IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසු පැමිණිල්ල සභාපති හමුවේ විභාගයට

කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීතිවිරෝධීව අත්ඩංගුවට ගෙන රඳවා තබාගත්තාදැයි යන්න විමර්ශනය කිරීම මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරියේ ලබන 12 වැනි දා පැවැත්වීමට අද තීරණය කැරිණි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගොනු කළ පැමිණිල්ලක් අනුව පාසල් සිසුවා ද, කැළුම් අත්තනායක නම් එක්දරු පියා ද, කොටදෙනියාව පොලිසියේ ස්ථානාධිපති හා සහකාර පොලිස් අධිකාරී ද අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණි.

පැමිණිල්ලේ මූලික විමර්ශනය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අතර පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු පෙනී සිට කරුණු දැක්වීය.

පාසල් සිසුවා හා එක්දරු පියා අත්අඩංගුවට ගත්තේ 18 වැනි දා රාත්‍රී බවත්, පොලිසියේ දී ඔවුන්ට පහර දී නැති බවත් ඔහු විමර්ශනයේ දී කියා ඇත.

මේ දෙදෙනාට පහර දී ඇත්දැයි යන්න සොයා බැලීමට පොලිස්පති නියමයෙන් විමර්ශනයක් පැවැත්වෙද්දී එය අවසන් වීමට පෙර පහර දී නැතැයි පූර්ව නිගමනයකට එන්නේ කෙසේදැයි ස්ටාලින් මහතා සහ නීතීඥවරු ප්‍රශ්න කළහ.

පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ තරංග වීරසිංහ මහතා ද, එක්දරු පියා වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.

IMG_1470 IMG_1493 IMG_1518



අදහස් (0)

සිසු පැමිණිල්ල සභාපති හමුවේ විභාගයට

ලලින් Friday, 09 October 2015 05:29 AM

ඔය අන්තිම පින්තූරේ ඉන්නේ කැකිල්ලේ රජ පරම්පරාවෙන් පැවතෙන ඕඅයිසී මහත්තයාද ? (බ)

:       0       0

චන්දි Thursday, 08 October 2015 11:50 AM

අනේ දැන් මේ කට්ටිය කියයි ඔව් අපි ගැහුවා කියලා... (ර)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 10:04 PM

අධිකරණයට තැනක් නැති යුගයේ අවනීතිය ඉදිරියේ "වරදකරුවා" අපරාධකරුවා නොව පොලිසියෙන් ගුටිකෑ තැනැත්තායි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site