රජරට ,කොළඹ, ජයවර්ධනපුර හා සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුහු 600ක් පමණ අනුරාධපුර නව බස් නැවතුම්පොළේ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

යාපන හන්දියේ සිට පෙළපාළියේ ආ සිසුහු බස් නැවතුම්පොළේ  මහ පාරේ වාඩි වී සිටියහ.

රජරට සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කැර සුභ සාධන ගැටළු ඉවත් කැර දෙන්නැයි ඔවුහු කියති.

අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ උද්ඝෝෂණය මෙහෙයවයි.