(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ සිසුන් 100 ට අඩු පාසල් 2962 ක් ඇති බවත් එම පාසල් පළමුවෙන්ම වීවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
සිසුන් 50ට අඩු පාසල් 1439ක් ද, සිසුන් 50ත් 100ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 1523ක් ද ඇති බව කී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ අගෝස්තු මස අවසානයේ එන්නත්කරණය අවසන් වූ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් විවෘත කළ හැකි බවය.
පාසල් අඛණ්ඩව වසා තැබීමෙන් දරුවන්ගේ ජීවිතවලට නැවත පිරවිය නොහැකි පාඩුවක් වන නිසා දිගින් දිගටම පාසල් වසා තැබිය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් 100ට අඩු පාසල් මොනවටද තවදුරටත් තියාගෙන යන්නේ... ළඟ ඇති පාසලක් දියුණු කරලා ඒ ළමයි ටිකත් ලොකු පාසලට දාන්නකෝ... පොඩි ඉස්කෝලයයි, පොඩි ඉස්පිරිතාලයයි, පොඩි තැපැල් කන්තෝරුවයි තියාගෙන හරියන්නේ නැහැ...