කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ බව තමන්ට මතක නැතැයි ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටින සැරයන් රොබට් බේල්ස් පවසා ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජෝන් බ‍්‍රවුන් පවසයි. නීතීඥවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ අදහස් පළ කරමින්ය. -‘‘එම ඝාතන සිද්ධිය ගැන ඔහුට කිසිවක් මතක නැහැ. ඊට පෙර සිදුවූ සිදුවීම්ද ඔහුට මතක නැහැ. ඔහු හමුදාවට බාර වී ඇත්තේ ඔහු අතින් කිසියම් වරදක් සිදුවූ බව ඉවෙන් මෙන් වැටහීමෙනුයි” යැයි නීතීඥ ජෝන් බ‍්‍රවුන් පවසයි. හමුදා සැරයන් රොබට් බේල්ස් මේ වනවිට ඇමෙරිකාවේ කැන්සාස් ප‍්‍රාන්තයේ ලෙවෙන්වෝත් හමුදා කඳවුරේ රඳවා තබා ඇති අතර නීතීඥවරයාට ඔහු හමුවී ඇත්තේ ද එහිදීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd