
(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 32 දෙනකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කල බව හංවැල්ල පොලිසිය පවසයි.
පාසල් ළමුන් රැගෙන එමින් තිබූ ලබුගම කොළඹ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය කොළඹ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තර බස් රථයක් ඉදිරිපස දොර අසල සිර වී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන නවගමුව රෝහලට ඇතුලත් කර තිබූ බවත් පොලිසිය පවසයි.
රෝහල් ගත කල ළමුන් අතුරින් 21දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් හය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් නවගමුව දිසා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
නවතා තිබූ ඇඹිලිපිටිය කොළඹ මගී බස් රථයෙහි සිසු සැරිය බස් රථය ගැටී ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් අපරික්ෂාරී ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ අනතුරට සම්බන්ධ සිසු සැරිය බස් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

-----------------------------------
(බුද්ධික කුමාරසිරි)
රනාල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිසුන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා රනාල දිසා රෝහලට ඇතුළත් කළ බව තංගල්ල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd