පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිළිය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළැයි ඇය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එසේ කළ බව කියන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවන්ට පරිවාස නිලධාරිනිය මරණ තර්ජන කළැයි ඔවුන්ද පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.
කඩුගන්නාව හේනාවල තෙමහල් නිවසක පදිංචි පරිවාස නිලධාරිනියකගේ නිවසේ නාන කාමරය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළ බවට කඩුගන්නාව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.
සීසීටීවී මගින් රූගත කළා යැයි කියනා දර්ශන ඇත්දැයි පරික්ෂණ සඳහා එම පරිගණක උපාංග මොරටුව විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු කර ඇති බවත් පරිවාස නිලධාරිනය හා ඇගේ සහෝදරයකු ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරන තර්ජනය කිරිම සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන අරඹා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනු නාන එක නිල් චිත්‍රපටියක් ගානට පේනව නන්දලාල්ට (බ)
මේ සී සී ටී වී දැන් ලෙඩක් වෙලා. දැන් ඒවා නැති තැනක් නැහැ. මේවා ගැන නියාමනයක් වහාම අවශ්‍ය වාගෙයි නේද? (බ)
පුදුම අසහන කාරයොනේ දැන් රටේ ඉන්නේ ගැහැනියකට ඇදුමක් ඇදගෙන පාරේ යන්න බැරි තත්වයක් නේ දැන් තියෙන්නේ (කෞ)
නොමිලයේම " නිල් චිත්‍රපටි " හදන ක්‍රමයක් මේ පුද්ගලයා සොයාගෙන වගෙයි (නි)
පිළිකන්නේ කැත! මෙතන කැමරාකරන්නත් දෙයක් තියෙනවද ? (ර)
තර්ජනය කරලා මදි මෙහෙම මිනිසුන්ට. (නි)
සීසීටීවී කැමරාව කාන්තාවන්ගේ නාන කාමර අස්සේ බලන්න හැරෙව්වේ නැත්නම් ඔය මොන තර්ජනයක්වත් එන්නේ නැහැනේ. (නි)
හිතෙන හැටියට නම් එයා වැඩ කරලා තියෙන්නේ දොරවල් ඇරගෙන වෙන්න ඕනෑ. නැත්නම් ඡායාරූප වල හැටියට කැමරාවට මොකුත් පේන්න විදිහක් නැහැ (නි)
අනේ මෙහෙමත් අසහනකාරයෝ? (නි)
වහගෙන හරි ඇරගෙන හරි... ඒ වගක් කාටවත් මොකටද? අනුන්ගේ පිළිකනු දිහා බලන්න පුළුවන්ද? නිදහසට කරුණු හොයන්න එපා. (නි)
මේක වරදක් නොවේ. තමන්ගේ ඉඩමේ තමන්ට අවශ්‍ය දිසාවට කැමරාව සවිකරන එක කොහොමද වරදක් වෙන්නේ? (ම)
මේ පරිවාස ළමා නිවාස වලනම් හැම තැනටම සී සී ටී කැමරා සවි කරන්න ඕනේ මේවගේ පලිකාවෝ කරන. අසාධාරණ කම් ඒ අසරණ දරුවන්ට. ඒනිසා කැමරා කීපයක්ම ඒපැත්තට සවිකරන්න ඕනේ.....?(අ)
අපෝ මේක කැමරා කරන්නම දෙයක්... (ම)