පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පා ගමනින් කොළඹට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ගේ පෙළ පාළියට කොල්ලුපිටියේ දී පොලිසියෙන් ජල ප්‍රහාරයක් හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
එක් සිසුවකු ද පොලිස් බාරයට ගත් බව සිසුහු පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මාර්ග වල පෙළපාලි වහාම තහනම් කල යුතුයි, මෙය මහජනයාට ලොකු පීඩාවක්, මහජනයාගේ වටිනා කාලය නාස්තිවෙනවා, මේ ළමයින්ට නිකම් සියලු දේ ලැබෙන නිසා, කාල ඉන්ට බැරිව පෙළපාලි යනවා, මේ ගැන වහාම රජය සිතිය යුතුයි, මහජනයා විසදුම් ගන්න ඉස්සෙල්ලා. (ර)
මේ ළමයි ඉගෙනගන්නේ නැතුව විකාර කරනවා. ඉගෙනගන්න ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. හරිම කුහක ළමයි ටිකක් (නි)
ඉදිරියට යනවද ආපස්සට යනවද..අදම තීරණය කරන්න..(බ)
කවදාහරි දවසක මේ නිකම් දෙන දේවල් නවත්වන්න වෙනවා. මොකද නොමිලේ කියලා දෙයක් නැහැ, කවුරුහරි මේවාට ගෙවනවා. සල්ලි අච්චු ගහලා නොවෙයිනෙ මේවා කරන්නෙ. රට ක්‍රමයෙන් දියුණු වෙනකොට නොමිලේ දෙන දේවල් ගන්න ලැජ්ජාවක් ඇතිවෙයි. හැබැයි ඒවාට කාලයක් යයි. වියදම් කළහැකි අයට ගෙවලා ඉගෙනගන්න දෙන්න ඕනෑ (නි)
එදා පටන් අපේ රටේ ගාස්තු අයකරන පාසල් තිබුනා. කවුරුවත් ඒවා වහන්න කියලා උද්ඝෝෂණ කළේ නැහැනෙ. වියදම් කළහැකි අයගෙ ළමයි ඒවාට යනවා. (නි)
විශ්ව දැනුම ලබාගැනීමට හැමෝටම අයිතියක් ඇත. ඔබගේ බර පැන ගෙවන්නේ මේ රටේ ජනතාව. ඇති හැකි පිරිසට මුදල් ගෙවා දැනුම ලබාගත හැක. ලෝකයේ හැම රටකම විෂය දැනුම ලබා ගැනීමට ආයතන ඇත. (නි)
කිසිම බුරුලක් දෙන්න එපා (නි)
පිටරට ගිහින් විශාල වියදමක් කරලා වෛද්‍ය උපාධිය අරගෙන ලංකාවට විත්, ලංකාවේ රෝහල් වල සේවය කරන්න පුලුවන් නම්, ලංකාවෙදිම ඒ උපාධිය අරගෙන සේවය කිරීමේ වරද මොකක්ද? මේ සිසුන් ඉතාම හොඳින් උනන්දුවෙන් ප්‍රායෝගික පුහුණුව ලබන අයුරු මම දැකලා තියෙන නිසා, අනාගතයේ ඔවුන් ඉතා හොඳ වෛද්‍යවරු වෙන බව මගේ විශ්වාසයයි. (නි)
ගිනි නිවන රථ වල වතුර නැහැ. ඒ වුණාට අහිංසක ළමයන්ට ප්‍රහාර එල්ල කරන්න නම් වතුර තියෙනවා. කොහොම කිව්වත් අපි ඉගෙනගත්තෙත් ලංකාවේ සරසවි වලින්. මේවා දකිනකොට දුක හිතෙනවා (නි)
කිසිම දෙයක් නිකන් නොදිය යුතුයි. ඉගෙනීමට වියදම්කරන සල්ලි කොටසක් හෝ පසුව අයකරගන්නා ක්‍රමයක් හැදිය යුතුයි. අපි දන්නවා අපේ කාලේ මේවාට නායකත්ව දුන් අය අද කියන කතා. මේවා වෙන්නේ 5% ටත් වැඩිය අඩු කොටසකගේ උවමනාවට. මේගොල්ලෛා් ඇයි අර බිලියන ගානක පරණ බෙහෙත් ගේනවට විරුද්ධව පෙළපාලි යන්නේ නැත්තේ (නි)
මේ ළමුන්ට එරෙහිව කතාකරන කී දෙනෙක් ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන තියනවද? මේ රටේ තියන විශ්ව විද්‍යාල වලට ලැබිලා තියන ගොඩක් දේවල් ලැබිලා තියන්නේ මේවගේ දේවල් වලින් මිසක් රටේ ඉන්න බුද්ධිමත් දේශපාලකයන් හොයා බලා දීපු දේවල් නෙමෙයි. (නි)
මට ආරංචි වුණා සයිටම් කට්ටියට උපාධිය දියවූ කියල ඒ අයගේ මව්පියෝ පෙළපාලි යන්නත් සැරසෙනවා කියලා. හැබැයි වැඩිපුර ඒකට උනන්දු මිනී පෙට්ටි සාප්පු කාරයෝලු . (බ)
මොන නාඩගමක්ද මේ ? මේක මහා කරදරයක්නේ...අපි රක්ෂාව කරලා ගෙදර යන්න ඕනා ...කොළඹ නගරයේ මාර්ග අවහිර කිරීම් තහනම් කරන්න...(බ)
මේ ඔක්කොටම මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගියා නම් තේරෙයි ඒකේ ගුණාත්මකබව (නි)
රූපලාවන්යට පුද්ගලික ඩිප්ලෝමාව දෙනවා වගේ වෙදකමට පුද්ගලික ආයතන පවත්වාගෙන යාම ලංකාව වැනි ප්‍රමිතිය ගැන කිසිම විශ්වාසයක් තබන්නට නොහැකි රටක නොකළයුතු දෙයක්. ප්‍රංශයේවත් පුද්ගලික විශ්ව විද්‍යාල දොස්තරවරු බිහිකිරීමට නොමැත. (නි)
දැන් මේ ගොල්ලෝ විතරද මේ රටේ ඉගෙන ගන්න ඕන. හැමදේම නිකම් ලැබෙනකොට ඒවා කොහොමද ලැබුනේ , සිසුන් හැටියට තමන්ගේ ප්‍රධාන වගකීම මොකද්ද , මේඔක්කොම මතක නැහැ . අඩු ගානේ ශිෂ්‍ය ණය යටතේ වත් ගාස්තු අරගන්න කාලේ ඇවිත්. (බ)
අපේ රට කොහෙටද ගෙනියන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක් පාලකයන්ගෙන් (බ)
පාලකයන්ගේ නොහැකියාව ලෝකෙට පේනවා සතුටුද දැන් (බ)
නිදහස් අධ්‍යාපනයේ පිළිගැනීම මුළු ලොවම පිළිගනී. නමුත් පුද්ගලික අධ්‍යාපනයේ ප්‍රමිතිය එහෙම නැති බව ඕනෑම කෙනෙකුට සිතාගන්න පුළුවන්. මුදල අනුව තමා සියල්ල සිදුවන්නේ. ඔය හැම පුද්ගලික එකක්ම හොඳට තිබේ නම් කැම්පස් යන්න ඊළඟ ලකුණු මට්ටම ඒ සඳහා තෝරා ගන්න. (නි)
මේක පාලකයන්ගේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද නොහොඹිනා සිසුවන්ගේ ඔලමොට්ටල වෑඩ මුන් විතරක් ඉගෙන ගත්තාම ඈතිද? ඕක පැහැදිලි ඉරිසියාවනේ අපේ රටේ විතරයි මේ මළ කෝළම් (බ)
පාරවල් අවහිර කරන එකටනං කඳුළු ගෑස් නෙවෙයි ගල් ගහලා එලවන්න ඕන. (බ)
ප්‍රදීප්, ඔයා වැස්සකටවත් කැම්පස් තියා ඉස්කෝලෙකටවත් ගිහින් තිබෙනවද? (නි)
වෛද්‍යය සිසුන් පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයට විරුද්ධ නමුත් ලංකාවේ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වලට විරුද්ධ නොවන්නේ මන්ද? ඔබෙගේ තර්කයට අනුව පෞද්ගලික රෝහල්ද රටේ මහජනතාවට අනතුරුදායක සේවාවක් සැපයීමට පුළුවන්. තවත් කෙනෙකුට ඉගෙනගැනීමට ඇති නිදහස නැතිකිරීමට ඔබට ඇති ආශාව ඉතාමත් පහත් එකක් නොවන්නේද? (නි)
මේ හැම විකාරයක්ම අපේ ලංකාවේ විතරයි .. ලෝකයේ අනිත් රටවල්වල පෙළපාලි වගේ දේවල් මාසයකට පෙර රජයට දෙනුම් දී අවසර ලබා ගත යුතුයි බලන්න හොඳට මොන පුද්ගලයින්ද මෙතන ඉන්නේ කියල .... (බ)
මේකේ තියෙන සමහර කොමෙන්ට්ස් දැක්කම මේගොල්ලන්ගේ හිතන හැටි පේනවා. කැම්පස් අය විතරක් නෙමේ නොමිලේ ඉගෙනගන්නේ. අනික පෙළපාලි පාරේ නැතුව වෙන කොහෙද තියෙන්නේ. ඉල්ලීම් සාධාරණනම් සලකා බැලිය යුතුයි . මතුපිටින් පේන එකම හිතන්න එපා, කාල ඉන්න බැරුව නෙමේ. අනාගතයට නිදහස් අධ්‍යාපනය රැක දෙන්න ඕන. වැරදි තියෙනවා නමුත් නිවැරදි දේ යටපත් නොකළ යුතුයි (බ)
මොවුන්ගේ අරගලය රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් බව මේ මොහොතේදී ගොඩක් අයට වැටහීමක් නැහැ. ගොඩක් අයට මේක වදයක්, හිරිහැරයක්, නාඩගමක් හෝ විගඩමක්. නමුත් තමන්ගේම දරුවෙක් උසස් අධ්‍යාපනය ලබන කාලෙකදී මොවුන්ව වීරයෝසේ පෙනෙයි. හැමදෙයම නිකන් දෙනවා ඒක නිසා කටවහන් ඉගෙනගනින් කියනවනම් ඒ මෝඩකම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි. .(බ)
ටෙනිසන් කිසිම බුරුලක් දෙන්න එපාද? (බ)
මේ උදවිය හිතන්නේ බෝඩිමේ බෙඩ් ශීට් එකේ සිට රටේ මිනිස්සු බදු ගෙවලා සපයන්න ඕන. හැබැයි ඒ මිනිස්සුන්ගේ ළමයින්ට ඉගෙන ගන්න අයිතියක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ හැම අවුරුද්දකම දිස්ත්‍රික් කෝටා වට අහු වෙලා දක්ෂ සිසුන් ට සරසවිය ලකුණකින් දෙකකකින් අහිමි වෙනවා. දැන් ඒළමයින් මේ කුහක සිසුන්ගේ ගෙවල් වල අප්පුලා ආයලාට වැඩ කරන්න එවන්න කියලාද කියන්නේ ? (බ)
අනේ රොමේෂ් අපේ ළමයින් උගතුන් වෙලා විතරක් වැඩක් නැහැ. ඔයගොල්ලන් වගේ කුහකයන් වුනොත් ගෙදර ඉන්න සහෝදරයා ලකුණක් මදි වුන නිසා පුද්ගලික තැනකින් යමක් ඉගෙන ගන්නවාට කැමති වෙන එකක් නැහැ . ඔයාගේ දරුවෙක් සරසවියට යන්න ලකුණු මදි වුනොත් කුඹුරු කොටන්න යවනවාද නැහැනේ . අතින් කටින් වියදම් කරලා හරි උගන්වන්නේ නැද්ද ? (බ)
කාටද මේ අධ්‍යාපනය නිදහසේ දෙන්න කියලා කෑගහන්නේ? මහජනතාවට එහෙම එකක් ඕනෑ නැහැ. ඕනෑ නම් ඒ අයනේ කෑගහන්න ඕනෑ. (නි)
ප්‍රශ්න වලට පාලකයෝ විසඳුම් නොදෙනකොට ජනතාව පාරට බැසිය යුතුය. නැත්නම් පාලකයෝ තමන්ගේ සැප ගැන පමණක් කටයුතු කරයි. රටත් ජනතාවත් ගැන වගකීමක් නැත. තමන්ට සිදුවන හිරිහැර ගැන පමණක් පටු විදිහට නොසිතන්න. (නි)
සමහර අය පිටරට ඇවිල්ලා ලංකාවට බනින හැටි අපිට හොදට ඇහෙනවා නොමිලේ ඉගෙනන විශ්ව විද්‍යාලවලින් ඉහළටම ගිහින්, අපෝ අායි නමි ලංකාවටනම් යන්නෑ ' මාර විදියට දාඩිය' රස්නෙයි කිය කිය බනිනවා?. සිංගප්පුරැවෙ වගේ කිසිම දෙයක් නොමිලේ නොදි ඉන්න ඕනැ. (බ)
දුන්නත් උද්ඝෝෂණ නොදුන්නත් උද්ඝෝෂණ මෙම රටට සෙතක් වේවිද (බ)
මේ වගේ වෛරක්කාරයින්ද අනාගතයේ රටේ වගකීම් බාරගන්න හදන්නේ! (නි)
මේ තීරයේ වෛද්‍ය සිසුන්ට විරුද්ධව ලියන ගොඩක් දෙනෙක්, මාලඹේ ඉගෙනගන්න කට්ටිය හෝ ඒ අයගේ හිතවත් කට්ටිය වෙන්න ඇති. මමත් නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන සමත්වුණ පුද්ගලයෙක්. (නි)
සුදේශ් මමනම් ඉස්කෝලෙට, කැම්පස් ගියේ ඉගනගන්න, වැස්සට ගියේ කුඩයක් යටට. (බ)
පාලකයෝ නිදිද? අපේ දරුවෝ මහපාරේ වැටිලා. මේකද යහපාලනය? (නි)
මේ අය උපාධිය අරන් ඉවරවුණාට පස්සෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්නෙ නැත්තෙ මොකද දන්නෙ නැහැ. අනේ අපි නොදන්න අරගල. (නි)
මේ දරුවන් නැත්නම් අද අපිට නිදහස් අධ්‍යාපනයක් නැහැ (නි)
කඳුළු ගෑස් වලට තරුණ ආවේගය නවතන්න බැහැ (නි)
විශ්ව විද්‍යාල සිසුන් මේ අරගල කරන්නේ මොකටද කියලා පොඩ්ඩක් හිතන්න. මමත් මීට අවුරුදු විසිපහකට කලින් මේ වගේම රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව පාරට බැස්සා. කඳුළු ගෑස් කෑවා. හිරේ හිටියා. අද ඒ සටන් වල ප්‍රතිඵලයක් විදියට ලැබුණ රාගම පීඨයේ මගේ දරුවෙක් ඉගෙනගන්නවා. (නි)
දැන්වත් කඩේ යන එක නතර කරලා බලන්න රට කොහෙටද යන්නේ කියලා (නි)
මේ මිනිස්සු පාරට බහින්නේ ප්‍රශ්නයක් තියෙන හින්ද ...... ඒවාට නිසි පිළිතුරු දෙන්න රජයක් විදියට සම්පුර්ණ මැදිහත්වීමක් කරන්න ඕනි ...නැත්තම් මහින්ද මහත්තයට වෙච්ච දේ නෙවෙයි ..මේ ආණ්ඩුවට වෙන්නේ (බ)
මේ කට්ටිය. පුරුදුවෙලා තියෙන්නේ. පෙළපාලි යන්න. ඉතින්. මේ විශ්ව විද්‍යාල. පෙළ පාලි පවත්වන්න. මහියංගනයෙන්. ඉඩම්. අක්කරයක් ලබාදෙන්න. හැමදාම. එතනට. ගිහින්. කෑගහන්න. කියලා මාධ්‍යකරුවන්. කොහොමත් යනවනේ විස්තර දැන ගන්න (බ)
නිදහස් අධ්‍යාපනය තියෙන එකම රට ලංකාව නෙමෙයි. හැබැයි නිදහස් අධ්‍යාපනය තියෙන මෝඩයෝ රැලක් බිහිකරන එකම රට ලංකාව. අනිත් කිසිම රටක ඔය දේවල් නෑ.කාගේ හරි උසිගැන්වීමට පාරට බැහැල, අහේතුව හේතුව කරගෙන මෝඩ කම ප්‍රදර්ශනය කරනවා. (බ)
මේ පොලිස්කාරයින්ට තමන්ගේම කියල ළමයි නැතුව ඇති (බ)
රොමේෂ් තව අවුරුද්දක් දෙකක් යනකොට ඔයාටම වැටහීමක් ඇතිවෙයි. ළිඳේ ඉන්න ගෙම්බා දන්නෙ ළිඳේ ඇතුළත තත්වය විතරයි. (බ)
පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි. හැබැයි ඒලෙවල් අසමත් අයට එම්බීබීඑස් ලබාදීම නැවතිය යුතුයි (බ)
මේකෙ ප්‍රතිචාර දාපු වැඩිපුර අය එංගලන්තෙ ඉගෙන ගත්ත අය වෙන්න අැති. දුප්පත් මිනිසුන්ට නිදහස් අධ්‍යානය වගේම නිදහස් සෞඛ්‍යය සේවයත් මේ රටේ ඉතරු වෙලා තියෙන්නෙ මේ විධියට එදා විශ්වවිද්‍යාල සිසුන් අරගල කරපු නිසා. (බ)
තව හොඳට නාවන්න ඕනා. එතකොට තමයි මොළේ පෑදෙන්නේ? (බ)
ඔය ඔක්කොම හරියනවා අර 23 වැනිදා ඉදියට යන්න යූඇන්පී ඇප් එක ඩවුන්ලොර්ඩ් කර ගත්තනම් (බ)
මේ වගේ දේවල් වලට මොනවා ලියන්නදැයි නොතේරේ. මොවුන්ට යම්කිසි විෂයයක් පිළිබඳව දැනුමක් තිබුනාට බුද්ධිමත්භාවයක් නැතිබවයි මේ අයම පෙන්වන්නේ. බංකොලොත් දේශපාලන අතකොලු නොවී ඉක්මනින්ම ඒ අයගේ අධ්‍යාපනය අවසන් කරගත යුත්තේ මෙයට වඩා මේ අයටම පෞද්ගලිකවම ඉතා වැදගත් වෙන තීරු බදු රහිත වාහනයක් ලබාගැනීම ඉක්මන් කරගතයුතු බැවිනි (නි)
අජිත් - රියාද්, අධ්‍යාපනය ලබද්දී දුප්පත්ද, පොහොසත්ද, ඉගෙනගෙන තියන රට කොහෙද කියන එක නෙමෙයි වැදගත්. දුප්පත් රටක් වෙලත් මෙතෙක් පැවති සෑම රජයක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදුන්නා. ඒ ටිකත් මදිවෙලා උද්දච්චකම ඉහට ගහලා දැන් මේ අය රටේ ජනතාවට පිළලයක් වෙලයි තියෙන්නේ. (නි)
මේ ළමයි මේ කරන්නේ ඉගෙනගන්නා කාලයේ නොකළයුතු වැඩ (නි)
තනිකර ඊර්ෂ්‍යාව. තව එකෙක් ගොඩ යනකොට ඇහේ කටු අනිනවා වගේ (නි)
ඔය පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි වෙන අය පුද්ගලික පාසල් වලින් ඉගෙන ගන්න ළමුන්ට උසස් අධ්‍යාපනය ලබන්න රජයේ විශ්ව විද්‍යාල වලට ගන්න කියල උද්ඝෝෂණය කරනවද මොකද ඒ ළමුන් පුද්ගලික පාසල් ගියේ රජයේ පාසලක් නැති වුන නිසා (බ)
වැරැද්ද නිදහස් අධ්‍යාපනය නෙමෙයි. හැමෝම කැමති උසස් අධයාපනය ලබන්න. හොඳ රැකියාවක් කරන්න. වරද විශ්ව විද්‍යාල පාලක මඩුල්ල. ඔවුන් ළමයින්ට සංවේදී වියයුතුයි. (නි)
අජිත්, ඔයා වැඩකරන රටේ වැඩ කොහොමද? (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරලා ඒ මඟින් හොඳ උගත් දොස්තරලා බිහිකරලා සදලුතලේ ඉන්න දොස්තරලා බිමට තල්ලු කරලා දාන්න ඕනෑ. එතකොට තේරෙයි තමන් කවුද කියලා. ලංකාව තමයි අහංකාර, මාන්නෙන් ඉදිමුණු දොස්තරලා යැයි කියාගත් මිනිස්සු කොට්ඨාශයක් ඉන්න එකම රට (නි)
තමන්ගේ ළමයෙක් සරසවි ගිය දවසට තේරෙයි කාට කාටත්. මේ ළමයි අද පාරට බහින්නේ ඒ ළමයි වෙනුවෙන් නෙමෙයි (නි)
ඔය වෙන මොකුත් නෙමෙයි, පැහැදිලි ඊර්ෂ්‍යාව (නි)
මේ ප්‍රශ්නයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නෙමෙයි. රජයේ විශ්ව විද්‍යාල වලට ගන්න ප්‍රමාණය සාධනීයව වැඩි කළයුතුයි. එතකොට තමයි නියම උගතුන් බිහිවෙන්නේ. පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අවම සුදුසුකම් රජයේ විශ්ව විද්‍යාල සදහා වන අවම සුදුසුකම්ම සහ විභාග ක්‍රමය, රජයේ විභාග දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය වන අයුරින් සකස් වන්නේ නම් කාටත් අසාධාරණයක් නොවේ. (නි)
මේවාට හැමදාම ඉඩදෙන්න බැහැ. පෙළපාලි දැන්වත් නවත්වන්න. රටට විනාශයක් මේක (නි)
රොමේෂ්, රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් අරගල කරන්න මොවුන්ට තිබෙන එකම දේ ඊර්ෂ්‍යාව. (නි)
අජිත් - රියාද්, සල්ලි තිබෙන මිනිස්සු සල්ල දීලා ඉගෙනගත්තම කොහොමද නිදහස් අධ්‍යාපනය නැතිවෙන්නේ? එදා විශ්ව විද්‍යාල සිසුන් කරපු අරගලයක් නැහැ නිදහස් අධ්‍යානය ලබාදෙන්න. එදා විශ්ව විද්‍යාල වලට ගියේ වැදගත් ළමයි. එම ළමයින්ට සමාජයේ පිළිගැනීමක් තිබුනා. (නි)
ධම්මි, ඒගොල්ලන්ටත් ඉන්නවා, අපටත් ඉන්නවා. නමුත් අපි ළමයි හදන්නේ නහැ ලෝකයටත් අපිටත් කරදරයක් වෙන්න (නි)
අර අරගෙන යන හාදයව ඇතුළට ගෙනිහිල්ලා හොඳට සළකන්න කියලයි මම නම් කියන්නේ. (නි)
රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතරව, නිසි ප්‍රමිතියක් ඇතුව පවත්වන පෞද්ගලික විශ්ව විද්‍යාල ද තිබිය යුතුය. (ර)