රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ බව කියන ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේදී පරීක්ෂාකර බැලීමෙන් පසු බ්‍රිටිෂ් කොලොම්බියා ආයනය සැපයූ මුද්‍රා තැබූ වාර්තාව අද (31) රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට බාරදෙනු ලැබීය.
මේ අතර ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජාලයට සම්බන්ධවූ බාහිර ඇමැතුම් හා අභ්‍යන්තර ඇමතුම් සම්බන්ධ දුරකථන වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, ඔක්කොම හොයනවා. පනත සම්මත නිසා දැන් අධිකරණයෙන් නියෝග කරන්න විතරයි තියෙන්නේ. මිනීමරුවන්ට ඉක්මනට සනීප වෙයි. සුසන්ත, තාජුඩීන් තමන්ගේ පුතා නම්, දැන් මැරිලානේ, මේක හෙව්වොත් රටේ ප්‍රශනයක් ඇතිවෙයි කියලා ඔහේ ඉන්නවද? රටේ හැම ඝාතනයක්ම සොයා දඬුවම් කළයුතුයි. ආණ්ඩු වලින් මිනීමරණ එක දැන් විලාසිතාවක් වෙලා. (නි)
අදහස් දමා තියෙන කීපදෙනෙක් ඉන්නවා මෙම ඝාතනය හොයන්න ඕනෑ නැහැ කියන. මෙහි විශේෂත්වය නම් මෙය රිය අනතුරකින් සිදුවුණ බවට තීරණය කරලා පරීක්ෂණ අවසන් කරතිබීමයි. (නි)
නෑ නෑ, මේකේ නියම ප්‍රතිඵලය ගන්න නම් මේක යවන්න තිබුනේ එංගලන්තේ චැනල්-4 ආයතනයට, එකේ තමයි ලොව හොඳම වීඩියෝ විශේෂඥයෝ ඉන්නේ, අපරාදේ. (අ)
කැනඩාවේ දී එඩිට් කරලද? (බ)
ම්ලේච්ඡ පාපිෂ්ඨයන්ට ඉක්මනින්ම දඬුවම් කරමු. (නි)
දැන් ඔය තාජුඩීන්ගේ සී.සී.ටී.වී. දර්ශන තමයි ලෝකේ වටේ යවන්න ඕනෑ. අනිත් ඒවා වල තොරතුරු ලංකාවේම ගන්න පුළුවන්. (නි)
චම්පික ඇමතිතුමාගේ රිය අනතුරේ ඒවා බැරිද ඔය විදියට පරික්ෂා කරගන්න... (නි)
ජපානයට යැවියයුතු දෙයක් කැනඩාවට යවලා කැනඩාවේ ඔය පරීක්ෂණ කරන්නේ ජපානයේ නිෂ්පාදිත තාක්ෂණික උපකරණ මඟින් නොවේද? (නි)
වැරදි කළ අයට නීතිය ක්‍රියාත්මක වනවාට සමහරු විරුද්ධවීමට හේතුව සිතාගැනීමට අපහසුය (නි)
තාජුඩීන් ඝාතනය මේ තරම්ම අපේ රටට වැදගත් ඇයි? ඇයි ඔහු ගැන පමණක් මෙහෙම විශේෂයෙන් හොයන්නේ? (නි)
අපි බලමු මොකද කියලා තියෙන්නේ කියලා (නි)
සුසන්ත, ඔබ කියන්නේ තාජුඩීන් ගැන හොයන්නත් එපා කියලද? තවත් අපරාධ ගැන සෙවීම් කරන බව ඔබ මාධ්‍ය මඟින් දැකලා කියවලා නැද්ද? බම්බලපිටියේ මුදලාලි ගැන, ලසන්ත ගැන, එක්නැලිගොඩ ගැන හොයන්නත් එපාද? ඔය මරණය මේ තරම්ම රටට වැදගත් වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගන්න තරම්වත් මොළයක් නැත්නම් පුදුමයක් (නි)
ඕක ඕස්ට්‍රේලියාවට යැවුවානන් ඉවරනේ (බ)
අර 88/89 කාලේ හැඳි ගැනේ මරපු 65000 ගැන හොයන්නේ නැත්තේ මොකද ? (බ)
වැන්කුවර් වල නම් වීඩියෝ සහ සිනමා කර්මාන්තය අතින් අතිදියුණු ආයතන තියෙනවා. ගොඩක් හොලිවුඩ් චිත්‍රපටත් වැන්කුවර් වල කරනවා. (නි)