සිවුරක් දාගත් පළියට නීතියේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම් කළ නොහැකි දෙයක් බවත් එලෙස කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට කිසිසේත ඉඩ නොදීමට නීතිපිති හා පොලිස්පතිවරයා උපරිම ආකාරයෙන් කටයුතු කළ යුතු බව නීතිඥ එකමුතුවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා කීය.
දේශපාලන වේදිකාවක හෝ පාරේ කරනා ප‍්‍රකාශ ආකාරයේ යමෙකු අධිකරණයේ හැසිරෙන්නේ නම් එය අධිකරණයට කරන අපහාසයක් බවද මෙවැනි අයට එරෙහිව උපරිම ආකාරයෙන් කටයුතු නොකළහොත් දේශපාලන අවතාර පවතින නඩුවලට මැදිහත් වීමක් අනාගතයේදී සිදුවනු ඇතැයි ද වැලිඅමුණ මහතා කියා සිටියේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයක් අතරතුරදී අශෝභන ආකාරයෙන් හැසිරීම හෙළා දකිමින් නීතිඥ එකමුතුව කොළඹ අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (26) මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් දැක්වීය.
‘හෝමාගම අධිකරණය ඇතුළත පෙරේදා පැවැති නඩු විභාගයකට සහභාගී වූ ඥානසාර හිමි නඩු කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර එය අධිකරණයට කළ අපහාසයක් ලෙස අපි සලකනවා. එලෙස නඩු කටයුතුවලට බාධා කිරීම ගැන නීතිඥ එකමුතුව දැඩි විරෝධය පළ කරනවා. එය සමාජයට අහිතකර පණිවිඩයක් සහා නීතියට කරන අපහාහසයක්‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකාට නීතිය කොරන කොට සමානව කළාද එතකොව හැංගිලා හිටියා උතුරේ ත්‍රස්තයො සමරනකොට හැංගිලා බදුර්දීන්ට නීතිය ක්‍රියාත්මක නොකොරන කොට උඔලා කොහෙද හිටියෙ? තව ටික දිනකින් මේ සිංහල අපගෙ රටයි...වගෙ ජාතිකාභිමානී ගීතත් තහනම් කරයි ජාතිවාදී කියල (බ)
මෙයා මේ ආණ්ඩුවට සුපර් මාකට් ගිහින් අර පරීක්ෂණ මේ පරීක්ෂණ කමිටුවල ඉඳල දැනටම රුපියල් දස ලක්ෂ ගණනක් මහජනයාගේ සල්ලි අරගෙන ඉන්නේ. ඉතින් තව තව කඩේ යන්නේ නැතිව කොහොමද (බ)
එතකොට බදුර්දීන්? හිරුනිකා? ඇඹිලිපිටිය පොලිසිය? රාජිත? මෙයාල නීතියේ උඩද? (බ)
කුසුම්, ඔබට ස්තුතියි. මෙතන සාධාරනය නීතියේ ආධිපත්‍යය ගැන කෑගහන අය සිංහල අයිතිය, බොදු අයිතිය විනාශ කරනකොට ඉන්න ඇත්තේ මර නින්දේ වෙන්න ඇති. සිංහල අයිතිය බොදු අයිතිය මේ මොහොතේත් විනාශවෙමින් පවතිනවා. ඥානසාර හිමියන් කෑගැසුවේ සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙනි. (නි)
රවුම් තොප්පියට බුරිය පේන්න අදින සාරියට, පහල උසාවියේ නෙමෙයි මහාධිකරණය ඇතුලේ දුරකථනය නාද කරපු සගයට ඔය නිතිය බල පාන්නේ නැහැ නේද. අහිංසක මිනිහෙක් නඩුවකට පැටලිලා අාපුහම එකාගේ ඇට ලේ මස් නහර ඉදලම සුරාකන කට්ටිය තමයි මේක කියන්නේ. නම සිංහල වුනාට පියා සිංහලද කියල අම්මගෙන් ඇහුව නම් හරියට දැන ගන්න තිබුණා (බ)
සම්පත් - ඩුබායි, දැන් ලංකාවේ බුද්ධාගම නමට විතරයි. රූපවාහිනියෙන් බැලුවත්, පත්තරයක් කියෙවුවත් අහන්න ලැබෙන්නේ මිනීමැරුම්, දුෂණ වාගේ දේවල්. මම පිටරට වැඩකරන්නේ. හරිම ආසාවෙන් නිවාඩු යන්නේ. ඒත් කියන්න කණගාටුයි, ගුවන් තොටුපොළේ සිට ගෙදර යන්නේ මරන්න අරන් යනවා වගෙයි. මගේ පුද්ගලික මතය නම් අපේ රටේ මිනිසුන් තිරිසනුන්ටත් වඩා අන්තයි. අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ. රජ කාලේ නීතියත්, දඬුවමුත් නැවත ගෙනෙන්න. කාලයක් එහෙම රට පාලනය කරලා, ප්‍රගතිය බලා ටික ටික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළයුතුයි (නි)
ඔය සුද්දන් හදපු, උසාවි වල කිසිම මනුස්සකමක් නැති, එක්තරා කොටසක් විතරක් විරාජමාන ලෙස වැජඹෙන ඔය ගඳ ගහන නිතිය වහාම වෙනස් කළ යුතුයි. (බ)
හාමුදුරුවන්ව වහාම එළියට දැම්මොත් තමා හොඳ. ප්‍රශ්නය ඔඩු දුවන්න කලින්. (බ)
වැලිඅමුණගේ විදේශ ගිණුමට තවත් ඩොලර් කුට්ටියක් වැටිලා වගේ. (බ)
බුද්ධාගමට අසාධාරණයක් වෙනවානම් අපි එක හෙලා නැගිටිනවා සාසනය විනාශ කරන තක්කඩි නිසා ආගම විනාශ වෙනවා ඒ අයට කඩේනම් යන්නේ නැහැ (බ)
සිවුරට තමයි නීති තොපේ. වරෙව්කො ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්. ඒකත් ගනිව් තොප්පි කාරයන්ගෙන්. දිනපියව්කො උන්ගෙන් විතරක් ඡන්දෙ අරන්. (බ)
සිවුර නීතියට යට වෙන්නෙ කොහොමද? නීතිය තියෙන්නේ සිවුර රකින්න. අපේ ලංකාවේ ව්‍යවස්ථාවේ 2 වෙනි පරිච්ඡේදය කියවල බලන්න හොයාගෙන. (බ)
ඔය වැලිඅමුණ කියන නිතීඥ මහතා මම හොඳට දන්නවා. එයා පහුගිය කාලෙ කළේ කොටි හිතවාදී එන්ජීඕ එක්ක එකතු වෙලා රට අපකීර්තියට පත් කරන්න හොර වාර්තා හදපු එක. මේගොල්ලන්ට සිංහල ජාතියත් බුද්ධාගමත් එක්ක තියෙන්නේ පුදුම වෛරයක්. (බ)
අනේ අපේ සිංහල බෞද්ධ රටට ගිය කල (බ)
වලිඅමුනට සල්ලි දුන්නොත් හැමුදුරුවන් වෙනුවෙන් කතා කරවී.
මේ අය පොඩි ලියුම් කෑල්ලක් ලියන්නත් පොඩි මිනිසුන්ගෙන් පවා රුපියල් දහ පහළොස්දාස් ගණන් ගන්නවා. කවදාවත් ඒවාට බිල් ගෙවීමක් නැහැ. මේ අය කවදාද රජයට බදු ගෙවලා තියෙන්නේ? පළමුව මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනෑ. "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු. (නි)
දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නේ නැතුව, හොද වැඩේ (කෞ)
නීතිය කාටත් පොදුයි (නි)
හාමුදුරුවන් වහාම නිදහස් කරොත් තමයි හොඳ. අපි දන්නවා ඔය රූකඩ වලට ඕනෑවෙලා තියෙන්නේ මොකක්ද? (ම)
මෙයා මට තවත් සල්ලි දෙන්න තියෙනවා (බ)
හිරුනිකා උත්තමාවියක්ද (බ)
පරදේසක්කාරයෝ (බ)
අද දක්වා සිංහලයත් බොදු දහමත් ඉතිරි වෙලා තිබෙන්නේ මෙවන් භික්ෂුන් වහන්සේලා නිසා බව නීතිය දන්නෝත් නීති ගරුකයොත් සිහියට ගනු මැනවි (බ)
හැම එකාගෙම බයිලා කුට්ට්ය ලැබෙන නිසයි.නීති ඔස්තාර්ලගෙ කටවල් වල පිට්ටුද ඇඹිලිපිටිය ගැන.බොරු කිව්ව ගෑනි බේරගන්න ඇත්ත කිව්ව හාමුදුරුවො කූඩු කළා (බ)
මොන නීතියටත් වැඩිය, සිවුරට ගරු කරන්න ඕනේ, අපේ හාමුදුරුවෝ මොන විදිහට හැසිරුනත්, උන් වහන්සේලාගේ ගරුත්වය රැකෙන විදිහට හොඳින් විසඳ ගන්න තිබ්බ, දැන් වැඩේ වෙලා තියෙන්නේ එන්න එන්න ම බුදුදහම තර්ජන එල්ලවෙනවා (කෞ)
උසාවියේ ඉන්නේ දෙවිවරුන්ද ? (බ)
වැලිඅමුණ බෞද්ධයෙක් නෙවෙයි, ඊටත් වැඩිය කොටි හිතවාදී එන් ජි ඕ කුක්කෙක්. ඔය මනුස්සයා දැන් අවුරුදු දෙකකට විතර කලිනුත් ඔස්ට්‍ර්ලියාවේ එස් බී එස් රුපවාහිනියේ සාකච්ඡාවකට ඇවිත් මාතෘකාවෙන් පිට පැනලා බොදු බල සේනාව දරුණු ලෙස විවේචනය කළා. බෞද්ධයන්ව නැතිකරන්න ඩොලර් කුට්ටි කන එකෙක්වයි අද අපේ ආණ්ඩුව උඩට අරන් තියෙන්නේ.(බ)
ඡන්ද දීලා දැන් විඳවනවා. ශ්‍රී ලාංකිකයෝ එක තැන පල්වීමට කැමති කම්මැලි, පරගැති, නියාලු ජාතියක් (නි)
දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නේ නැතුවට හොඳ වැඩේ. සිංහලයට මෙහෙම වුණේ මේ වගේ හිතන සිංහලයෝ නිසා. (නි)
සිවුරත් යට බව ඇත්ත. ඒත් මානුෂීය පැත්තෙන් හිතද්දී හාමුදුරුවෝ හරි (නි)
හාමුදුරුවෝ බේරගන්න විදියක් ගැන බලමු අපි (නි)
ලැබියයුත්තන්ට සොබා ධර්මය විසින්ම බොහොම ඉක්මනටම දඬුවම් ලබාදේවි (නි)
නාමල් හරියටම ලංකාදීප සහ අනෙක් පත්තර බලන්නේ නැතුව ඇති. ඒ වගේම රට වටේ විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ගිහිල්ලත් නැතුව ඇති. (බ)
කැප්පෙට්ටිපොල, ඔබත් අර බොදු බලේ වගේ ඕස්ට්‍රේලියාවේ තියෙන සංවිධනයේ සාමාජිකයෙක් වගේ නේද. (බ)
දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නේ නැතුව, හොද වැඩේ (බ)
ඔවු. ඔය වගේ හිතනකොට අපේ දුටුගැමුණු කාලේ හිටි ථෙරපුත්තාභය හාමුදුරුවරුන්ව වුණත් හිරේ දාන්න බලයි. තමුන්ගේ ආගමේ තිබෙන ප්‍රශ්න විසඳන්නේ නැතුව අපේ බුද්ධාගමට පහර ගහන්නේ මොන දේකටද? (නි)
ඒ වුනාට සාටකේ යටත් නෑනේ..(බ)
අර රායප්පු ජෝසප් උන්නැහේට මේ නිතිය බලපාන්නේ නැද්ද ? (බ)
ඕලන්දෙන් පොම්ප කරපු නීති පරයට ඕනා විධිහටයි ඩොලරයට නැටවෙන එන්ජීඕ කුක්කා කොටි රූකඩ වැලි අමුණයි අව නීතියෙන් රට නටවන්නයි යන්නේ රට කරවන පදයයි .වාදයයි රට හොදටම වනසන්නේ සිංහලයට බොදු මිනිසා වැලළෙනකම් පරයන්ගේ සටන නැත නවතින්නේ පරයෝ නසන සටනට සගරුවනයි යෝධ බලයවෙන්නේ (බ)
බදුර්දීන්ට නීතිය ක්‍රියාත්මක නොකොරන කොට උඔලා කොහෙද හිටියෙ?බුද්ධාගමට අපාහස කරනකොට උඔලා කොහේද හිටියේ?කෝ උඔලගේ මහලොකු ඔය නීතිය?එදා ඉදන් සිංහලයට තමයි ඔය ඔක්කොම නීතිය (බ)
සිව්රු නැතුව රවුමට මහපු තොප්පි දාගෙන ගියානම් ඕන නීතියක් යටයි! (බ)
නීතයට හැමෝම ගරු කරන්න ඕන ඒත් රටේ නීතිය හැමෝටම සාධාරණ නැහැ ඇඹිලිපිටිය සිද්ධිය හිරුනිකාගේ සිද්ධිය ආදියෙන් ඒ බව පේනවා රටේ නීතිය මෙහෙය වන අය ගැනත් සෑහෙන්න බැහැ රෝම ලන්දේසි නීතිය ලංකාවට ගැලපෙන්නේ නැහැ (අ)
එටකොට සාරිය (අ)
හිරුණිකා මොකද (අ)
මේ වැලිඅමුණ කියන කෙනා ඩොලර් වලට ඕනෑම පහත් දෙයක් කරනවා ඔහුට එකතු වී ඇති නඩයද ඒ ජාතිය තමයි. (බ)
අධිතරණයට අපහාස කරන්නේ කවුද කියලා ජනතාව දන්නවා (බ)
සිවුර පමණද නීතියට යට? (නි)
මේ වැලිඅමුණ කියන පුද්ගලයා තමයි ඉස්සෙල්ලම හිරේ දාන්න ඕන. මොහු යුද්දේ අවසාන අදියරේදී ඔස්ට්‍රේලියාවට පැමිණ කොටි හිතවාදීන් එක්ක තම මාතෘ භූමියට එරෙහිව සම්මන්ත්‍රණ පවත්වා යුද්දේ නතර කරන්න කියල රට පාවා දුන්න අශෝභන මිනිහෙක් (බ)
ඇඹිලිපිටිය සිද්ධියේ දී ඔබ තුමන්ලා කොහෙද හිටියේ. (බ)
කුසුම්, ඔයාට කුසුම් පොකුරක් මම පුදකරනවා, පිළිගන්න. නම් වශයෙන් කියන්න ඕනෑ නැහැ, තවත් හුඟදෙනෙක් ඉන්නවා මෙතන අගය කළයුතු නියම සිංහලයෝ. මටත් ඌණ පුර්ණයක් තියනවා කියන්න. අර නඩුකාරතුමන්ලාගේ ගෙවල් වලට ගල් ගහපු කාලේ මේ අය කොහෙද හිටියේ (නි)
අර පනත ගෙනඑම කඩිනම්කරන්න කියා ඥානසාර හාමුදුරුවෝ ඉංගිකරනවා (අ)
අනේ හොඳයි! (බ)
බුද්ධාගමට ගහන්න අවස්ථාවක් අවොත් උඩ දාගෙන ගහන්න ඕනේ තරම් සෙනග ඉන්නවා, මෙහෙම එක කටක් ඇරෙනවද බුද්ධාගමට වෙන අසාධාරණයන්ට විරුද්ධව, වෙනත් අන්තවාදීන්ට විරුද්ධව? (බ)
ලංකාවේ ඕනේ තරම් උසාවි ඇතුලටම පැනල සැකකරුවෝ මර දැමීම, පහර ගැනීම්, නඩු වාර්තා අතුරුදහන් කිරීම් කරලා තියනවා. එත් අපිනම් දැකල නෑ මේ එකමුතු මොකක්වත් ඒවාට විරුද්ධව කටක් අරිනවා. ආආඅ මේ බෞද්ධ භිකුෂු නමක් සම්බන්ධ දෙයක්නේ.... ඉතින් එන්.ජී.ඕ සල්ලිවල ණය ගෙවන්නත් එපැයි. (කෞ)
තරහා යනවා මෙයාගේ වදන් වලට (බ)
උසාවියට ගල්ගහන එක අපහාසයක් නෙමේලු. කෑගැහුවොත් විතරලු අපහාස වෙන්නෙ... අනේද කියන්නේ! (කෞ)