IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සිසුන්ට උණ : සබරගමු සරසවිය වහයි

මේ දිනවල පැතිරෙමින් පවතින උණ රෝගයක් හේතුවෙන් සබරගමුව සරසවිය ලබන 20 වැනි දා තෙක් වසා දැමීමට පියවර ගත් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන්  කරයි. 

පසුගියදා කෘෂි විද්‍යා පීඨයේ පළමු හා දෙවැනි වසරට නිවාඩු ලබාදී තිබූ අතර ඉකුත් බදාදා වන විට කෘෂි විද්‍යා පීඨයේ සියලුම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසා  දැමිණි. කෘෂි පීඨයට නැවත අධ්‍යනය කටයුතු 11 වැනි දා ආරම්භ වීමට නියමිතව තිබුණත් සියලුම පීඨයන්ට 08 වැනි දා සිට විවේක නිවාඩු ලබාදී ඇත.  

නේවාසිකාගාරවල සිසුන් අතර උණ රෝගය පාලනය කිරීම, නේවාසිකාගාර පිරිසිදු කිරීම, ජලය පරීක්ෂා කිරිම , රෝගය  පැතිරයාම වැළැක්වීමට ආරක්ෂිත පියවරයන් යෙදීම සඳහා සිසුන්ට විවේක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙන බව ශ්‍රි ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති එච්.එස්.ආර්. රොසයිරෝ මහතා පැවසුවේය.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සිසුන් 08 වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා අධ්‍යනය කටයුතු සිදු නොකෙරෙන බවත්  සියලුම  සිසුන්  09 වැනි දා පස්වරු 06 ට පෙර විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවට නිවේදනය කර සිටියි. 



අදහස් (0)

සිසුන්ට උණ : සබරගමු සරසවිය වහයි

සෑම් Friday, 08 July 2016 08:13 AM

එක්කෝ ස්ට්‍රයික් , නැත්නම් පන්ති වර්ජන, ඊළඟට උද්ඝෝෂණ, යාන්තම් ඒවා ඉවර වෙනකොට උණ?? නාකි වෙලා තමයි උපාධිය ගන්න වෙන්නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site