සිය සැමියා විසින් වින්නඹු කම් කොට දරු ප්‍රසූතිය සිදු කළ 36 හැවිරිදි සිවු දරු මවක මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
කල්පිටියේ පූලච්චේනේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා එසේ මිය ගොස් ඇත.
දින අටකට පෙර පිරිමි දරුවෙකු ප්‍රසූතකොට ඇති අතර, දරුවාගේ පෙකණි වැළ කතුරකින් කපා, ඇගේ සැමියා විසින්ම දරු ප්‍රසූතිය සිදු කොට ඇතැයි පරීක්ෂණ මෙහයවන කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ගුණරත්න මහතා පවසයි. මීට පෙර දරුවන් තිදෙනකුගේ ද වින්නඹුකම් කොට ඇතැයිද කියනුයේ ඇගේ සැමියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන්, ඒවාට පුහුණුවූ කට්ටියක් ඉන්නවා. ඔලුවේ තියෙන මනස්ගාත අත්හරින්න. (නි)
ගොඩක් වීඕජීලා පිරිමිනේ. ඒක... එක්කොත් ඕනේ නැහැ. සහජීවනේනේ (බ)
මම කියන්නද ඇයි ඉස්පිරිතලේ ගියෙ නැත්තෙ කියල? (බ)
පවු! බොහොම ආදරෙන් ජීවත්වූ දෙදෙනෙක් වෙන්න ඇති (නි)
කණගාටුදායක පුවතක් (නි)
ගයාන් , කියන්න එපා. සහජීවනෙට හොඳ නැහැ (බ)
මෙවැනි අවදානම් අවස්ථාවක් ඇයි අපේ මිනිස්සු සුළුවෙන් හිතන්නේ වෛද්‍ය උපදෙස් ගන්නේ නැතුව (බ)
මේ පුහුණුව හැම පිරිමියෙකුටම දුන්න නම් රජයටත් ලාබයි. (බ)
ගයාන් ඇත්තටම ඇයි ඉස්පිරිතාලේ ගියේ නැත්තේ. කඩේ වහයි කියල බයටද (බ)
ගයාන් කියන්න ඇයි අතරමග නැවැත්තුවේ (බ)
මේවා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු අතින් සිදුවියයුතු කටයුතු නේද? අපරාදේ ජීවිතයක්! (නි)
චමල් උත්තරේ දීල ඔන්න. දී කිරට කවුද සාක්කිත් දීල (බ)