නාවලපිටියේදී අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයකුගේ සිරුර කිලෝමීටර් 17ක් ගම්පොළ දක්වා ඇමිණි ගිය බව කියන වෑන් රිය සීසීටිවී ආරක්ෂක කැමරා අධාරයෙන් දින තුනකට සොයා ගැනීමට පසු පොලීසිය සමත් විය.
එහෙත් එම පුද්ගලයාගේ මරණය සිදු ආකාරය හෝ මෙම වෑන් රියේ ඇමිණි ගිය ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් පොලිසියට ලැබී නැත.
මළ සිරුර ඇදී යද්දී හිසද ජනනේන්ද්‍රියද වෙන්වී ඇතැයි පොලීසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් සිරුරක් වගේ විශාල දෙයක් රියදුරා නොදැනුවත්ව වාහනයක ඇමිණෙනවා කියන එක මටනම් හිතාගන්නවත් බැහැ, නමුත් ටික කලකට පෙර බෙල්ලන්විල පෙරහරට සහභාගී වී ආපසු යමින් සිටි අලියෙක් මහරගමදී පුද්ගලික බසයක හැපුන එකේ නඩුවේදී රියදුරා කියලා තිබුනානේ ""අලියාව දැක්කේ නැහැ ""කියලා . ඒක නිසා කාටවත් වරදක් කියන්න බැහැ. මියගිය පුද්ගලයාට නිවන් සුව,(බ)
සීසීටීවී කැමරා සෑම මාර්ගයකම සවිකළොත් හොඳයි (නි)
අහම්බෙන් මේක වුණානම් පොලීසියට කියන්න තිබුනානේ.(බ)
මෙය කිසියම් පළිගැනීමක් විය නොහැකිද? (බ)
අන්න හොඳ වැඩක් කරලා තියනවනේ... (ර)
අන්න සීසීටීවී කැමරා වලින් වුණ හොඳ වැඩක් (නි)
වාහනේ ගත්තේ අලුතින්. ඒක නිසා අමරුවේ දාන්න මිනියක් අමුණලා වෙන්න ඇති. ඉදිරි පස පහත් නිසා පේන්නේ නැහැ. ම්නිහා මේකත් ඇදගෙන කි මි 17ක්ම ඇදිල ගියා. කෙනා කවදාවත් හොයන්න බැහැ වල දාපු කෙනෙක් නිසා ඔලුවත් නැහැ. මේවා කැත වැඩ. පාරේ තිබුනේ තීන්ත වෙන්න ඇති (නදී)
මම මේ අහන්නේ හැඟීම් දැනීම් නැති පුද්ගලයෙකුට වාහන රියදුරු බලපතක් ගන්න පුලුවන්ද ?මට පේන්නේ පාරේ මියගොස් තිබුන මිනිය තමයි වැන් එක උඩින් යද්දී බඳේ එල්ලිලා ගිහින් තියෙන්නේ ...(බ)
සීසීටිවී හැම හොරයක්ම දැන් අල්ලනවා.(හේ)
මේක මිනී මරුමක් වෙන්න බැරිද?(හේ)
මේකනම් අහඹුවක් වෙන්න ඇති වැඩි විස්තර හොයාගන්න බැරිවෙලාද සීසීටීවී දර්ශන වලින් (බ)
සීසීටිවී නැත්තම් වෑන් එක හොයා ගන්න බෑ.(හේ)
මම නාවලපිටියෙ කාලයක් හිටියා. මේ කියන පාරෙ ඔහොම දෙයක් මහ රාත්‍රියෙ උනත් නොපෙනී යන්න බෑ. ඉතාම ජනාකීර්ණ පාරක්. උලපනේ වගේ නගරත් තිබෙනවා. (බ)
මර්වින්ව සී.අයි.ඒ, එෆ්.බී.අයි වගේ දැක්කොත් එක්කගෙන ගිහින් බදවා ගනී. වෙන කවුරුත් නොහිතන පැත්තක් කල්පනා කරලා තියෙනවා. ඉතාම හොඳ අදහසක් (නදී)
මේ කතාවේ සත්‍ය කුමක්ද කියා සොයා බලන්න.(හේ)
අපි රිය පදවනවිට පාරේ තිබෙන කොළ කැබැල්ලක් පවා වාහනයේ එළියට පෙනෙනවා.යමක් යටින් වැදුනොත්, දැවටුනොත් ඒ වෙනස අපිට හොඳට තේරෙනවා. අපි මිනිසෙකුගේ මළමිනියට පවා ඉතාම අවිහිංසකව සළකන නොරිදවන, මිනිසුන්. මේ දේ ඇසීමෙන් මට ඇත්තටම කම්පාවට වඩා ලොකු බයක් දැනුනා. (නි)
මේ පුද්ගලයා කව්ද යන්නත්, මෙයාව අවසන් වතාවට දැකපු කෙනත්, වෑන් රථයට ඇමුණුනේ කෙසේද යන්නත් සෙවිය යුතුයි (නදී)
අනිවාර්යෙන්ම මේක මිනීමැරුමක් කියා මම හිතනවා (නදී)
මේ වගේ වැන් එකකට මනුස්සයෙක් නැග්ගත් දැනෙනවා, එහෙම එකේ ඇමිණිලා නම් යන්න විදියක් නෑ.පොඩි ගල් කැටයක් උඩින් ගියත් මේ වැන් එකේ යට වදිනවා. ඉතින් කොහොමද මනුස්සයෙක්ගේ උඩින් යන්නේ? (ස)