අද අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් අනවසරයෙන් ඇතුළු වූ කාරයක් ගාස්තු නොගෙවා කොට්ටාව පිවිසුමෙන් පිටත්ව ගිය බවත්, එම කාරයේ සිටි සිවුරු හැඳගත් පුද්ගලයකු අධිවේගී මාර්ග සේවකයන්ට තර්ජනය කර බලහත්කාරකම් පා පිටව ගිය බවත්, එම වාහනයේ විස්තර හෝමාගම පොලීසියට දී පරීක්ෂණ පවත්වන බවත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ කියති. තිරිංග විදුලිපහන් නොමැති නිසා එම වාහනයට ඇතුළුවීමට පින්නදූවෙන් අවසර දී නොමැති බවත් ඔවුහු පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ ආගමික වැඩකට යන්න ඇති පරක්කු වෙලා
අපට නම් ප්‍රශ්ණයක් නැහැ අපට ඕකෙන් සල්ලි ලැබෙනව කියලයැ... සල්ලි ඕන අය ඒක බලා ගනියි...
නීතිය කාටත් එකයි
සල්ලි ඕන අය ඒක බලාගන්නෙ නැතෑ....
සිවුරු ඇදගත් පාතාල කාරයෙක්ද දන්නේ නෑ
ඉර්ධි බලෙන් අපායට නොගිහින් රිමාන්ඩ් එකට වඩින සේක්වා!
සිවුරු රස්නේ
සිවුරක් දාගත්තට හාමුදුරු කෙනෙක්ද වෙන මොකෙක් හරිද දන්නෙ නෑනෙ. ඒක නිසා හරියට හොයන්නෙ නැතිව හාමුදුරුවරුන්ට බනින්න හොඳ නැහැ. අනිත් එක අපි හැමෝගෙමත් වැරදි නැතුව නෙවෙයි නෙ!
සිවුරු කාරයෝ තමයි මේ අය. නැතුව හාමුදුරුවරු නොවෙයි. මේ වගේ ආගම් ද්‍රෝහියෝ පන්සල්වලින් විතරක් නෙවෙයි දැන් පාරෙනුත් පලවා හරින්න කලේ හරි දැන්.
හාමුදුරුවරුත් හාමුදුරු හොරුත් අතර වෙනස....
අර ගග ළග ආරාමේ හාමුදුරුවො වද්ද?
මේගොල්ලො සසුණට අගෞරවයක්...
කැළණිය පැත්තෙන් වද්ද?
අහවල් දෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද දන්නේ නෑ
මේ වගේ හොර හාමුදුරුවො නිසා හොද හාමුදුරුවොන්ටත් තැනක් නෑ
අනෝමා දන්නෑ.. හාමුදුරුවන්ගෙ හැටි
අනේ අපොයි........... ඔච්චර දුරක් එනකන් හයි වේ පොලීසීය හිටියෙම නෑ වගේ මට පේන්නේ...........
පිනනදුවෙ පිවිසුමෙන් ඇතුළුවෙලා කොට්ටාවෙන් පිටවෙනකම් බලන් හිටියෙ පිවිසුමේ සේවකයන්ට තිබුණනෙ පොලිසියට දුරකථනයෙන් දැනුම් දීලා මේ වාහනය අල්ලන්න...
සිවුරු දාගෙන ශාසනය කන මෝඩයෝ....
පින්නදූවෙන් අනවසරයෙන් ඇතුළුවෙලා.. කොට්ටාවෙන් බලහත්කාරෙයන් එළියට ගියාලු... එතකල් මෙයාල මොකද කළේ...
හාමුදුරැවන්ගෙන් සල්ලි නොගන්නවා නම් හොදයි..
නිධන් හොරුද?
නිවන් යන්න පුලුවන් වෙයි ලඟදිම තිරිංග පහනුත් නැති එකේ. නැත්තම් ඇත්තටම නිවන් ගිහිල්ලද දන්නෑ .... මම කිව්වෙ "තිරිංග පහන්"
යකා නටන්න ඇත්තේ ඇල්කොහොල් වැඩිවෙලා වෙන්න ඇති
ගොසිප් ලංකා එකේ ඔය හාමුදුරුවො ගැන වීඩියෝ එකක් තියෙයි.
ලගදිම නිවන් යන්න පුළුවං වෙයි...
දැන් සිවුරු දාගත් අයත් පාතාලේ අය වගේ තමයි වැඩ කොරන්නේ ඔහොම යන්.
මාර්ග ඵල ලබපු කෙනෙක්ද දන්නේ නෑනේ
මෙන්න ලංකාවේ දේශපාලනය චීවරයට බලපෑ හැටි. එහෙම නැතිනම් බල පුලුවන්කාරකම හා දේශ පාලනයේ හැටි.ඇතැම්විට මෙය එම නාමයෙන් ප්‍රයෝජන ගත අවස්තාවක් වීමටත් හැක. කොහොම නමුත් අද රටේ යෙදී ඇති ක්‍රමයයි මෙයින් පෙන්නුම් කරන්නේ. මා දන්නා භික්ෂු සාසන ඉතිහාසයට අනුව භික්ෂුන් වහන්සේලා රජවරුනට රටේ ජනතාව පෙළගස්වා නායකත්වයට යොමුකලා සේම රට අනතුරට පත්වූ විට ජනතාව සමග තම ජීවිතය ගැන ද නොතකා රට අනතුරුවලින් බේරා ගැනීමට ගියා මිස ඉන් අනතුරුව එමගින් ඵල ප්‍රයෝජන ගැනීමට ගියේ නැත. කීමට තවත් දේ ඇති නමුත් මෙසේ කෙටියෙන් මෙම සටහන කෙටි කලෙමි. චීවර ධාරියෙකු මෙවැනි දෙයක් කළා නම්, මෙහි අනිවාර්ථ ප්‍රතිඵල අන් ශීල, සමාධි හා ප්‍රඥා ගුණ ඇති උත්තමයන්ටත් මෙවැනි අය විසින් කරන්නේ මහත් අසාධාරණයකි.
හොර සාධුලා තමයි දැන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ
මහා මාර්ග පාලනය සහ අධිවේගී මාර්ග පාලනය ලබපු කෙනෙක් වෙන්න ඇති...
54 5001 හෝ 53 5001 විය යුතුය ටොයෝටා කැබ් රථයකි. හැඩි දැඩි සිවුරු දාගත් කෙනෙකි .
කළු මාටිං හරි.. කොට්ටාවෙ ඉදල ගාල්ලට රැපියල් 400 යි. ඒ කියන්නේ මේක මාතරට දැම්මොත් රැපියල් 600 ක් විතර වෙයිනෙ...
අධිවේගී ජීවන රටාවෙ හැටි තමා.
හැම දේටම දේශපාලක මහත්වරුන්ට බණින අයට කියන්න ඕන මේටික. දැන් දැන් සිවුරු දාගත් අය හැසිරෙන විදිහ සමහර ගිහියන්ට වඩා අන්තයි.
අයියෝ දිපන් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා චමින්ද, හයිවේ එකේ පෙට්‍රල් පොලිසිය ඉන්නවා.. ඕනෑම තැනක ඕනෑම වාහනයක් නවත්තන්න ඒගොල්ලන්ට පුළුවං..
සිව්ර ගැන කිව්වට කොන්ඩෙ ගැන කිව්වෙ නැහැනෙ..
ඇත්තටම මේ වගේ හිමිවරු කරන අශීලාචර වෑඩ සියලුම බෞද්දයන්ටම කරන අපහාසයකි...
මම දන්න හැටියට.. ගොඩක් අධිවේගී මාර්ග තියෙන රටවල්වල සල්ලි අය කරන්නේ නැහැ... ඒකෙන් වෙන්නෙ මේකෙ යන අය සීමා සහිත වෙන එක.. අනිත් අතට ආර්ථික විද්‍යාව අනුව බලනකොට මේක කිසිම වැදගැම්මක් නෑ..
ෂුවර් එකටම ඒ උන්වහන්සේ මහාමාර්ගඵල ලබපුකෙනෙක්ද වෙන්න ඇති..
මැති ඇමතිවරුත් නොගෙවා යනවනම්????????????
අයියෝ දිපක් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා
සාදු සාදු සාදු ???
හරියට හරි.අන්න එහෙම තමයි යන්න ඕනි
මතක හිටින දඩුවමක් දෙන්න ඕන. ගිහියන්ට හරි පාර කියල දෙන්න ඉන්න උදවිය වැරදිපාරේ යනවා . සාසනෙත් වනසනවා....
අපේ හාමුදුරුවන් බුදුන්ගේ ධර්මය හරියට පිළිපැද්දානම් ඔය කාර්, වෑන්, බස් මොනවවත් තියා පයින්වත් වඩින්න වෙන්නේ නැහැ. නිකන් සවුත්තු වෙන්න වෙන්නෙත් නැහැ. උඩින්ම වඩින්න තිබුනනේ.
ඕන් බලාගන්න වෙච්චි දේ ඇස් දෙකෙන්ම. බලාගෙන යනකොට එතන හිටපු පොලිස්කාරයොන්ට මෙයාලට වඩා විනයක් තියෙනවනෙ... (http://www.youtube.com/watch?feature=player_embedded)
අපිනම් අහල තියේන්නේ සිවුරේ බලෙන් උඩින් යනව කියලයි.......
ෂුවර් එකටම ඇමතියෙක්, නැත්නම් ඇමතියෙක්ගේ පුතෙක්
චමින්ද... ඔයා ඉස්සෙල්ලම ඔය නිව්ස් එක හොදට කියවලා ඉන්න. මොකද ඔය සිවුර දමා ගත්තු පුද්ගලයා පින්නදුවෙන් බලෙන් ආව කියලා තියෙනවා. එතකොට පොලිසියට අල්ලන්න පුලුවන්. බොරුවට උඩ පනින්න එපා. පොලිසියට බනිනව කියලා. මොකද මමත් හොදට ඔය හයි වේ එකේ ගිහින් තියෙනවා.
පයින් යවන්නයි තිබ්බේ..
ඇත්තටම හාමුදුරුවෙක්මද කියලා හොයලා බැලුවොත් හොදයි
හාමුදුරැයවො කෙනෙක් නම් වෙන්න බැහැ..එහෙනං කෝ විනයක්.. ඔහොමද භික්ෂුවකගෙ ක්‍රියා කලාපය.
අද රටේ ඉන්න හැම මිනිහම එකයි. සිවුරු ඇන්ද කියල වෙනසක් නැහැ. නීතියක් කියල එකක් ගැන කිසිම හැනගීමක් නැහැ.
ඔක්කොම එකයි...
අනේ මෙහෙමත් චීවරධාරියෝ...