රැකියා ලාභී උපාධිධාරී සංගමය අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණ තමන්ට වන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් නිකුත් කර ඇති සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරී සම්බන්ධ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඇති බව ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන්වේ. එම චක්‍රලේඛනය සංශෝධනය කර සංවර්ධන නිලධාරීන්ට අදාළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රාජකාරී පැවරෙන පරිදි යළි නිකුත් කරන්නැයි ඔවුහු ඉල්ලති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධන නිළධාරි තනතුරේ නිවැරදි රාජකාරි පැවරිම ආයතන ප්‍රධානින්ගේ වගකිම......මේවන විට රාජ්‍ය ආයතනවල සංවර්ධන නිලධාරීන් විසින් විශාල සේවාවක් සිදු කරනු ලබන බව රහසක් නොවේ.....කුහක විදිහට රටේ උගත් බුද්ධිමත් පිරිසක් දෙස බැලීමෙන් වලකින්න...(බ)
මේ තනතුර නම් මෙලෝ රහක් නැති එකක්! හිටපු දේශපාලකයෝ තමන්ගේ දේශපාලන උවමනා එපාකම් පිරිමහ ගන්න හදපු තනතුරක්! අපේ අල්ලපු ගෙදර ඔය නිලධාරිනියෙක් ඉන්නවා බැලුවොත් හැමදාම ගෙදර! (ම)
මේ තනතුර නම් මෙලෝ රහක් නැති එකක්! හිටපු දේශපාලකයෝ තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් පිරිමහ ගන්න හදපු තනතුරක්! (ම)
මේ අයට පවරන්න තම ගමේ අදායම් තත්ත්වය දියුණුකර ගම සංවර්ධනය කරන්න.(ම)
තනතුරේ තත්වය නිවරිදිව දේශපාලඥයින් හදුනා ගෙන නැත. වැරුද්ද තිබෙන්නේ රාජකාරි පැවරු අයගේ.තනතුරට දොස් කිමෙන් වැඩක් නැත.සංවර්ධන නිළධාරි තනතුරේ නිවරිදි රාජකාරි පැවරිම ආයතන ප්‍රධානින්ගේ වගකිමයි.(හේ)
මේක බලන හැම කෙනෙක්ම එකතුවෙන්න අපිත් මොවුන්ට විරුද්ධව මානව හිමිකම් යමු (බ)
රැකියා විරහිතයින්ගේ සංගමේ හිටපු ලොක්කා රැකියාව ලබා ඒකේ රැකියා ලාභීන්ගේ ලොක්කා වෙලා. රජයේ රැකියාම ඉල්ලන්නෙ ඇයි කියලා පේනවනේ. (අ)