සම්බුද්ධ ශාසනයේ පවතින අඩුපාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් අවශ්‍ය සංගායනාවක් කිරීමට හොඳම කාලය යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ අද (4) කොළඹ 7, එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
අතීතයේ සිටි රජවරුන්ද මෙවැනි සංගායනාවන් පවත්වා ඇති බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එම අතීත රජවරුන් හා මුතුන් මිත්තන් කළ කාර්ය භාරයේ දිගුවක් ලෙස එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැඳින්විය හැකි බවත් උන්වහන්සේ කීහ.
‘ශාසනය විධිමත් කිරීමටත්, අඩුපාඩු සකස් කිරීමටත් හොඳම කාලය මේ කාලයයි. තවම අපේ ශාසනනය විනාශ වී නැහැ. ශාසනයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක ආයතන, උගත් වියත් භික්‍ෂූන් වහන්සේලා අප සමග සිටිනවා. ඒත් මීට වඩා යමක් අපට ශාසනය වෙනුවෙන් කළ හැකියි. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එන්නේ ඒ වෙනුවෙනුයි. බොහෝ දෙනෙකුට එකග විය හැකි දේවල් මේ පංචවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ තිබෙනවා. බුදු දහම වෙනුවෙන් කළ යුතු දේත් මෙහි පෙළගස්වා තිබෙනවා‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දේශපාලනය? (නි)
හාමුදුරුවනේ, ස්වාමින්වහන්සේලාට දේශපාලනය කිරීම තහනම් කරන්න (නදී)
අපෙ හාමුදුරුවනේ බුදුන් වහන්සේ මොන පක්ෂයේද ? (නදී)
එහෙයි අපේ හාමුදුරුවනේ, ගිහි පැවිදි දේශපාලුවන්ගෙන් සාසනය බේරාගත යුතු කාලය එලඹ ඇත. (නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම්! (නි)
එ්ක හරි, මුලින්ම ඔයගෙන්ම පටන් ගත්ත නම් හරියට හරි (නදී)
මේ දන්නේ නැතිකමටයි අහන්නේ. ඔබවහන්සේලා ඔය දැන් කරන්නෙත් ඒ ටිකම නේද? තමා ඇදේට යන ගමන් අනිත් අයට කෙළින් යන්න කියනවා වගේ වැඩක් තමා. හාමුදුරුවනේ අපීට ඕවට හිනා (නි)
හිමිවරු දේශපාලනය කරන එකද නැවැත්විය යුතුයි (නි)
හිමිවරුන් ශාසනෙන් ඉවත් වුණානම් වෙනත් සංගායනා අනවශ්‍යයි. (නි)
අපේ හාමුදුරුවනේ වැඳලා කියන්නම් හාමුදුරුවන්ට දේශපාලනය නොකරන්න ක්‍රමයක් පිලියල කරදුන්නොත් හොඳටෝම ඇති.(නදී)
චීවරේ ඉදගෙන මෙයලම නේ බුදුදහම විනාශ කරන්නේ.අලුතෙන් මුකුත් කරන්න ඕන නෑ.ඔබවහන්සේලා කරන ඔය දේවල් නවත්තල රටේ මිනිස්සුන්ට බුදු දහම උගන්නල යහමගට ගන්න.මේ රටේ කිසිම දේශපාලකයෙක් ඒවා කරන්නේ නෑ.හාමුදුරුවරුන්ට අයත් වැඩේ කලානම් මෙච්චර අපේ රට පිරිහෙන්නේ නෑ.ටිකෙන් ටික මිනිස්සු මෙවන් ඈත් වෙන්න හේතුව තමා අපේ රටේ දේශපාලනයේ ඉන්න හාමුදුරුවරු.රටට ආගමට ආදරයක් තියනවනම් දේශපාලනේ පස්සේ නොයා ඒ සේවය කරන්න පුළුවන්.පුලුවන්නම් හාමුදුරුවරුන්ට දේශපාලනේ කරන්න බැරිය කියල පනතක් අරන් එන්න.අපිට මේවා දැකල කලකිරෙනවා.ඕන කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ මොකද කියල.දෙපැත්තට කඩේ යන එක නවත්තල සාසනේ රැක ගන්න වැඩ කරන්න කියල දේශපාලන පක්ෂ වලට කඩේ යන සහ ඡන්දෙ ඉල්ලන සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලනවා. (බ)
අනේ හාමුදුරුවනේ ඔබ වැනි හාමුදුරුවෝ නිසයි අද ශාසනයට සංගායනා තියන්න වෙලා තියෙන්නේ, ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට..(බ)
අනේ හාමුදුරුවනේ, සසුන පිරිසිදු කරන්න කලින් ඔබවහන්සේලා පිරිසිදු වෙන්න. ඔබවහන්සේලාගේ ඇඟේ දේශපාලන මඩ ගෑවිලා (නි)
ගැටලුව ඔබ වහන්සේද ඇතුළුව සංග පරපුර බුදුන් වහන්සේගේ නායකත්වය වෙනුවට දේශ පාලන නායකත්වය පිලි ගැනීම වේ (නදී)
මමත් හිතනවා එහෙම කරන එක හොඳයි කියලා (නි)
සාදු, සාදු, සාදු; ඔබ වහන්සේත් අනුගමනය කළානම් හරි (බ)
උපවාස කරද්දී අට්ටාලය පිටින්ම උස්සන් ගිය අය සමග එකට එකම වේදිකාවල දේශපාලනය කරන උන්නාන්සේලා ගෙනුත් සාසනය රැක ගන්න ඕනා හාමුදුරුවනේ. කොහොමටත් මේ දේශපාලනය නිසා බොහොමයක් හාමුදුරුවරු ජනතා පිළිකුලට පත් වෙලා.(නදී)
එහෙමනම් පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ කරන්න වෙනවා. (නි)
ෙමය ඉතාම හොඳ අදහසක්. සංගායනාවට තෝරාගත යුත්තේ ධර්මධර , විනය ගරුක, සදාචාර සම්පන්න භික්ෂුන් පමණකි. (නදී)
පළමුව දේශපාලනයෙන් ඈත්වෙන්න ඕනෑ (නි)
එතකොට ඔය පාංශුකූල වලට දානමාන වලට වඩින්නේ නැතුව ඡන්ද රැස්වීම් වලට යන උන්නාන්සේලාට මොකද වෙන්නේ? (නි)
මමත් ඔබවහන්සේගේ අදහස අනුමත කරමි. (නි)
මේ ගොල්ලෝ ශාසනේ ශුද්ධ කළොත් බුදුහාමුදුරුවොත් ශාසනෙන් ඉවත් කරලා, ඒක පක්ෂයක් හැටියට ලියාපදිංචි කරයිද දන්නෙ නැහැ. අනේ දෙවියනේ! මේ ශාසනය රැකගන්න. (නි)
මුන්වහන්සේලගේ කතා අහලා අපිටයි දැන් සසර කළකිරිලා තියෙන්නේ. (නි)
මොනවා නැතිකළත් අපේ ශාසනය නම් නැතිකරන්න එපා (නි)
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඉස්සෙල්ලම දේශපාලනේ කරන හාමුදුරුවෝ සසුනෙන් ඉවත් කරමු. (නදී)
දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුවනේ? (නි)
පන්සල් දේශපාලනය නිසා අපේ පක්ෂයට වගේම අනෙක් පක්ෂ වලටත් මහා නස්පැත්තියක් වුණා. මේක මගේ අදහසක් විතරක්ම නෙමෙයි, අපේ ගොඩක් දෙනෙක් කියන කතාවක්. (නි)
හාමුදුරුවෝ දේශපාලන කටයුතු වලට බැස්ස නිසයි ධර්ම සංගායනාවක් තියන්න වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න ඉතාමත් ශීලවත් සංඝයා වහන්සේලා අදත් ඉන්නවා. (නි)
බොහොම හොඳයි හාමුදුරුවනේ! (නි)
ඊටපෙර කළයුත්තේ බුදුන් දෙසු දහම දේශපාලුවන්ගේ අතකොළු බවට පත්වූ චීවරධාරීන්ට කියාදීමයි (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කට කියමිද? ඒ අවනඩුව?(ම)
යු එන් පියත් එක්ක බුදුසසුන ආරක්ෂා කරන්න ! (නදී)
සමහරු නම් තැටිය රත් කරනවද මන්දා රොටි කන්න? (නි)
හොඳ අදහස. සංගායනාවක් කළොත් නරකද ? බුදධ ශාසනයේ චිරස්ථිය උදෙසා (ම)
තවත් රට සහ ආගම විනාශ නොකර දැන්වත් තීරණයක් ගන්න (නි)
අපට සසර කළකිරිලා තියෙන්නේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ! (නි)
එහෙනම් ඔතනින්ම පටන්ගනිමු (නි)
ශාසනය සෝදා පිරිසිදු කරනකොට පළමුව සෝදාහරින්න ඕනෑ දේශපාලන හාමුදුරුවරු (නි)
අදහස නම් හොඳයි. ඔබවහන්සේ මේ ගැන හිතපු එකම මදෑ (නි)
ඇත්තම තමයි. ඔබවහන්සේම පටන්ගත්තා නම් නොවැ හොඳ. (නි)
මුලින්ම එළවන්න ඕනෑ කාවද කියලා අපි කියන්නද? (නි)
මෙයාලා හදන්නේ බුද්ධ ශාසනයත් ප්‍රතිසංස්කරණය කරන්නද? සංගායනා වෙනයි සංශෝධන වෙනයි. (නි)
සසුන මුලින්ම බේරා ගතයුත්තේ, දේශපාලන චීවරධාරින්ගෙන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම් (නදී)
ප්‍රථමයෙන් ආගමට වැඩ ඇති පිරිසක් තෝරන්න. දැන් ඉන්නේ දේශපාලනයට කත් අදින්නෝ. (නදී)
අද අපේ ස්වාමින් වහන්සේලා දේශපාලුවන්ගේ ඉත්තෝ වෙලා. එබැවින් ස්වාමින් වහන්සේලා රටේ බහුතර ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා, දේශපාලන චීවරධාරින්ගෙන් බුදුසසුන බේරාගැනීමට අලුතෙන් විනය නීති මාලාවක් පැනවීමට කාලය ඇවිල්ලා. 4 වැනි දර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ පවත්වමු. (නදී)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
සුදේශ්, නියම කතාව (නි)
ඔබවහන්සේ බුදුදහමේ උන්නතිය සම්බන්ධව කතා කිරීම ගැන සතුටුයි. එහෙත් සතරඵල සාක්ෂාත් නොකළ හුදු පෘතග්ජනයෙක් නම් ඔබවහන්සේ ඊට නුසුදුසුයි. (නි)
ඔබ වහන්සේලා දේශපාලනයෙන් ඈත් උන දාට බුද්ධ සාසනය නිකම්ම පිරිසිඳු වෙයි අපේ හාමුදුරුවනේ. (නදී)
ඔව්, මමත් හිතන්නේ එ්ක හොඳයි. සමහර එකම බණක් දෙවිදියකට අහන වාර මටත් අහුවෙලා තියෙනවා කීපවතාවක්. පළමුව සියලුම හිමිවරු දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන. මොකද අපි හිමිවරුන්ගේ දානය නොකඩවා ලබාදෙන නිසා. එ්ත් සියලුම හිමිවරුන් වෙනුවෙන් ප්‍රදාන හිමිනමක් විතරක් පාරලිමේන්තුව නියෝජනය(නිතරඟයෙන්) වෙන්නත් ඕන කියන පදනමේ මම ඉන්නේ. (නදී)
ගරු ස්වාමින් වහන්ස, භික්ෂුත්වයේ අරමුණ කුමක්ද..? භික්ෂුව ට දේශපාලනය අවශ්‍යම නම් දේශපාලනයේ අනුශාසකයෙක් හා උපදේශකයෙක් පමණක් විය යුතුයි. පාර්ලිමේන්තු නියෝජනය භික්ෂුත්වයට නිගරුවක් බව ඔප්පුවී හමාරයි. ශාසනය පිරිහීමට එයම හේතුව වේ.(නදී)
උඩ බලාගෙන කෙළ ගහගන්න එපා (නි)
හරියට හරි. ලොව්තුරු ගමන අමතක කර තම වාසියට ජනතාවට පීඩා කරන දේශපාලනයේ සක්‍රීයව යෙදී සිටින සියල්ලන් සසුනෙන් පන්නා දැමිය යුතුයි. (නදී)
හාමුදුරුවරු දේශපාලනයට අවතීර්ණ වූවාට පසු බුදුදහම දිනෙන් දින කෙළෙසී යනවා කියන්නේ ඉතා සංවේගිශීලීව. ධර්ම සංඝායනා කෙසේවෙතත් හාමුදුරුවරු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බුුුදු දහම රැකගැනීමේ පළමු පියවරයි...! (නි)