දේශපාලන පක්ෂ පැවත්මට ජනතාව යොදාගත යුතු නැහැ ජනතාවගේ පැවත්මටයි දේශපාලන පක්ෂ තිබිය යුත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් නොලැබුණු නිසා අපි මේ දෙමළ ජනතා සභාව ආරම්භ කළ බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ප්‍රකාශ කළේය.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති මංගල ජන හමුවේදී මේ රැස්වීම පැවැත්විණි.
ජනතා සභාවට මීට පෙර නොපැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන්, පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ද උතුරු පළාතේ ආගමික නායකයෝ පිරිසක් ද සහ නීතිඥ වරු මෙන්ම ස්වේච්ඡා සංවිධාන නායකයො ද සහභාගී වී සිටියහ.
විග්නේශ්වරන් මෙසේද කීවේය.
‘අපේ මේ දෙමළ ජනනතා සභාවට සහභාගී වෙන්න එපා යැයි උතුරු පළාත් සභාවෙත් ස්ථාන කිහිපයකට ලියුම් දීලා වගේම ප්‍රකාශයන් කරල තිබුණා ඒ මේ දෙමළ ජනතා සභාව දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් පක්ෂයට අගෞරව කරනවා යැයි බොරු ප්‍රචාරයක් ගෙන යනවා. නමුත් අද ඔබට පේනවා ඇති මේ සහභාගී වෙලා ඉන්න පිරිසෙන් ඒ උත්සහය කොච්චර අසාර්ථක වෙලාද කියලා’
‘අපේ සභාවෙන් අලුත් පක්ෂයක් හදන්නවත් එහෙම නැතුව 2000 වසරේදී ඇති කරගත් දෙමළ ජාතික සන්ධානය බැඳීම් කඩන්නවත් කිසිම උත්සහයක් ගන්නේ නැහැ. ඒක පක්ෂේ නායකයා වෙච්ච ආර්.සම්බන්දන් මහත්තයත් දන්නවා එයත් ඒක පිළිගන්නවා අපි උත්සහ කරන්නේ මේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජාතික ගැටලු වලට මෙච්චර කාලයක් නොලැබුණු විසඳුම් නව ව්‍යවස්ථාවට හරි ඇතුළු කර මේ ජනතාවට සාධාරණයක් කරන්නයි.’
‘ඒ වගේම තමයි මේ ජනතාවට හරි යන්නේ ඉන්දියාවේ ප්‍රාන්තවල සිදු කෙරෙන ‘‘ස්වස්ති” කියන දේශපාලන ක්‍රමයයි එමගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් ලබාගන්න පුළුවන් වේවි.’
මෙම අවස්ථාවට දෙමළ ජනතා සභවේ සියලුම කමිටු සාමාජිකයෝ සහභාගී වී සිටයහ.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වස්තියෙන් උතුරු නැගෙනහිරට විසඳුම්?