සබරගමු සරසවි සිසුන් 12 දෙනකුට පඹහින්නේ දී එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පාමින් අද සෙසු සරසවිවල සිසුන් උද්ඝෝෂණයක් කරන බව අන්තර් විශ්ව විද්‍යාලට ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති නජිත් ඉන්ද්‍රජිත් සිසුවා පවසයි. රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු මීට සුළු මොහොතකට පෙර එම උද්ඝෝෂණය ඇරැඹූහ.
ලාල් එස් කුමාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහතා සමඟ එකඟවෙමි. (ඉඳලා හිටලා බන්දුල මහත්තයාත් බුධිමත් අදහස් පළකිරීම ගැන සතුටු වෙමි). විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රට බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් නෙමෙයි. (නි)
විශ්ව විද්‍යාල තුළ දේශපලන කිරීමෙන් උද්ඝෝෂණ,ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමෙන් දුක් මහන්සියෙන් තම දුදරුවන්ට උගන්වලා අවසානයේ විශ්ව විද්‍යාලේ දක්වා යවන දෙමවුපියන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලන්ගනය වීමයි මේවායින් සිදුවෙන්නේ. (හේ)
කරුණාකර නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කරනවා කියන තමන්ගේ සියලුම ක්‍රියාකාරකම් බුද්ධිමත් සහ දුරදර්ශීද කියලා හිතන්න යන්න එපා. ඔබට කලින් ඔය තැන්වල ඉගෙනගත් අයත් අනෙකුත් බුද්ධිමත් වැඩිහිටි අයත් මේ සමාජයේ ඉන්නවා. එම නිසා ඒ අයගේ අදහස් උදහස් වලටත් කන්දෙන්න. මංජුල, උදාර කියපු දේ යම් ඇත්තක් තිබෙනවා. ඔබ කොච්චර ආවේගශීලිව ප්‍රතිඋත්තර දුන්නත් ඔය දේ මටත් වුණා. සරසවියෙන් පිටවෙනවිට වයස 30 ට කිට්ටුයි. රැකියා සොයාගෙන, ගෙදරට සළකළා කසාද බඳිනකොට 40 ට කිට්ටුයි. නමුත් මේවා ඔබේ ජීවිතයේ අවශ්‍ය දේවල් නොවේ නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
ලලනි, බන්දුලගේ අදහස මම අගේ කරනවා. (නදී)
තමන් රට හදන්න ගියාට තමන්ගේ ජීවිත හදාගෙන නැති බව තේරෙන්නේ රැකියා පෝළිමට එකතු වුණ දවසට. සිසුන්ට යම් යම් ප්‍රශ්න තිබෙන බව අපි පිළිගන්න අතරම උගත්කම කියන්නේ සියල්ලදත්කම නෙමෙයි කියා ඔබ පිළිගන්න. (නි)
මොකොට දඟලනවද කොල්ලනේ. (හේ)
මට ආරංචි වුණා ඕස්ට්‍රේලියාවේ සරසවි ගාස්තු 30% කින් වැඩි කරන්න යන කතාවක්. මංජුලලා තියන ටිකත් නැති කරගන්න යනවා. අපේ ගාස්තු අයකිරීමක් තවම නැහැ. එහෙම එකේ ඇඳට දාන බෙඩ්ෂීට් එකේ ඉඳලා ආණ්ඩුවයි අනෙත් මිනිස්සුයි සපයාදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වෙනත් රටවල සිසුන් අර්ධකාලීන රැකියා කරමින් තමන්ගේ වියදමින් පියවාගන්නේ. (නි)
ආණ්ඩුව හා එස් බී දිසානායක මේකට වගකිවයුතුයි...මේ මිනීමරු මැරයන් පරාද කරන්න ,අනාගත දරු පරපුරේ අධ්‍යාපන අයිතීන් රැක ගැනීමට ජනතාව සියලු බේද අමතක කර වහ වහා පෙරට ආ යුතුයි. (අ)
මෙන්න මේ ටික සරසවි සිසුන් දැනගන්න. ඔබට සෙසු මහජනයාගේ සහයෝගය ලබාගැනීමට නම් තමන් තරම් දැනඋගත් කොට්ඨාශයක් මුලු රටේම නැහැ කියන පටු ආකල්පයෙන් ඉවත්වෙන්න. වෙනත් වෘත්තීය විභාග කළ කට්ටිය , බුද්ධිමතුන් මේ සමාජයේ ඉන්නවා. ඔබට පෙර සරසවියට ගොස් දැන් මහලු වියේ සිටින අයත් අනන්තවත් ඉන්නවා. පළමුව නිහතමානී වෙන්න. (නි)
බලන්න දැන් අපේ විශ්ව විද්‍යාල වල ලෝකයේ රෑන්ක් එක. ලැජ්ජාවේ පණ යනවා. හෙට අනිද්දට ස්වාසිලන්තයේ සරසවි රෑන්ක් එකටත් පහලට යාවි. පශ්චාත් උපාධියකට පිටරට ගිය මගේ යාළුවෙකුගෙන් සම්මුඛ පරීක්ෂණයේදී ඒ ගොල්ල අහලා තිබෙනවා අවුරුදු 4 ක් වන පළමු උපාධිය සඳහා මෙච්චර කාලයක් ගත වුනේ ඇයි කියල. ඔක්කොම ජල්ලි ඉවරවෙලා එලියට එනකොට හැමෝටම මේ වගේ තමයි කියල කියන්නද ? (අ)
මගේ ළමයා සරසවියේ. මම කියලා තියෙන්නේ රට හදන්න යන්න කලින් තමන්ගේ ඉගෙනීම සම්පුර්ණ කරගන්න කියලා. උගතෙකු වූ පමණින් සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්නේ නැහැ තමන්ගේ ප්‍රායෝගික බුද්ධිය බිංදුවයි නම්. (නි)
දුප්පත් සිසුන් අමු අමුවේ මරන්නමයි හදන්නේ. (හේ)
අපි හිටපු කාලේ කැඳවුම්කරුවෝ කියන අය විශ්ව විද්‍යාල වල හිටියේ නැහැ. නොයෙකුත් සංගම් වල නිලධාරීන් ආදර්ශමත් ලෙස සහෝදර සිසුසිසුවියන් හා පාලකයින් සමඟ ගැටළු විසඳමින් සරසවි ජීවිතයේ උපරිම සතුට හා ප්‍රයෝජනය ලබාගැනීමට ඉඩ ලබාදුන්නා.විශ්ව විද්‍යාල වලටත් සිසුන්ටත් මුලු රටේම ගෞරවයක් තිබුනා. සාධාරණව කල්පනාකාර බලන්නේ නම් මීට ආසන්න තත්වයක්වත් උදාකර ගැනීමට බැරිකමක් නැත. දරුවනි, කල්පනාකාර බලන්න. (නි)
මම නම් හිතන්නේ කොච්චර අපහසුකම් තිබුනත් ඒ ගැන හිතන්නේ නැතිව ඉගෙනීමේ කටුතු කරගෙන ගියානම් ඉවරයි. දේශපාලනයයි ඉගෙනීමයි දෙකම එකට කලවමේ කර ගන්නේ නැතිව. (නදී)
ඇමති තුමා කිවනේ ඡන්ද වැඩ නිසා වෙලාවක් නැහැ සලකන්න කියලා. ඔන්න දැන් වැඩ පටන් අරන් වගේ. මහත්වරුනේ මේවට උත්තර දෙන්න ලඟදි ඡන්දයක් එනවා. සංවේදී නොවී බුද්දියෙන් ඡන්දය පාවිච්චි කරන්න (නදී)
මේ ගොල්ලන් පාරේ කාලය කා දමනවා. අරෙහේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ගොබිලන් ටික හොඳට රජයේ සායනයෙන් පුහුණුවත් ලබල ගානට විභාගත් පාස් කරලා නියමිත කාලෙට සමත් වෙලා නික්ම යාවි. කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. (නදී)
මේ වැඩ වලින් ඉගෙනගන්න අනිත් දරුවන්ටවත් ඉගෙනගන්න දෙන්නේ නැහැ. යාපනය විශ්ව විද්‍යාලය එක දවසක්වත් වැහුවෙත් නැහැ වහන්නෙත් නැහැ මොන උද්ඝෝෂණ තිබ්බත්. ඒ ශිෂ්‍යයෝ නියම කාලයට උපාදිය අරන් පිටවෙනවා.අපේ සිංහල දරුවන්ට උපාධිය ගන්න වෙන්නේ අවුරුදු දහයකින් පස්සෙයි. "අන්තරය" සම්පුර්ණයෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුයි. (හේ)
ළමයි ඉගෙනීමට මුල් තැන දීලා මේ කරන දේවල් වලට ගියානම් තමයි හොද. (හේ)
සමස්ත ශිෂ්‍ය ප්‍රජාව මේ වැනි අනවශ්‍ය විරෝධතායන් වලට කැමති නැහැ.(හේ)
අනාගත දරුවන් වෙනුවෙන් කියා කියා තමන් ගේ ඉල්ලීම් අසාධාරණ ඒවා වෙන්න හොඳ නැහැ. (හේ)
කිව්වත් වගේ දැන් යාපනේ සරසවි දරුවන්ට ප්‍රශ්න නැද්ද ? ඒ ළමයින් උදේට සරසවියට ගිහින් හවසට එළවලු කොටු වල වැඩ කරනවා. අරක නැහැ මේක නැහැ ආදී වශයෙන් මැසිවිලි කියන්නෙත් නැහැ. දෙමව්පියන්ට බරකුත් නැහැ. තමන්ට හැකි පමණින් ප්‍රශ්න විසඳාගෙන කලට වෙලාවට උපාධියත් සම්පුර්ණ කරනවා. (හේ)
ඒකට පිළියමක් නෙමෙයි කරන්න හදන දේ.(හේ)
ඉගෙන ගන්න ළමයින්ටත් මේ දේ නිසා ඉගෙන ගන්නත් නෑ.(හේ)
දරුවනේ ඉගෙන ගෙන කරන දෙයක් කරන්න.(හේ)
මේ ළමයින්ට මේ දේවල් වල ආදීනව තේරෙන්නේ කෙස් ටික සුදු වෙනකන් උද්ඝෙෘ්ෂන කර කර ඉඳල අන්තිමට රස්සාවයි පරස්තාවයි දෙකම නැති වුණ දවසට. (හේ)
විශ්ව විද්‍යාල වලට පාලකයන්ගෙන් සිදුවන අකටයුතුවලට වැඩ බරපතල විදිහට අකටයුතු සිද්ද වෙන්නේ වැඩි හිටියන්ගෙන්, සමහරවැඩිහිටියෝ යථාර්තය දකින්නේ නැතුව ළමයින්ට බනිනවා, 50, 60, 70, දශකවල තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තියෙන්නේ. (හේ)
තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මැරෙන්න හෝ ඉදිරියට එන්න ඕන කාලයක්.(හේ)
නිමල් හෙට්ටිආරච්චි (ලන්ඩන් )ගේ අදහසට මමත් ඒකගයි.(හේ)
කරන්න යන දේ ගැන තව පාරක් හිතලා බලන්න.(හේ)
කුහක කම මුණ පුරා පෙන්න තියෙනවා. ඊළඟ පාර ගුටි කන්නේ බදු ගෙවන මහජනතාවගෙන්.(හේ)
රස්සාව පරස්තාව ගැන ඔක්කොම හිතන්න ගියානම් මෙහෙමවත් අධ්‍යාපනයක් නෑ. මහතුනේ..හරි හෝ වැරදි ...මෙහෙම සිසුන් අගයන්න ඕනේ. මේ තමයි නිදසස් අධ්‍යාපනය රකින විරුවෝ, අපේ අනාගත සිසුන් වෙනුවෙන් ,,,,(අ)
දරුවනේ ඉගෙන ගන්න කලේ ඉගෙන ගන්න වැරදි දේ කරලා දෙමවුෙපියන්ගේ මුදල් විනාශ නොකර. බලන්න යාපනේ විශ්ව විද්‍යාලේදරුවෝ කොයිතරම් ප්‍රශ්න තිබුනත් තමන්ගේ වැඩේ කර ගන්නවා.(හේ)
රජිව් මහත්තයෝ ..ඔහොම අදහසක් දාන්න මට පිස්සු නැහැ.. ඕකේ අග කොටස හැලිලා..එක හැලුවම ඒ අදහසේ තේරුමක් නැහැ..මම කිව්වේ නිමල් හෙට්ටි ආරච්චි කියල මහතෙක් ලන්ඩන්වල ඉදල නිදහස් අධ්‍යාපනයක් ගැන තප්පුලනවා..ඒ මහත්තය වගේ කි දාහක් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන අද ලක්ෂ ගණන් වලින් මාසිකව වැටුප් අරගෙන සමාජයේ ඉහල තැන් වල හා විදේශ ගතව රැකියාවල ඉන්නවද? එතුමල තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපනයට කළ ගුණ සැලකුවනම් ඔය අරක නැහැ මේක නැහැ කියල පලිදරන සරසවි සිසුන්ගේ අවශ්‍යතා කොපමණ සපුරන්න තිබුනද කියල ? ඇත්තටම එහෙම කලානම් කට්ටියට ඔය මහපොළ වගේ දෙතුන් ගුණයක සහනාධාරයක් දෙන්න තිබුන.. හැමෝගෙම කයිය ඕක ඇතුලේ ඉන්නකම් විතරයි.. එලියට ගියාට පස්සේ ඔය නිදහස් අධ්‍යාපනේ ගැන මුකුත් දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ.මොන සමාජවාදයක්වත් නැහැ.. තමන් හැදෙන එක පමණයි..(අ)
මංජුල මහත්තයෝ...නිදහස් අධ්‍යාපනේ හදුන්වා දීපු කන්නන්ගර උතුමා අද හිටියනම් පොළොවේ පස්කාල මැරෙනවා මේ තමන් දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපන වරම සමව ලබා ගන්න හදුන්වා දුන් වටිනා සංකල්පය මේ බංකලොත් දේශපාලන අම්බරුවෝ විකුණගෙන කන හැටි දැකල....හැම දේම අපිට දීපියව්.. අපිට අරක නැහැ.. මේක නැහැ.. හැම අඩුපාඩුවක්ම සපුරාල දීපියව්..ඉන්න දීපියව්..කන්න දීපියව්..නිදහස් අධ්‍යාපනේ දුන්නන්නම් අපිට රස්සාවකුත් අනිවාර්යයෙන් දීපියව්.හෙට අනිද්දා කියාවි ඕකෙන් අයින් වෙනකොට කසදයකුත් කරලා දියව් කියල...මේක තමයි අද නිදහස් අධ්‍යාපනයේ නවතම අර්ථ දැක්වීම..හිරිකිතයි..දුකයි මංජුල මහත්තයෝ (අ)
ලංකාවේ සිසුන්ට මෙන්ම පාලකයින්ටත් විනයක් නැහැ. එ්කනේ මෙහෙම ගහන්නේ. සිසුවනි හොඳම දෙය හොඳට ඉගෙන ගෙන තැනකට ඒමයි. (නදී)
අනිවාර්යෙන්ම අසාධාරණයට එරහි වෙන්න..විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හැමදා හැමතැනම සැම රටකම අසාධාරණයට විරුද්ධව පෙරට යනවා ගොන් තකතීරු ඇමතිලා මේවට වග කියන්න ඕන...(අ)
මොනවා වුණත් හොඳට ඉගෙන ගන්න. තීරණ ගනිද්දි හතවතින් නැතිව මොළෙන් තීරණ ගන්න. (ත)
මේ පහර දීම අන්තරේට මගුල් වගේ. මේකෙන් වාසිය කොටි ඩයස්පෝරාවට සහ බංකොලොත් නොරටුගාමීන්ට.බුද්ධිමත්ව හිතුවොත් නිලධරන සිසු නායකයන්ට හැර අනිත් සිසුන්ට සිතා ගන්න පුළුවන් වේවී කාගේ වැඩක්ද කියලා මේක.නිලධාරින්ට නම් මෙහෙම වුණාම හොද්ද බොර වෙනවා අනිවාර්යෙන්ම.මොනවා වුනත් මුදල් අගහිඟ කම් වලට පිළිතුර රට ජාතිය පාවා දීම අපහාස කිරීම නොවේ.(අ)
නිකන් ප්‍රශ්න.(හේ)
සිසුන්ගේ ප්‍රශ්න විසදිය යුතුය. එහෙත් එස්. බී කරන්නේ සිසුන් මර්දනය කිරීම. එය එස්. බී ගේ ජානවල වරදකි. (අ)
නිමල් හෙට්ටිආරච්චි කියල මහතෙක් ලන්ඩන්වල ඉදල නිදහස් අධ්‍යාපනයක් ගැන කියවනවා.ඔය මහත්තය වගේ කි දාහක් ලක්ෂ ගානක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අද ලක්ෂ ගණන් වලින් මාසිකව වැටුප් අරගෙන සමාජයේ ඉහළ තැන් වල හා විදේශ ගතව රැකියාවල ඉන්නවද? (දිල්)
සියලුම රටවැසියන්ට නුවණ පෑදේවා.! (නි)
මගේ නමින් කවුදෝ ප්‍රතිචාර දාල. මෙහි ලියනකොට කලින් සිට ලියන අයට තියෙන්නේ තමන්ගේ නම නම් වෙනත් නමක් හෝ ආරුඪ නමක් හරි භාවිතා. කරන මෙන් ඉල්ලමි. (අ)
මේ ශිෂ්‍යයින් අරගල කරන්නේ තමන් මෙතෙක් රැකගත් නිදහස් අධ්‍යාපන අයිතිය රැකගන්නයි.අතීතයේ සිටි සිසු නායකයින් දිවිපුදා රැකගත් නිදහස් අධ්‍යාපනය අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතන වල පදයට නටන පාලක කල්ලි වල උවමනාවන්ට විනාශ වෙන්නට ඉඩදෙන්න බැහැ. ඒ නිසා සිසුන්ගේ මේ යුක්තිහසගත අරගල වලට සහයවීම ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් 'අ" යන්න හරි ඉගෙනගත් යුතුකම් දන්නා සැමගේම යුතුකමක්, පැහැරහැරිය නොහැකි වගකීමක් (නි)
ඉතින් බන්දුල හොඳට ඉගෙනගත් මිනිස්සු ලක්ෂ ගණන් පඩි අරගෙන ඉහල තැන් වල ඉන්න එකේ වැරැද්ද මොකද්ද ? කඩේ යන එකද ලංකාවේ එකම සහ ලොකුම රැකියාව? දැන් ? ඉරිසියාවේ පුපුරන්නේ නැතිව ඔය කඩේ යන තැනින් අඩු ගානේ හාමු පට්ටමක් වත් ඉල්ලා ගන්න. තානාපති කමක් වුනත් කමක් නැහැ. (නදී)
දරුවනේ දෙන දේ අරගෙන රන් හා සමාන කාලය අපතේ නොයවා අහිංසක දෙමාපියන්ගේ සිහිනය සැබෑ කිරීමට පෙළගැසෙන්න ඔබල ඔය කරන්නේ දේශපාලුවන්ගේ සිහිනය සැබෑ කිරීමක්.(අ)