ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
සාමාන්‍යයෙන් එම මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි අලෙවි කරන බවද, ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලවිය 25% කින් පමණ අඩු වූ බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මුදල් අමාත්‍යංශයෙන් ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කළ ද එම යෝජනාව ආපස්සට ගෙන ලොතරැයියක් රුපියල් 20 ටම අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. එසේ වුවද රුපියල් 30ට මුද්‍රණය කළ ලොතරැයි පත් තොගය අවසන් වන තුරු රුපියල් 20 ට අලෙවි කළ නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොතරැයි කියන්නේ ආහාර ද්‍රව්‍ය වගේ ජනතාවට අතය අවශ්‍ය දෙයක් නොවෙයි. මේවා මිලට නොගෙන ඉන්න තරමට මිනිසුන්ට වාසියි. මිල වැඩි කරන්න යෝජනා කළ පුද්ගලයා කවුරු වුනත් මහා මෝඩයෙක්. තව මිල වැඩි කෙරුවොත් ලොතරැය්ය වඳ වෙලාම යන්න පුළුවනි. (බ)
ඔය පාඩුව රවී කරුණානායකගෙන් අය කර ගන්න එෆ් සී අය් ඩී එකට පැමිණිලි කරන්න (බ)
හොද වැඩේ .අර රත්රන් බිත්තර දාපු කිකිලිට වුනදේ තමා. (බ)
ව්‍යාපාර පිළිිබඳව නිසි සැළසුම් නොමැති අසමත් නිලධාරීන් සහ ඇමතිවරුන් ඉන්නකොට ඔහොම වෙනවා. කොහොමහරි සල්ලි හොයන්නනෙ ඒගොල්ලෝ හදන්නෙ. හැබැයි ආර්ථික විද්‍යාව ප්‍රායෝගිකව දන්නවා නම් ඔහොම කරන්නෙ නැහැ. (නි)
අන්තිමට මේ අය වැයෙත් 'ගරු කතානායක තුමනි ' කෑල්ල විතරක් ඉතුරු වෙන කල් යෝජනා වෙනස් වෙයිද? (බ)
කොහොමද ටිකිරි මොළේ? දැන් සනීපයිද? (නි)
රුපියල් 30ට ගහපු ලොතරැයි ටික තියාගන්න. 20 කළාම අපි ගන්නම් (නි)
සැළසුම්රහිතව ප්‍රමාණික සැළසුම්කරුවන්ගේ උපදෙස් රහිතව හිතුමතේ කටයුතු කිරීම නිසා මෙම පාඩුව සිදුව ඇතැයි සිතමි. (නි)
ඔය ටික තේරුම්ගන්න බැරි අයද මණ්ඩලේ ඉන්නේ. ලොතරැයිය මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. ගාන වැඩිවුණොත් නොගෙන ඉන්නවා. එහෙම නම්‍යතාවයක් එතන තිබෙනවා. හාල් මිල වැඩිවුණොත් බැන බැන හරි ගන්නවා. නමුත් ලොතරැයි ගැනිල්ල එහෙම නොවෙයි කියලා ඔය උපදෙස් දෙන අර්ථ සාස්තර කියන අය දන්නේ නැද්ද? (නි)
හොද වැඩේ .අර රත්රන් බිතර දාපු කිකිලිට වුනදේ තමා. (අ)
එතකොට විධායක ජනාධිපතිගේ අණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අයියෝ (අ)
බලමු මේකට එෆ් සී අයි ඩී ගෙනියන්නේ කව්ද කියල (අ)
මේ වංචාවලට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්නේ නැතුව ඉන්න මිනිස්සු පුරුදු වුණා නම් ඉවරනේ (නි)
බොරු වැඩක්නේ කරේ.(හේ)
30 ගහපුවා ඉවර වෙනකන් 20ට විකුණන්න බැරි නම් පාඩු විඳින එකයි ඇත්තේ. මණ්ඩලේට ඔහොම පාඩු වෙනවා නම් අර ටිකට් විකුණන පොඩි මිනිහට කොහොම දැනෙයිද? (නි)
පාඩු වෙන්නේ නැද්ද මේ කරන පිස්සු වැඩ නිසා.(හේ)
ඇත්තටම ඔය සංවර්ධන ලොතරැයියෙන් රටට වෙන සෙත මොකක්ද. ඕකෙන් කියනවනේ ඉස්පිරිතාල වලට මුදල් දෙනවා, අසරණ රෝගී මිනිසුන්ට ප්‍රතිකාර කරගන්න අාධාර කරනවා කියල. එ්ත් මොනවද රටේ වෙන්නේ. අසරණ මිනිස්සු බරතතල ලෙඩක් හැදුනම අාධාර හොයන්න හැමතැනම යනවා. බැරිවුණොත් ඒ මිනිස්සු මැරිලා යනවා. ඔය ලොතරැයි වලින් රජය අවුරුද්දකට බිලියන 20ක් හොයාගන්නවලු. එ්ත් රටේ ජනතාවට මොකුත්ම වෙන්නේ නැහැ. මහරගම පිළිකා රෝහලේ ස්කෑන් මැෂිම ගත්තෙත් මිනිස්සු සල්ලි එකතු කරලා. (නි)
බමුණු, එහෙම කියන්න එපා. අපේ රටේ ඉන්න මුදල් ඇමතිතුමා තරමට නම්ය -අනම්‍ය ඉල්ලුම ගැන දන්නා කවුරුවත් නැහැ. එ්කනේ ළඟදි සම්මානයකුත් ලැබුනේ. ඒ වගේම හැම එකක්ම අනාගන්නේ (නි)
ඔය කියන සම්මානය දුන්නේ ලෝකේ ඔය විදිහේ මුදල් ඇමතියෙක් සොයාගන්න බැරිවුණ නිසා වෙන්නත් බැරි නැහැ. ලොතරැයිය ඔය පාඩුව ලබන්න ඕනෑ නැහැ. මතුපිට වටිනාකම රුපියල් 20යි කියල මුද්‍රා තියලා විකුණුවා නම් හා මහජනතාව දැනුවත් කළා නම් ඉවරනේ. නිකම්ම නිකන් මහජනයාගෙන් ඔය සූරාකන සල්ලි සාධාරණ විදිහට ගත්තා නම් ඉවරනේ. ඕක රුපියල් 10 කරනකම් සියලු දෙනාම ඕක ගැනීමෙන් වැළකි සිටිය යුතුයි. (නි)
මෙහෙව් අය රටේ නායකයා වුණාම ඔහොම තමයි (බ)
මණ්ඩලයට කීයක් පාඩු වුනත් ඕකෙන් රටට පාඩුවක් සිදුවන්නේ නැත (බ)
පිස්සෝ (බ)
රටක වැදගත් තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩු කරන සියලු දෙනාගේ සාමූහිකත්වයෙන් යුතුවයි. එක එක අයගේ බලපුළුවන්කාරකම් මත තීන්දු තීරණ ගන්න ගියාම ඔයවගේ අකරතැබ්බවලට මුහුණ පාන්න සිදු වෙනවා. එහෙත් මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා ඒවායෙහි අනිසි විපාක විඳින්න වෙන්නේ ජනතාවටමයි. (බ)
ආර්ථික විද්‍යාවේ හෝඩිය වත් දන්නේනෙති ඔලුව ඉදිමිච්ච එකෙක්ව මුදල් අැමති කළ, මහා පුටුවල ඉන්න දෙන්නාගෙන් තමයි ඔය පාඩුව ඉල්ලගන්න තියෙන්නේ.! ලොතරැයි කියන්නේ මිනිසුන්ට අවශ්‍යම දෙයකුත් නෙමෙයි, ඕක අැදුන අයට වෙච්ච දියුණුවක් අහන්නත්, දකින්නත් නැහැ (බ)
ඕකෙන් ජනතාවට සෙතක් කරන්න ඕනේ නම් පුළුවන්නේ දස ලක්සයේ දිනුම් 5 හෝ 10 දෙන්න පුළුවන්නේ . එතකොට දිනුම් අවස්ථා වැඩි නිසා කට්ටිය වැඩියෙන් ලොතරැයි පත් ලබා ගනී (බ)