කොණ්ඩය අමුතු අමුතු තාලයට කපා අත් දිග සුදු කමිස ද ඇඳ පාසල් ආ සිසුන් 20 දෙනෙකු ගලගෙදර මධ්‍ය මහ විදුහලෙන් එළියට දැමු බව විදුහල් ආරංචි කියයි. එම පාසලේ අත් දිග කමිස ඇදිමට අවසර ඇත්තේ ශිෂය නායකයන්ට පමණි. පාසලෙන් එළියට දැමු සිසුහු අත් දිග කමිස කොට කර දැමිමටත් කොණ්ඩය කපා ගැනිමටත් ටේලර් හා බාබර් සාප්පු කරා ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විදුහල නවගත්තේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට එහෙම අයිතිද නැතිද කියල හොඳට හොයල බැලුවද ශිෂ්‍යයින්ව එලියට දාන්ට ඉස්සෙල්ල ?. නැතිනම් දන්නවනේ වෙන දේ ? (බ)
මේවා හොඳ වැඩ. ඒ උනත් අන්තිමේදී විදුහල්පතිට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. (ස)
බය වෙන්න එපා. මෙතැනදී යහපාලනය වැඩ කරාවි. (ස)
විදුහල් පතිතුමනි,කළ දේ හරියටම හරි තම පාසලේ නීතියට ගරු නොකරන කෙනා රටේ නීතියටත් ගරු නොකරන බව පැහැදිලි වෙනවා කරුණාකර මේ ළමුන්ගේ දෙමාපියන් ගෙන්වා දැනුවත් කරන්න (බ)
මනුසයෙක් කොණ්ඩය තාලයට මනින්නෙ මොන මිම්මෙන් ද ? කොණ්ඩය දිගට තිබ්බම විනය ගරුක ද ? කොටට තිබ්බම විනය ගරුක ද ? කොණ්ඩය නැත්නම් මොකද ? කවද මේ මානසික තත්වෙන් ගොඩ යයිද ? (ස)