මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 11ක් සපිරීම නිමිත්තෙන් ‘‘සිවරාම් මරා දමා වසර 11යි. ඝාතකයින් නිදැල්ලේ. පරීක්ෂණ යළි අරඹනු‘‘ මැයෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (29) දහවල් 11ට කොළඹ කොටුවේ දී පැවැත්වීමට නියමිතය.
දෙමළ ජනමාධ්‍ය සංවිධානය,ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය (ලංකා පාර්ශ්වය), ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ ඇතුළු ජනමාධ්‍ය සංගම් ද ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණය සංවිධානය කරයි.
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටියේ දී පැහැරගෙන ගොස් මරා දමා තිබිණි. ඔහුගේ සිරුර හමුවූයේ පාර්ලිමේන්තුව ප්‍රදේශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් අපේ ශ්‍රී ලංකාවනේ. ඕවා ඔහොම තමයි (නි)
මේවා විසඳුම් නැති ප්‍රශ්න ගානටයි අපි නම් හිතාගෙන ඉන්නේ (නි)
මේ විදිහටම තවත් වටිනා පුද්ගලයින් ඝාතනය කළ ඝාතකයින් කීදෙනෙක් තවම නිදැල්ලේද? (නි)
මතක තියා ගන්න එකක්, සිවරාම් මළේ චන්ද්‍රිකා සුර දූතියගේ කාලේ. (බ)
ඔව්..ශිවරාම් කියන ටැමිල්නෙට් වෙබ් එක කරපු කෙනාගේ ඝාතනය වගේම වසර 7 කට කලින් වේලුපිල්ලේ ප්‍රභාකරන් මරපු හැටිත් හොයලා හමුදාපතිවරු ඇතුළු සියලු රණවිරුවන් එල්ලා දමන්න.(බ)
ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා වගේම වැරදි කරන කෙනෙක්ට දඩුවම් කරන්නත් රටේ නීති තියෙනවා, (කෞ)