
( අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දිගටම කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ.
ඔවුන්ගේ තොරතුරු වෙනසක් නොකරන බවත් යම් සභාපතිවරයකු හෝ අධක්ෂක මණ්ඩල සාමාජිකයකු වෙනසක් කළ යුතු නම් ජනාධිපතිවරයාගේ එකඟත්වය මේ සඳහා ලබාගත යුතු බව ජනාධිපති ලේකම්වරයා 11 වැනිදා යොමු කර ඇති ලිපියේ සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව රජේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ව්‍යවස්ථාපිත අය නොවන ප්‍රධානීන් පත් කළේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකමක් නැතිව වරාය සහ නාවික අැමතිකමට පත්කර, රට රැකුමට විශිෂ්ඨ සේවයක් කළ හිටපු හමුදාපති දැන් වරායේ සභාපති දයා රත්නායක මහතාට කොහෙද යන අයෙකුට ‘සර්‘ කියන්න සැලැස්වීම ගැන ආණ්ඩුවේ නායකයන් කෙරෙහි අැත්තේ දැඩි කණස්සල්ලකි. ඉතා වැදගත් රටට අාදායම උපයන මෙවැනි ප්‍රධාන අමාත්‍යාංශයක් මෙවැන්නෙකුට පැවරීමෙන් රටක් දියුණු කළ හැකිද? වියත් මග කියන්නේ මේකටද?
අමාත්‍යාංශ විසුරුවලා නැවත අමාත්‍යවරුන් පත්කළාම පැරැණි තනතුරු සියල්ල අහිමි වෙනවා. අවශ්‍ය නම් ඒ අයම පත්කරන්න පුළුවන්.. නැතිනම් එම පත්වීම් බලරහිතයි.