ස්විට්සර්ලන්තයේදී ප්‍රථම වතාවට ගිහි නිවසක සර්වරාත්‍රි පිරිත් දේශනයක් පවත්වන ලද බව ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ පවසති.
ජිනීවා නුවර පදිංචි ගීතානි කුමාර ආකාශ් සහ බියන්සි රණසිංහ පවුලේ සංවිධායකත්වයෙන් ඔවුන් පදිංචි නිවසේදී පවත්වන ලද මෙම පිරිත් දේශනය සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් මෙන්ම යුරෝපා ජාතික හිත මිත්‍රාදීන් බොහෝ පිරිසක් සහභාගීවූ බවද උන්වහන්සේ පවසති.
සිරි-මානෙල් අහංගම යුවළත් ඔවුනගේ පවුල් වලට සම්බන්ධ සැමදෙනාත් මෙම පිංකම සංවිධානය කිරීම සඳහා වෙහෙස මහන්සි වූහ.
අලංකාර පිරිත් මණ්ඩපය බොහෝ දෙනෙකුගේ සිත් පහන් කළේය.
ශ්‍රී ලංකාවේදී මෙන් නොව යුරෝපාරටකදී මෙවන් පින්කමක් සිදුකිරීමේදී මුහුණදීමට සිදුවන අසල්වාසීන්ගේ කැමැත්ත ලබාගැනීම, රාත්‍රී කාලයේ අවට නිශ්ශබ්දතාව සුරැකීම, පිරිත් මණ්ඩපය ගොඩනැගීම සඳහා ඉඩකඩ මෙන්ම භික්ෂුන් වහන්සේ සඳහා නවාතැන් සැපයීම වැනි අපහසුතා හේතුවෙන් යුරෝපයේ සෑම රටකම වාගේ මැත කාලයේ සර්වරාත්‍රි පිරිත් දේශනා පවත්වා ඇත්තේ එම කටයුතු සඳහා සුදුසු පරිසරයක් සහ පහසුකම් සහිත විහාරස්ථානයන්හි පමණක් බවද මේ අයුරින් ගිහි නිවසක එවන් පින්කමක් පැවැත්වුණු මුල්ම අවස්ථාව මෙය බවද එම පිරිත් පින්කම ඉතාමත් ගෞරවාන්විතව ගාම්භිරබවක් ඇතිකරමින් සිදුකරන ලද බවද ධම්මික හිමියෝ පැවසුහ.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි, එංගලන්තයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානවාසී තවලම බන්දුල හිමි, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක සරසවියේ විනයභාර ආචාර්ය පැලවත්තේ සුදර්ශනාරාමයේ අත්ලේ සුමන හිමි, ස්වීඩනයේ තායි බෞද්ධ විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි උඩගම නාරද හිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ හල්විටිගල සුජාත හිමි සහ ශ්‍රීපාද විහාරස්ථානයේ කම්පනේ අනුරුද්ධ හිමියෝද මේ පිරිතට වැඩම කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්පී , ඔබ යුරෝපයේ රටක් ජිවිතයටම දැකලා නැහැ වාගේ. එම රටවල රාත්‍රී කාලයේ ශබ්ද විකාශන වලින් හෝ ඒවා නැතුව උනත් රාත්‍රී 10 න් පසුව අසල් වැසියන්ට ඇසෙන්නට කිසිම ශබ්දයක් කිරීමට ඉඩ කඩ නැහැ නීතියෙන් (නදී)
සාදු.........සාදු........සාදු.....(නදී)
මේක ලොකු පින් අතේ වැඩක් (නදී)
සුවිට්සර්ලන්තයේ විතරක් නොවේ කිසිම බටහිර රටක ගිහි නිවසක, එළිවෙනකම් පිරිතක් කිව්වයි කියලා මම අහලා නැහැ මීට පෙර. කිව්වත් වගේ ඒක ලෙහෙසි පහසු කර්තව්‍යක් නම් නෙවෙයි. අසල් වැසියන්ගෙන් අවසර ගැනීම, සමහරවිට නගරසභාවෙන්, පොලිසියෙනුත් අවසර ගන්න සිදු විය හැකියි.....සාදු! සාදු! සාදු! (නදී)
මට යන්න බැරි වුණා. ඒත් මේ පිරිත හරිම ලස්සනට සිදුවුණා. ගීතානි මහත්මිය ඇතුළු සැමදෙනාට තෙරුවන් සරණයි! (නි)
සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට, ආශීර්වාදය, ආරක්ෂාව නිරතුරුවම ලැබෙනු ඇත. එය එසේම වේවා! (නදී)
උතුම් පින්කමක්. ! සර්ව රාත්‍රික පිරිත් දෙහ්ස්නයක් විතරක් නෙවෙයි වෙනත් රටවල් කථින පෙරහැර පින්කම් පැවැත්වීමේදීත් ප්‍රායෝගික අපහසුතා එමටයි. නමුත් ඒ සියලු අපහසුතා මැඩ ගෙන ඒ පින්කම් ඉතා හොඳින් සිදු කරනවා. පන්සල අසල්වැසි වෙනත් ජාතිකයන් ගෙන් කිසිම කරදරයක් බාධාවක් ඇත්තෙත් නැහැ. (නදී)
මට හිතෙනවා මේක මිට පස්සේ ගොඩක් බටහිර රටවල ඉන්න අපේ කට්ටිය පටන් ගනීවි කරන්න (නදී)
සාදු.........සාදු........සාදු.....දහම් සුවයෙන් සැනසෙත්වා! (නදී)
සාදු !! සාදු!! සාදු!! ශ්‍රී ලාංකියෝ හැටියට අපට ඇතිවන්නේ ලොකු සතුටක් මෙන්ම ඔබ ගැන ආඩම්බරයක් (නි)
මහා ආනිසංස පින්කමක්. අමාරු කර්තව්‍යක්. එ්ත් මුදල් වලට අද කරන්න බැරි දෙයක් නැති තරම්. එ්ක තමයි සත්‍යය. මෙයට සභාගි වුනු සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා (නදී)
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අමතක වීගෙන යන සිරිත් විදෙස් රටක ඉටුකිරීම කොතරම් හොදද (නදී)
යුරෝපයේ රටක සිදුවූ මෙය බෞද්ධ අපට ඉතා ආඩම්බරයක්. මෙය පිළියෙළ කරපු සියලු දෙනාටම සහ සහභාගි වු භික්ෂුන් වහන්සේලාට මාගේ ස්තුතිය (නදී)
රස්පී,ශබ්ද විකාශන දැම්මොත් පිරිත කියන්නේ විනාඩි දහයයි.....පොලිසියෙන් ඇවිල්ලා අනිවාර්යෙන් පිරිත නවත්වනවා. (ස)
විදේශ රටක හිටියත් මෙවැනි පුණ්‍ය කර්මයක් කිරීමට සිත් පහල වෙන්නේ පින්බර පවුලකටම බව පවුලේ සාමාජිකයින් ගෙන්ම පෙනී යනවා ! (නදී)
මාගේ අදහස නම්, මෙවැනි දෙවල් කරද්දි අනිත් මිනිසුන්ට කරදරයක් නොවන විදියට වෙන්න ඕනා. නැතුව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන හැමෝටම බාදාවක් වෙන විදිහට කරන්න ගියොත් එය ධර්මයටත් නිගාවක්.(නදී)