IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන

(ගයාන් සූරිය ආරච්චි)

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල්  හතළිස් පන් ලක්ෂයක්  පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් කොල්ලුපිටිය පොලිසියට ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 දා ස්විස්ටර්ලන්තයට  පිටව ගොස් පෙරේදා 27 ලංකාවට පැමිණි බවත් එම කාල සීමාව තුල ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට ඇති අතර කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසයි.

තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මාලයේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, ටවර් මැලටින්ගලක් සහිත මුදුවක්, කොළපෑති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං  බේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩන්ට් එකක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, ඔමෙගා ලේඩිමැටික් වර්ගයේ ඔරලෝසුවක්, ඔමේගා වර්ගයේ රන් ඔර්ලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි  කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (5)

ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන

ගුණරත්න Wednesday, 30 April 2025 02:17 PM

ඔන්න රටකට ගිය කල, තානාපති නිල නිවසක් මංකොල්ලකන තරමට පිරිහිලා. අර ඇමැතියාගෙන් පොලිස්සියේ අය පාඩම් ඉගෙන ගන්න ගියේ නැතෙයි...

:       40       20

කෞෂිWednesday, 30 April 2025 03:04 PM

බුද්ධිමත් ගුණරත්නට ආයෙත් බඩේ අමාරුව වගේ ....

:       12       36

හසකWednesday, 30 April 2025 03:35 PM

ගුණරත්න, කොළඹ ඇවිල්ලා තියෙන අය සාමාන්‍යයෙන් දන්නවා තානාපති නිලනිවාසවල ආරක්ෂාව තියෙන්නේ ඒ තානාපති කාර්යාල භාරව. අවසරයක් නැත්නම් ලංකාවේ ආරක්ෂක අංශවලට ඒ භූමියට ඇතුළු වෙන්නත් තහනම්. මට පේන්නේ නම් මේක ඉන්සයිඩ් ජොබ් එකක්...

:       6       38

fairoos Wednesday, 30 April 2025 06:50 PM

මේවා අල්ලන්න මහලොකු FBI ඕනෑ නැහැ.

:       1       7

prasanna Saturday, 03 May 2025 05:17 PM

ආරගලය දවස්වල මේවා ගමේ ගොඩේ ත් සිද්ද වූවා.. දැන් උන් තමයි අපේ රටේ රජ වෙලා ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site