2016-11-10-ent-108

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන රොබඩ් ඩි නීරෝ හිටපු සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන ආනොල්ඩ් ස්වෙසෙනගර් සමගින් ඡායාරූපයක් ගැනීම ප්‍රතික්ෂේපකොට තිබේ. මීට හේතු වී ඇත්තේ පසුගිය සතියේ පැවති උණුසුම්කාරී ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහයෝගය පළ කිරීමයි.

බෙවර්ලි හිල්ටන් හෝටලයක් අතරතුර මිතුදමේ සොඳුරු මතකයක් වෙනුවෙන් ලබාගැනීමට සිටි එම ඡායාරූපය ගන්නා අවස්ථාවේදී රොබඩ් ඩි නිරෝ තවදුරටත් පවසා ඇත්තේ ස්වෙසෙනගර් සහයෝගය පළ කරන්නේ ට්‍රම්ප්ගේ දේශපාලන දැක්ම නම් තමන්ට එතැනින් එහා ස්වෙසනගර් සමගින් ගනුදෙනුවක් නැති බවයි.

ඔහු මේ බව එම අවස්ථාවේදී සෘජුවම ස්‍වෙසෙනගර්ට පැවසීමද මේ වන විට බොහෝදෙ‍නාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. කෙසේවෙතත් මෙවන් පසුබිමක් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ ආනොල්ඩ් ස්වෙසෙනගර් විසින් හිලරි ක්ලින්ටන්ට ඡන්දය නොදෙන බවට පළ කළ ට්විටර් පණිවිඩයයි.

 

2016-11-10-ent-109
2016-11-10-ent-110