියන ලොකුම බාධාව මේ වගේ ඊරිසියාකාර හැති කරයයි. මේවගේ ජරා දෙපා සත්තුන්ටද රටේ අනාගතය භාර ගන්න හදන්නේ. ඵක ලකුණකින් භගයකින් ලකුණු දෙකකින් අඩුවක් වුනා කියල ඵ් අයව කොන් කරන්න හදන ඵකද මනුස්සකම.(බ)
මේගොල්ලෝ ඉවත්කරලා ඉගෙන ගන්න ළමයි ටිකක් සරසවියට යැවුවා නම් නේද හොඳ? අපේ බදු සල්ලි වලින් ඉගෙනගන්නේ නැතුව මොනවාද මේ පාරවල් වල කරන වැඩ? (නි)
චමිලගේ දැනුම හොඳට පේනවා කියලා තියෙන කතාවෙන් (බ)
චාමලිත් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද කියලා හිතුණා කියලා තියෙන කතාව දැක්කම (බ)
සුසන්ත, ඔබේ අදහසට මගේ ප්‍රණාමය! උසස්පෙළ ලකුණක් අඩුවීම නිසා දරුවන් නිකමුන් වියයුතුද? අපි බුද්ධි ගලනයක් ගැන බෙරිහන් දෙනවා. ඒ පිටරටට ඇදෙන බුද්ධිමතුන් හොයාගන්නේ කොහෙන්ද? අපේ අයම කියනවා ලංකාවේ විශ්ව විද්‍යාලවල දෙන අධ්‍යාපනය රටට ගැළපෙන්නේ නැහැ, යල්පැන ගිහින් කියලා. පෞද්ගලික විශ්ව විද්‍යාල හැකි තරම් බිහිකොට රටට අවශ්‍ය උගතුන් ලබා ගතයුතුයි. (නි)
මේ ළමයින්ට මේවා කොච්චර කළත් ඇතිවීමක් නම් ඇත්තෙම නැහැ (නි)
පේනවා නේද අපේ අනාගත පරපුර. මේ අයට පිනට අධ්‍යාපනය දීලත් හරියට ඉගනුම කරගන්න දන්නේ නැ. සමහරවිට මේ අය සල්ලි දීල ඉගෙන ගන්න තත්වයට අවොත් ඔය ටික වෙනස් වේවි. මොකද නිකන් ලැබෙන නිසා එකේ හරි වටිනාකම දන්නේ නැහැ. (බ)
ලකුණු ටිකක් මදිවෙලා කැම්පස් යන්න මට බැරිවුණා. පස්සේ ටෙක් කෝස් එකක් කරලා රට ගියා. ඊටපස්සේ ඔය කියන කඩයක් හරහා යූකේ වල සරසවියක උපාධියක් කළා, සල්ලි ගොඩක් වියදම් කරලා. දැන් එම්එස්සී එකත් ගොඩක් දුරට ඉවරයි. අද මම හොඳ රැකියාවක් කරනවා (නි)
දොස්තරලගේ පුද්ගලික චැනල් කඩ වහපු දවසට පුද්ගලික විශ්ව විද්‍යාලත් වහමු (නි)
නොතේරෙන සිසුන්ටටත් වැඩිදුර අධ්‍යාපනයට සාධාරන අයිතියක් තිබිය යුතුයි. මේවට යන්නේ ධනපතීන්ගේ ළමයි නෙමෙයි. ධනපතීන්ගේ ළමයි යන්නේ විශ්ව විද්‍යාල වලට. මේක තනිකරම 'ළිං මැඩි මානසිකත්වය' සහ කුහකකම. (නි)
කම්ජි සහෝදරයා, ඇතැම් වෛද්‍යවරුන්ව එවැනි තත්ත්වයකට පත්කරනු ලැබුවේද පවත්නා ආර්ථික රටාව මගින්. අපි කියන්නේ අනාගතේ රජයේ රෝහලක අහිංසක දුප්පතුන්ට බෙහෙත් දෙන්න දොස්තර කෙනෙක් නැතිවෙයි කියලා. තේරුම් ගන්න ලක්ෂ සියගණනක් වියදම් කරලා උපාධියක් ගන්නේ දුප්පත් අසරණයන්ට රජයෙන් ලැබෙන බෙහෙත් ටික බෙදන්න නෙමෙයි කියලා. සේවාවක් මුදල් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න ඒකෙ ඉතුරු වෙන්නේ ලාභ ලබා ගැනීමේ අරමුණ මිසක් වෙන දෙයක් නෙමෙයි. (ර)
ලංකාවේ වෙදුන්ට පිනට ඉගෙන ගෙන ඉස්පිරිතාලෙන් කලින් පැනලා පුද්ගලික චැනල් සේවාවෙන් සල්ලි ගරන්න හොඳයි. හැබයි සල්ලි දීලා ඉගෙන ගන්න එක නරකයි. කුහක කමේ උපරිමය.(ම)
එහෙම කොහොමද ඇමති දුවල පුතාල කොහොමද ඉගෙන ගන්නේ? (බ)
අපේ පවුලෙත් දොස්තරලා තුන් දෙනෙක් ඉන්නවා. සල්ලි පස්සෙමයි දුවන්නෙ. මේගොල්ලොයි, දොස්තරලයි මේක පටන් ගන්න කාලෙ කට වහගෙන ඉඳලා දැන් වීරයො වෙලා (නි)
සල්ලි තියෙන මැට්ටෝ මැට්ටියෝන්ට ඉගෙන ගන්නලු නේ ඕවා දාන්නේ..? (බ)
මේ තට්ටුමාරු දේශපාලනය ඇති තාක් අධ්‍යාපනය ඇතුළු අනෙකුත් ගැටළු සියල්ල යොදාගන්නේ ඡන්ද ටික හොරාකන්න. ඒ නිසා මේ දේශපාලන පක්ෂ දෙකෙන් ඈත්ව විකල්පයක් කරා පියනගමු. (ර)
මේක පටන් ගත්තේ පසුගිය ආණ්ඩු කාලේ, එදා එළියට බැහැලා පටන්ගන්න පෙරම නවතන්න තිබුනනේ. (ර)
මේ වාණිජ ආර්ථිකයම තමයි ඔය කියන දැන් ඉන්න නරක දොස්තරලව බිහිකළෙත්. හැබැයි අමතක කරන්නෙපා රජයේ රෝහල්වල විශිෂ්ට සේවාවක් කරන වෛද්‍යවරු අතිබහුතරයක් සිටින බව. ඒ අයත් කඩේකින් උපාධිය ලබපු අය වුනානම් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඉන්නේ නෑ. හිතලා බලන්න ලක්ෂ සියගණනක් වියදම් කරලා උපාධියක් ගන්නේ මිනිසුන්ට සේවය කරන්නද කියලා. අනිත් එක තමයි මේකේ ඉන්න බහුතරය රාජ්‍යය විශ්වවිද්‍යාලයකට යන්න ලකුණු මදිවුණු අය. ඒ අයගේ සේවය ගැන කොහොමද සහතික වෙන්නේ. (ර)
ඒ ළමයි ඉගෙනගන්නේ දෙමිපියන්ගේ සල්ලි වලින්. ඔබලාට තියෙන්නේ ඉරිසියාව වෙන මොකුත් නෙවි. වෙන රටවලට ගිහින් බලන්න පෞද්ගලික යුනිවසිටි නැද්ද කියලා. ලංකාවේ කී දෙනෙක් පිටරට ගිහින් පෞද්ගලික ඉගෙනගන්නවද. මේ සල්ලි ඔක්කොම ඉතිරිකර ගන්න නම් තව පෞද්ගලික ඒවා දාන්න දෙන්න ඕන. පිනට උගන්වන එක නවත්තන්න ඕන මමනම් කියන්නේ. (ර)
මේ වගේ ඒවට පිළිතුරු දෙන්න ඕනෑ යහපාලනයෙන් නොවේ, යමපාලනයකින්. මොනවාහරි දැන ඉගෙනගත්තට, ආරේ ගති නෑරේ......කියලා කතාවක් තියනවනේ. (නි)
මේ ඉතින් අනාගතයේ රට බාරගන්න ඉන්න බුද්ධිමත් පරපුරනේ! (නි)
දැන් ඒ අය ඉගෙන ගන්නේ ඒ අයගේ සල්ලි වලින් නම්, මේ අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද ? (ර)
රටේ වෛද්‍යවරයෙකු විය යුත්තේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට පිවිසීමට ලකුණු අඩුවූ නමුත් ලක්ෂ ගණන් වියදම්කොට උපාධියක් ලබාගත හැකි අයෙකු නොව රෝගීනට හොඳින් සේවාවක් සැපයිය හැකි දක්ෂයෙකුය. (ර)
මේ උපාධි කඩ දැමීමේ හරි වැරැද්ද කෙසේ වුණත් ඒවගෙන් උගන්වල ලෝකයටම වෘත්තිකයන් බෙදා හැරලා ඉන් ලැබුණු අදායමෙන් තමයි ඉන්දියාව තමන්ගේ ආර්ථිකය ගොඩ ගත්තේ. අනික ඉන්දියාවේත්, ඇමෙරිකාවෙත්, තවත් බොහොමයක් රටවලත්, එම උපාධි කඩ වගේම ජාත්‍යන්තර මට්ටමේ ඉහලම ශ්‍රේණියේ උපාධි ආයතනත් තියෙනවා. තමන් කැමති එකකින් ඉගෙනගන්න කාගෙවත් බාධාවක් නැහැ. කැමති යට කඩවලින් උපාධි ගන්න පුළුවන්, අකමැති යට අර ලොව ප්‍රසිද්ධ ආයතන වලින් උපාධි ගන්න පුළුවන්. රැකියා වෙලන්දපොලේසි දක්ෂයට තැන ලැබෙනවා. උපාධි කඩවලින් උපාධි ලබා ඇති දක්ෂ ලෙස වෘත්තීය නියලෙන්නම් මෙන්ම අර නමගිය තක්ෂිලා වලින් උපාධි ලබා එ්ත් වැඩ බැරිව කටමැත දොඩවන අය සිටිනවා. (බ)
එතකොට උසස් පෙළ අසමත් වෙන අය මොකද කරන්නේ. (ර)
චන්ද්‍රා , මැති අමතිලගේ දූලා පුතාලට සල්ලි තියෙනවා ඇමරිකාවේ ගිහින් ඉගෙන ගන්න. (ර)
මල්ලිලා ලෝකයට විවෘර්ත වෙන්නේ නැත්තේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ.(හේ)
පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව මොකටද ? ලෝකේ ඕනෑම රටක පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා මෙතනින් සම්පුරන්යෙන්ම පෙනුම් කරන්නේ ඉරිසියාව හැම තැනකින්ම ඉගෙන ගන්නේ අපේ රටේ දරුවන් මුලිකම දේ ගුණාත්මක බව ඒ තුලින් පිටවන දරුවන් නිසි දැනුමකින් පිරිපුන්ද කියලා එහෙම නැතිව වහල දාන එක නෙමෙයි මම කැමති පෞද්ගලිකව කැමති තව පෞද්ගලික විශ්ව විද්‍යාල 10 වත් රට තුල අරිනවනම් එතකොට මේ තියන මාපියාව නැති කරන්න පුළුවන්.(හේ)
ලංකාවෙ ඉන්න බොහෝ මිනිසුන් තුල තියෙන කුහක ගතිය සහ ඉරිසියාව උපරිමයෙන්ම පෙන්නුම් කරන අවස්තාවක් මේගොල්ලන්ට සිමා, චාටඩ් , පරිගණක උපාධි පාස්වෙන අයට විරුද්ධ නෑද්ද... ඈයි මේකට විතරක්.. මේගොල්ල බයයි මේ පාස් වෙන අය මේ අයට වඩා හොදට ලෙඩ්ඩුන්ට සලකයි කියලා. (ර)
අමල් එහෙමමත් කියන්න එපා. මෙහෙම ගියොත් පාසල් නොගිහින් කෙලින්ම මුදලේ බලේට උපාධි ගන්න පුළුවන් වෙයි නුදුරු අනාගතේදී ඇති හැකි ඇත්තන්ට. ඔතන යම් අරුතක් තියෙන්න පුළුවන් අපි ඔයාලා නොදන්න. (ර)
ඇයි මොකද පුද්ගලික උපාධියක් ගත්තහම ඇති වරද? අනේ අපේ ලංකාවේ මිනිසුන්ගේ මොළේ තරම! තියෙන්නේ කුහකකම. මම වැඩකරන්නේ තායිලන්තයේ. මෙහෙ කොච්චර නම් පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවද? මුදල් ඇත්නම්, දැනුම ඇත්නම්, අධ්‍යාපනය කොහෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. (නි)
වෙනසේ සොඳුරු අස්ස්වන්න අපි නෙළමින් ඉන්නවා(කෞ)
නදීශා, ඔයාත් දරුවෙක් රජයේ යුනිවසිටි එකකය ගියානම් ඔයාටත් ඒ ඉරිසියාව නිකම්ම එනවා. එදාට ඔහොම කියන එකක් නෑ. මැටි මොලටික ගිහිල්ලා සල්ලි දීලා වෛද්‍ය උගාධි ගනියි. (ර)
බෙන්තර මහේෂ්, මොකද රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නේ, පිනට බෙහෙත් කරන දොස්තරලද? එයාලා තමයි හොදම කළුකඩ මුදලාලිලා (නි)
හරියට උපාධි පිරිනමන පෞද්ගලික විශ්ව විද්‍යාලවල වරද මොකද, උසස්පෙලත් සමත් වෙලා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ නොමැතිකම හේතුවෙන් පමණක්ම විශ්ව විද්‍යාල අද්‍යාපනය අහිමි දරුවන් ගෙදරට වී සිට පොල් ගෑ යුතුද? පිටරට යන්නත් සල්ලි නැති සාමාන්‍ය දරුවන් නේද මේවයෙත් ඉගෙන ගනුයේ, ඉතින් ඇයි මේ කුඩුකේඩුකම්? විරුද්ධ විය යුත්තේ රට හැම තැනම පැතිරී ඇති පිටරට උපාධි ලංකාවේ ලබාදෙන උපාධි කඩවලටයි (අර බිස්නස් කොලේජ් මේ ටෙක්නොලෝගී කොලේජ් කියා බෝඩ් එල්ලගෙන). හරියට පිළිගත් උපාධි ලබාදෙන ස්ලිට්, සයිටම් වැනි විශ්ව විද්‍යාල තව පටන් ගත යුතුය. (ර)
නදීෂා , පිනට උගන්වන එක නෙවේ පිනට පාර්ලිමේන්තු යවන එක නවත්තන්ඩ. දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ කොහොමද සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ , කන්නන්ගර මහත්තය වගේ මහත්වරු නැවත මෙරට බිහි වේවා කියලා පතන්න හැමෝම... (ර)
දැන් එතකොට මෙයාලා උසස්පෙළ පුද්ගලික පන්ති වලට වියදම් කරගෙන ගියේ නැද්ද? ඒවත් වැරදිනේ එතකොට (නි)
අධ්යාපනය ලැබීම අයිතියක්. රජයේ විශ්ව විද්‍යාලයකට නොතේරෙන ළමයෙකුට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීම නතර කරන්න කාටවත් අයිතියක් නැහැ. කරුණාකරලා කුහකකමින් බලන එක නතර කරන්න. (ර)
ඉගෙනගැනීමට තිබෙන කාලය සහ රටේ ජනතාවගෙ මුදල් නාස්තිනොකර ඉක්මනින් උපාධිය ලබාගන්න. මනාලෙස නියාමනයකට ලක්වූ පෟද්ගලික අධ්‍යාපන ආයතන ඉතා යෝග්‍යයයි. (ර)
ජාතික විශ්ව විද්‍යාලයට ලකුණු නොලබා සුදුසුකම් නොලබන පිරිසකට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් මුදලට ඇතිකළ විට ඇති වන අතිශය රටකට අයහපත් තත්වය වාහා නාවතා දැමිය යුතුයි. (ර)
දැන් ඔයගොල්ලෝත් පුද්ගලික චැනල් වැඩේ නවත්වන්න කැමතිද? මම නම් කියන්නේ මේ හැමෝගෙම මොළ නරක්‌වෙලා. පිටරටවල උසස් අධ්‍යාපන සිසුන් තමන්ගේ වියදමෙන් අර්ධ කාලීන රැකියා කරමින් ඉගෙනගන්නේ. මේගොල්ලන්ට බෙඩ් ටී එකේ ඉඳලා අතට ලැබිලා අනුන්ගේ ඉගෙනීමට ඊර්ෂ්‍යාවේ නිමක් නැහැ (නි)
තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරලා අවසන්කරලා ගෙදර එන්න දරුවනේ. මොනවද මේ විකාර? (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙන්නේ ඉන්දියාව වගේ නොදියුණු රටවල විතරය්. ලෝකේ දියුණු රටවල නෑ. නොදන්නා දෙයක් පොඩ්ඩක් හොයල බලලා කතා කරන්න (බ)
සුසන්ත ඔබ කියන දේ හරියටම හරි. (ර)
මට නම් සල්ලි තියෙනවා අපේ ළමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට යවන්න. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ (නි)
හිතන් ඉන්නේ සල්ලි දීපු ගමන් උපාධියක් දෙනවා කියලා. (ර)
නදීෂා, අමල්, සුසන්ත, සුරංග, මහිමල්, කම්ජී, අනුර, සමන්ත, අන්වෙර්, සමන්, ඔබගේ ප්‍රතිචාර හරියට හරි. මේවා සියල්ල ඊර්ෂ්‍යාවට කරන දේවල්. පෞද්ගලික විශ්ව විද්‍යාල තව තවත් ඇතිකළත් වරදක් නැහැ (නි)
මේ ගොල්ලෝ බොරුවට කැගහන්නේ. දොස්තර උනාට පස්සේ මේගොල්ලෝ පිටරට ගිහින් ඉගෙන ගෙන එනවා. ඊට පස්සේ අසරණ මිනිස්සුන්ව හුරගෙන කනවා. අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපිවම හුරගෙන කනවා. (ර)
මාලඹේ සිසුන් හොඳට ඉගෙනගන්නවා. ප්‍රායෝගික පුහුණුව ලබනවා. අනෙක් අය පෙළපාලි යනවා. අට්ටාල ගහගෙන ඉන්නවා. සුසන්ත, නදීෂා, අනුර, දිනේෂ්, ඔබට ස්තුතියි සත්‍ය පෙන්වා දුන්නාට. (නි)
එක පෙළපාලියකට කදුළු ගෑස් , අනිකට පොලිස් ආරක්ෂාව. ලජ්ජා නැත්ද (බ)
පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන අය ඇයි පෞද්ගලික රෝහල් එපා කියන්නේ නැත්තේ. මට මේක පහදලා දෙන්න පුලුවන් ද? (බ)
ලංකාව පාලනය කරන්නේ ඉන්දියාවේ අගමැති නේ , ඒ නිසා ඔය ජනාධිපති මැදුරට ගිහින් වැඩක් නැහැ (බ)
කරුණාකර නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථය තේරුම් ගන්න. රාජ්‍ය සරසවි යනු පිනට උගන්වන ආයතනයක් නොව සියලු පුරවැසියන්ගේ බදු මුදලින් සමාජයේ යහපත් ප්‍රගමනයකට පුරවැසියන් සන්නද්ධ කරනු ලබන ස්ථානයකි. පෞද්ගලික වෙද විදුහලක් යනු අනාගතයේ ලෙඩුන් පාරිභෝගිකයන් සේ සලකා මුදල් ගරා ගැනීමට කරනු ලබන ආයෝජනයකි, ඉන් බිහිවන්නා වෛද්‍යවරයෙකු නොව වෙද මුදලාලි කෙනෙකි. (ර)
සතටු වෙයල්ලා ........ ඉරිසියාව ඇත ඇරපල්ලා. (හේ)
සියලුම පිටරට වෛද්‍ය උපාධි ගන්න අය ලංකාවේ වෛද්‍ය වරයෙක් ලෙස ලිය පදිංචිවීමට විශේෂ විභාගයක් (act69) සමත් විය යුතුයි. එය රටේ නීතියයි. සයිටම් එකේ අයටත් එමනීතිය ක්‍රියාත්මක විය යුතයි. එම විභාගේ සමත් විය නොහැකි මැට්ටන්ට රජයේ වෛද්‍ය වරයෙක් ලෙස ලියාපදිචි විය නොහැකිය. නීතිය එලෙස සාධාරණ විය යුතයි. (ර)
මෙය අරම්බකලේ පහුගිය රජය කාලේ, එදා නැති විරෝධයක් අද මොකද ? (ර)
මහජන මුදලින් නිදහස් අධ්‍යාපනය ලබන දොස්තරලා එලියට ආපු දා ඉඳලා හරියට ගන්න පඩියට රටට පොදු ජනතාවට යුතුකම් ඉටු කරනවද .සල්ලිවලට ඔක්කොම අමතක වෙනවා තමන්ට පාඩු වෙනවා නම් නම් සදේ දානවා නැත්නම් ගොළුවෝ .වෙලාවට රාජකාරියට යන්න වෙලාවට එලියට එන්න අකමැති ඇයි.(හේ)
අනේ අපේ දරුවන්ට ගිය කලක්. අපි ඡන්දෙ දුන්නේ මේකටද.? (ර)
රට තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය තව තවත් ගොඩ නැගිය යුතුයි ! අධ්‍යාපනය යනු මානව දයාවෙන් පිරි යහපත් පිරිසක් රට තුල ගොඩ නැගීම ඒ තුලින් රට දයුණු වෙනවා වගේම මානව දයාව ගොඩ නැගෙනවා. දැන් කරන වැඩෙන් වෙන්නේ යම් පිරිසක් සමාජයෙන් කොන්විමක් ඒ හින්දා සැමට හොද අද්යහ්පනයක් අවස්සයි හැමෝට තමන්ගේ අරමුණු කරා යන්න ඉඩ දෙන්න අපි හැම විටම සිතිය යුක්තේ මනුස්සයන් හැටියට සදාචාර සම්පන්න විදියට ඉදිරිය දකිමින්.(හේ)
අද ඉන්න දොස්තරලත් කඩ දාගෙන තමයි ඉන්නේ. නගරයක චැනල් සෙන්ටර් දුසිම් ගාණක් චැනල් කරන්න රුපියල් 1000ක් ගන්නවා. විනාඩි පහයි. හොස්පිටල් එකේ ඔපරේෂන් කරන්නත් ප්‍රයිවට් එකේ දොස්තර චැනල් කරන්න ඕනේ. මේවා කාට කියන්නද ? (බ)
ඉන්දියාවේ ,බංගලාදේශයේ ,නේපාලයේ ,සිංගප්පුරුවේ ,මලයාසියාවේ ජැමෙයිකාවේ , වගේ රටවලටත් අපේ ළමයි මෙම උපාධියම හදාරනවා.ඒ විශාල මුදල් ප්‍රමාණයක් දීල.සල්ලි තියන ළමයි විතරක් නොවෙයි මේවායේ ඉන්නේ.මධ්‍යම පන්තික දෙමවුපියන් සේසත වියදම් කරලා මේ වියදම් කරන්නේ.පිට රට යවන්න වියදම් කරන්න ඔරොත්තු නොදෙන නිසා. (බ)
මේ විරෝධතාවයට වෛද්‍ය ශිෂ්‍යයෝ කීදෙනෙක් සහභාගී වුනාද? (ර)
මාත් ඔය පිකෙට් එකට ගිය කෙනෙක්. මගේ මතේනම් ඔය කියන උපාධි කඩ වාහන එක නෙමේ. ඒවා ජනසතු කරන්න. (ර)
බෙන්තර මහේෂ්, දැන් නිදහස් අධ්යාපනය ලබලා එන වෛද්‍ය වරු දොස්තර මුදලාලි නෙමෙයිද? කාටද මේවා කියන්නේ. (ර)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවත්වගේන යනවානම් එය නිවැරදි ප්‍රමිතියකට අනුකුල විය යුතුවේ . එතකොට වැඩබැරි අය මගම හැලෙයි සල්ලි තිබ්බත් හොඳ දක්ෂයෝ විතරක් එලියට එයි. (ර)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලටත් තියෙනවා. බොහෝ රටවල්වල විශ්වවිද්‍යාල ඉගෙනුමට මුදල් අයකරනවා. එහෙම ලංකාවෙත් තිබුනානම් මෙහෙම පෙලපාලිත් උද්ගොසනත් අද දකින්න නැතිවෙයි. මේ ළමයින්ව අනාත වුන අයගේ අතකොළුවක් වීම හරිම කණගාටුයි. වැරදි කළ සියල්ලම කුඩු කරනතුරු මෙයින් ගැලවීමක් නැහැ. (බ)
අනේ මන්දා මෙයාල මාලබේට කෑ ගහනවා උපාධි කඩ කියලා. එතකොට ජපුර, මොරටුව, පේරාදෙණිය, කැලණිය වගේ කැම්පස් වල දෙන එම්.ඒ., පීඑච්ඩී. වගේ ඒවාට සද්ද නැහැ. (නි)
ඔයාල ඔච්චර දොස්තරලා ප්‍රයිවට් කරනවා කියලා බනින්නේ ඇයි? ඔයාලට සල්ලි දීලා බෙහෙත් ගන්න අකමැති නම් ඔච්චර බනින්නේ නැතුව ඉස්පිරිතාලෙට ගියා නම් හරි කියලයි මට හිතෙන්නේ. ඒ මිනිසුන්ට සමාජයේ ගෞරවයක් තිබෙන නිසා නේද? (නි)