ශ්‍රි ලංකාවේ මුස්ලිම්වරුන් අල්ලා දෙවියන් වහන්සේට යාච්ඥා පවත්වමින් හජ්ජි උළෙල සමරති. ප්‍රධාන යාච්ඥා මෙහෙය ගාලු මුවදොර පිටියේ අද (12) පැවැත්විණි. දිවයිනේ බොහෝ පළාත්හි හජ් උළෙල සැමරේ.
ඉස්ලාම් ආගම අනුව මුස්ලිම්වරුන්ගේ කැපකිරිම හා පරිත්‍යාගය ඉහළම මට්ටමින් කරන උළෙලක් ලෙස ලොව පුරා මුස්ලිම්වරු අද දිනය සමරති.
වසර 4000 කට වඩා පැරණි මෙම හජ් උත්සවයේ තේරුම වනුයේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව සමාජයේ පිඩිත කොටස් වලට උදව් උපකාර කරමින් සාමයෙන් හා සමගියෙන් ජිවත් වීම බව ඉස්ලාම් දහම පෙන්වයි.
සැබෑ ලෙසින් හජ් සමරන්නාට ස්වර්ගයේ දොරටුව විවෘත වෙතියි ඉස්ලාම් දහමේ දැක්වේ.
කාත්තාන්කුඩි ඉස්ලාමීය ආයතනය සංවිධානය කළ හජ් යාච්ඥාව මුහුුදු පිටියේ පැවැත්විණි.
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප - ජවුෆර් ඛාන්






![DSCN9825[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCN98251.png)
![DSCN9826[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCN98261.png)
![DSCN9827[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCN98271.png)
![DSCN9828[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCN98281.png)
![DSCN9829[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCN98291.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුදෙනා සාමයෙන් සමගියෙන් ජීවත්වන රටක් අපිට ඉක්මණින් ලැබේවා! (නි)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
ඔබ සැමට සිත් සතුටින් පිරි වාසනාවන්ත හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
සම්ප්‍රදායක මුස්ලිම් වරුන්ගෙන් ලොවට කිසිම කරදරයක් නැත.ඔබ සැමට සුබ පැතුම්! (ම)
ස්වර්ගයේ දොරටුව තියෙන්නේ තමන්ගේම හදවතේ ඒක ඇරගන්නේ හදවතේ ඇති කුණු කන්දල් පිරිසිදු කරලා , ඒ බව වටහාගත් දිනට හැමෝටම එහි දොර ඇරේවි (බ)
අපේ මුස්ලිම් සොයුර සොයුරියන්ට සුබ හජ්ජි උත්සවයක් වේවා. (බ)
මුස්ස්ලිම් වරුන් සමග සහයෝගයෙන් ජීවත් වන එකම රට ශ්‍රී ලංකාව සාමය සපිරි සුබ හජ්ජි මංගල්ලයක් වේවා (ම)
ඔබ සියළු දෙනාගේ පැතුම් ඉටුවේවා! (නි)
මාතෘ භූමිය තුළ සාමය, සතුට, සහජීවනය උදාවේවා! (නි)
අපගේ සුබපැතුම්.(හේ)
වසර 4000 කට වඩා පැරණි වන්නේ කෙසේද ? (ර)
මුස්ස්ලිම් වරුන් සමග සහයෝගයෙන් ජීවත් වන එකම රට ශ්‍රී ලංකාව කියන එක ලොවටම කියමු. (හේ)
සාමය සතුට පිරි සුබ හජ්ජි මංගල්‍යයක් වේවා , (හේ)
ලංකාදීප එසැණ පුවත් පාඨක සහෝදරයන්ට සහ ලංකාවාසී සියලු දෙනාටත් සතුටින් පිරි සුබ පැතුම්! (නි)
දෙවන පින්තූරයේ ඉන්න ළමයා වගේ ලස්සනට සිංහල මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත්වීමට අවස්ථාව උදාවේවා කියා බෞද්ධයෙක් වන මමත් පතන්නෙමි. (නි)
මුළු රටටම ජාති බේදයකින් තොර සමාදානයක් උදාවේවා! (නි)
සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ඔබ සැමගේ පැතුම් ඉටුවේවා! (නි)