දිගු කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විසිවැනි මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා හෙට (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට ඉතිහාසයේ 70 වැනි අයවැයයි.
මෙවර අයැවය අධ්‍යාපනය හා සෞඛ්‍ය යනාදී මූලික ක්ෂේත්‍රවලට කෙරෙන වියදම් කප්පාදු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අපේක්ෂා ඉටු කරන ලද අයවැයක් යැයි ඊට විරුද්ධව අදහස් දක්වන්නෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සංවර්ධනය රටවැසියාටද? නැත්නම් ඔය කියන අයටද? (නි)
ගිය පාරත් දැක්කනේ මෙයාලගේ පැණි බේරෙන අයවැය (නි)
හොඳයි හොඳයි. කයිවාරු ඕනෑ නැහැ අපිට (නි)
ගිය පාර එකේ නම් ඉතුරුවුණේ ගරු කථානායකතුමනි විතරයි. මේ පාර එ්ක ටිකක් සංවර්ධනය කරයි (නි)
බලමු බලමු තව ටික වෙලාවනේ. ලෙහන්න තිබෙන මල්ල ඔබන්නේ මොකටද කියලා සිංහලෙන් උපහැරණයක් තිබෙනවානේ (නි)
වෙනත් රටවල අයවැය සකස් කරනවිට ලංකාවේ වගේ ආගමික නායකයින් හම්බවෙන්න යන්නේ නැහැ. අනික අයවැය ලේඛනය ලස්සන වචන වලින් සරසන්නේ නැහැ. විෂය භාර ඇමතිතුමෙක් තමාගේ අයවැයට පුරෝකථන දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. නමුත් අප දන්නා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මී පැණි ගෑ හලාහළ විෂ සේ පීඩිත ජනතාව වැනසෙන අන්දමටම තමයි එය සකස්වුණේ. (නි)
බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. ඕක අර කට්ටිය කිව්වා වගේ නව ලිබරල්වාදී අයවැයක්. ගොවියෝ සහ ජනතාව පටි තද කරගෙන පිටරටින් එන හාල් කන්න බලා ඉන්න. (නි)
මෙයා හරි අය වැයක් දැකලවත් නැහැ .(බ)
මැති ඇමැතිවරුන්ට ටිකක් නිදා ගන්න ලැබේවි (බ)