මීට සිවු මසකට පෙර ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණු බවට කටකතා පැතිරුණ ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිං හා ටෙලි නාට්‍යය නිළි අන්කිතා ලෝකනේඩ් වාලා දෙදෙනා පසුගියදාට යෙදි තිබුණ ‘දිවාලි’ උත්සව දිනයේදී නැවතත් එක්වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

ලැබෙන ආරංචිවලට අනුව ඔවුන් දෙදෙනා මෙසේ එක්ව තිබුණේ සෝභා කපූර්ට අයත් ‘බලාජී’ ටෙලි ෆිලිම්ස් ආයතනයේ පැවැති ‘දිවාලි’ උත්සවයේදියි. මේ දින සුශාන්ත් මෙන්ම අන්කිතාද එකම මෝටර් රථයෙන් මෙම ස්ථානයට පැමිණ තිබුණ අතර, ඔවුන් දෙදෙනා වෙනදා මෙන් පෙම්වතුන් ලෙස හැසිරුණු බවද සඳහන්.

සුශාන්ත් පසුගිය කාලයේදී ක්‍රිති ෂැනොන් සමගින් ප්‍රේම සම්බන්ධයක වෙලී සිටි බවට තොරතුරු ලැබුණ අතර, එය පසුව තවත් එක් කටකතාවකට පමණක් සීමාවුණා. සුශාන්ත් මේ දිනවල පෙනී සිටින ‘එම්.එස්. දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 230කට ආසන්න මුදලක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

 

2016-11-02-ent-06