වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එබැවින් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(28දා) පැවසීය.
පෙළපාලියකින් සිකුරාදා (27දා) පාර්ලිමේන්තුව අසලට පැමිණි සිසුන්ටද තමා සමග සාකච්ඡාකිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද කිසිදු සිසුවෙකු ඒ සඳහා නොපැමිණි බවත්, තමා ඔවුන් පැමිණෙන තුරු හවස් වනතුරුම පාර්ලිමේන්තුවේ රැදී සිටි බවත් අමාත්‍යවරයා කීය.
‘අපි ඇවිත් ඉන්නේ සිසුන් බලාගන්න. ඔනෑම අවස්ථාවක අපි සුදානම් සිසුන් එක්ක කථාකරන්න. පෙළපාලී යන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා කරන්න පැමිණෙන්න . අපි ආවේ ඔවුන් බලාගන්නයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන්ට කරන්න තියෙන්නේ පෙළපාලි ගිහින් ගුටිකන එක නොවෙයි. ඔබට නුවණ තිබෙනවානේ. දේශපාලඥයින් මට්ටුකරන්න ඔබට පුළුවන් (නි)
අනේ ඇත්තට? හරි පුදුමයි (නි)
ඉස්සරත් ඔහොම බලාගත් හැටි අපිට හොඳට මතකයි (නි)
ඒ මොකටද? අපි බලමුකෝ (නි)
ඇමතිතුමා එකපාරටම වෙනස් වෙලාද මන්දා. කොහොම වුණත් ඔලු පලනවාට වඩා සාකච්ඡා මඟින් විසඳාගන්න එක නම් බොහොම හොඳයි (නි)
අහන්නත් සතුටුයි (නි)
සිසුනි දේශපාලකයන්ගේ ජන්ද පදනම් විනාශ කරන්න.(ම)
ඊස්ටර්න් ඉංජිනියරින් ෆැකල්ටි එකේ ප්‍රශ්නෙ විසඳල දෙන්න එහෙනම්. ඒ ළමයි කී වතාවක් ආවද ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන්න? අන්න දැං කැන්වස් එකක අත්සන් එකතු කරනවා..(බ)
කොතරම් සාකච්ඡා කළත් විසඳුම් නොලැබෙනවිට පාරට බහින්න වෙනවා අවසාන තුරුම්පුව විදිහට. ඒ මොහොතට සිසුන් පත්වනුයේ පාලකයන් අවධානය යොමු නොකරන නිසයි. අත්දැකීමෙන් මා කියන්නේ සිසුවකුට පාරට බැහැලා කෑගහන්න ආසාවක් නම් නැහැ. (නි)
ආවට පස්සේ මොකක්හරි ප්‍රශ්නයක් ඇතිකරන්න නම් එපා. මොකද අපි නොදන්නා දේශපාලඥයින්ගේ සාකච්ඡා... (නි)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පැනනැඟී ඇති ගැටලුව පිළිබඳව කොතරම් කතාකළාද ඔබතුමා සමඏ? කෝ විසඳුම්? (නි)
අපි දන්නවනේ ඔය කතා ඉතින්... (නි)
අනේ මන්දා මේවා! (නි)