කාන්තාවක ඝාතනය කොට මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ දමා යාමේ සිද්ධියේ සැකකරු මන්නාරම කෝවිල්කුලමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ පිටකොටුව පොලිසියේ පොලිස් කණ්ඩායමක් මන්නාරමට ගොස් අද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නල්ලූර්හි පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකි. පෙදරේරු වෘත්තියේ යෙදී සිටියදී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු කොළඹ හෙට්ටිවීදියේ නවාතැන්පොළක ආර්. කාර්තිකා (34) නම් කත සමඟ සතියක් පමණ සිටි බවත්, රෝද සහිත බෑගයට දැමූ සිරුර තනිවම රැගෙන යෑමට නොහැකි වූ නිසා තවත් අයගේ සහාය ලබාගෙන ඇති බවත් ත්‍රීරෝද රියදුරකු හා නාටාමියකු ඒ අතර සිටින බවත්, ඒ සියල්ල එහි සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවම ආවරණය වන පරිදි සිසිටිවී කැමරා සවිකරන්න.ගොඩක් දුරට මේ සිදුවන අපරාධ රැල්ල හා අනෙකුත් හොර මැරකම් මැඩ පවත්වන්න පුළුවන් වෙයි එතකොට. (නි)
අකුසලය වරදකරු පසුපස (ම)