සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ටී.එම්.ජයසුමන චන්ද්‍රවංශ පතිරාජට ජූලි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) නොතීසි නිකුත් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට විරුද්ධව අද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩු තුනක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දුන් අතර 2014 නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නියතජය, ශනිදා වාසනා, සුපර් බෝල්, ජනජය, ජයෝදා හා සංවර්ධන වාසනා යන ලොතරැයි ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකරමින් අයුතු සහගත ලෙස රජයට රුපියල් මිලියන 22ක් පාඩු කළැයි ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd