කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීතිවිරෝධීව අත්ඩංගුවට ගෙන රඳවා තබාගත්තාදැයි යන්න විමර්ශනය කිරීම මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරියේ ලබන 12 වැනි දා පැවැත්වීමට අද තීරණය කැරිණි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගොනු කළ පැමිණිල්ලක් අනුව පාසල් සිසුවා ද, කැළුම් අත්තනායක නම් එක්දරු පියා ද, කොටදෙනියාව පොලිසියේ ස්ථානාධිපති හා සහකාර පොලිස් අධිකාරී ද අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණි.
පැමිණිල්ලේ මූලික විමර්ශනය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අතර පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු පෙනී සිට කරුණු දැක්වීය.
පාසල් සිසුවා හා එක්දරු පියා අත්අඩංගුවට ගත්තේ 18 වැනි දා රාත්‍රී බවත්, පොලිසියේ දී ඔවුන්ට පහර දී නැති බවත් ඔහු විමර්ශනයේ දී කියා ඇත.
මේ දෙදෙනාට පහර දී ඇත්දැයි යන්න සොයා බැලීමට පොලිස්පති නියමයෙන් විමර්ශනයක් පැවැත්වෙද්දී එය අවසන් වීමට පෙර පහර දී නැතැයි පූර්ව නිගමනයකට එන්නේ කෙසේදැයි ස්ටාලින් මහතා සහ නීතීඥවරු ප්‍රශ්න කළහ.
පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ තරංග වීරසිංහ මහතා ද, එක්දරු පියා වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අන්තිම පින්තූරේ ඉන්නේ කැකිල්ලේ රජ පරම්පරාවෙන් පැවතෙන ඕඅයිසී මහත්තයාද ? (බ)
අනේ දැන් මේ කට්ටිය කියයි ඔව් අපි ගැහුවා කියලා... (ර)
අධිකරණයට තැනක් නැති යුගයේ අවනීතිය ඉදිරියේ "වරදකරුවා" අපරාධකරුවා නොව පොලිසියෙන් ගුටිකෑ තැනැත්තායි. (නි)