IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි

අද අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් අනවසරයෙන් ඇතුළු වූ කාරයක් ගාස්තු නොගෙවා කොට්ටාව පිවිසුමෙන් පිටත්ව ගිය බවත්, එම කාරයේ සිටි සිවුරු හැඳගත් පුද්ගලයකු අධිවේගී මාර්ග සේවකයන්ට තර්ජනය කර බලහත්කාරකම් පා පිටව ගිය බවත්, එම වාහනයේ විස්තර හෝමාගම පොලීසියට දී පරීක්ෂණ පවත්වන බවත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ කියති. තිරිංග විදුලිපහන් නොමැති නිසා එම වාහනයට ඇතුළුවීමට පින්නදූවෙන් අවසර දී නොමැති බවත් ඔවුහු පවසති.



අදහස් (0)

සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි

විසල් Friday, 15 June 2012 03:45 PM

හාමුදුරුවෝ ආගමික වැඩකට යන්න ඇති පරක්කු වෙලා

:       0       0

සදුන් සසංක Monday, 11 June 2012 02:38 PM

අපට නම් ප්‍රශ්ණයක් නැහැ අපට ඕකෙන් සල්ලි ලැබෙනව කියලයැ... සල්ලි ඕන අය ඒක බලා ගනියි...

:       0       0

අමිල Sunday, 10 June 2012 11:50 AM

නීතිය කාටත් එකයි

:       0       0

සසංක Monday, 11 June 2012 01:59 PM

සල්ලි ඕන අය ඒක බලාගන්නෙ නැතෑ....

:       0       0

රජිත් Sunday, 10 June 2012 11:53 AM

සිවුරු ඇදගත් පාතාල කාරයෙක්ද දන්නේ නෑ

:       0       0

සකලබුජන් Sunday, 10 June 2012 12:56 PM

ඉර්ධි බලෙන් අපායට නොගිහින් රිමාන්ඩ් එකට වඩින සේක්වා!

:       0       0

අමිල Sunday, 10 June 2012 12:17 PM

සිවුරු රස්නේ

:       0       0

තෙල් වෙදා Thursday, 14 June 2012 06:33 AM

සිවුරක් දාගත්තට හාමුදුරු කෙනෙක්ද වෙන මොකෙක් හරිද දන්නෙ නෑනෙ. ඒක නිසා හරියට හොයන්නෙ නැතිව හාමුදුරුවරුන්ට බනින්න හොඳ නැහැ. අනිත් එක අපි හැමෝගෙමත් වැරදි නැතුව නෙවෙයි නෙ!

:       0       0

රාළ Sunday, 10 June 2012 01:30 PM

සිවුරු කාරයෝ තමයි මේ අය. නැතුව හාමුදුරුවරු නොවෙයි. මේ වගේ ආගම් ද්‍රෝහියෝ පන්සල්වලින් විතරක් නෙවෙයි දැන් පාරෙනුත් පලවා හරින්න කලේ හරි දැන්.

:       0       0

රත්නායක Monday, 11 June 2012 03:10 PM

හාමුදුරුවරුත් හාමුදුරු හොරුත් අතර වෙනස....

:       0       0

හසී; Sunday, 10 June 2012 01:46 PM

අර ගග ළග ආරාමේ හාමුදුරුවො වද්ද?

:       0       0

කේ.කේ. Sunday, 10 June 2012 01:07 PM

මේගොල්ලො සසුණට අගෞරවයක්...

:       0       0

පැට්රික් Sunday, 10 June 2012 01:48 PM

කැළණිය පැත්තෙන් වද්ද?

:       0       0

දයා,saudi Sunday, 10 June 2012 01:08 PM

අහවල් දෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද දන්නේ නෑ

:       0       0

මලී Wednesday, 13 June 2012 04:58 PM

මේ වගේ හොර හාමුදුරුවො නිසා හොද හාමුදුරුවොන්ටත් තැනක් නෑ

:       0       0

ගයාන් Wednesday, 13 June 2012 05:46 PM

අනෝමා දන්නෑ.. හාමුදුරුවන්ගෙ හැටි

:       0       0

දීපක් Sunday, 10 June 2012 01:20 PM

අනේ අපොයි........... ඔච්චර දුරක් එනකන් හයි වේ පොලීසීය හිටියෙම නෑ වගේ මට පේන්නේ...........

:       0       0

පී.එම්.‍කේ. Sunday, 10 June 2012 01:30 PM

පිනනදුවෙ පිවිසුමෙන් ඇතුළුවෙලා කොට්ටාවෙන් පිටවෙනකම් බලන් හිටියෙ පිවි‍සුමේ සේවකයන්ට තිබුණනෙ පොලිසියට දුරකථනයෙන් දැනුම් දීලා මේ වාහනය අල්ලන්න...

:       0       0

ලකී Sunday, 10 June 2012 01:40 PM

සිවුරු දාගෙන ශාසනය කන මෝඩයෝ....

:       0       0

කිරිමාටිං Monday, 11 June 2012 09:01 AM

පින්නදූවෙන් අනවසරයෙන් ඇතුළුවෙලා.. කොට්ටාවෙන් බලහත්කාරෙයන් එළියට ගියාලු... එතකල් මෙයාල මොකද කළේ...

:       0       0

අනෝමා Tuesday, 12 June 2012 09:46 PM

හාමුදුරැවන්ගෙන් සල්ලි නොගන්නවා නම් හොදයි..

:       0       0

හොරු40 Sunday, 10 June 2012 02:03 PM

නිධන් හොරුද?

:       0       0

නාමල් Thursday, 14 June 2012 08:13 AM

නිවන් යන්න පුලුවන් වෙයි ලඟදිම තිරිංග පහනුත් නැති එකේ. නැත්තම් ඇත්තටම නිවන් ගිහිල්ලද දන්නෑ .... මම කිව්වෙ "තිරිංග පහන්"

:       0       0

සුනිල් Thursday, 14 June 2012 08:25 AM

යකා නටන්න ඇත්තේ ඇල්කොහොල් වැඩිවෙලා වෙන්න ඇති

:       0       0

මිල්ටන් Thursday, 14 June 2012 09:08 AM

ගොසිප් ලංකා එකේ ඔය හාමුදුරුවො ගැන වීඩියෝ එකක් තියෙයි.

:       0       0

රැවන් Tuesday, 12 June 2012 10:36 PM

ලගදිම නිවන් යන්න පුළුවං වෙයි...

:       0       0

අලිබබා Sunday, 10 June 2012 03:52 PM

දැන් සිවුරු දාගත් අයත් පාතාලේ අය වගේ තමයි වැඩ කොරන්නේ ඔහොම යන්.

:       0       0

දයා,saudi Sunday, 10 June 2012 04:32 PM

මාර්ග ඵල ලබපු කෙනෙක්ද දන්නේ නෑනේ

:       0       0

රූපසිංහ Sunday, 10 June 2012 04:43 PM

මෙන්න ලංකාවේ දේශපාලනය චීවරයට බලපෑ හැටි. එහෙම නැතිනම් බල පුලුවන්කාරකම හා දේශ පාලනයේ හැටි.ඇතැම්විට මෙය එම නාමයෙන් ප්‍රයෝජන ගත අවස්තාවක් වීමටත් හැක. කොහොම නමුත් අද රටේ යෙදී ඇති ක්‍රමයයි මෙයින් පෙන්නුම් කරන්නේ. මා දන්නා භික්ෂු සාසන ඉතිහාසයට අනුව භික්ෂුන් වහන්සේලා රජවරුනට රටේ ජනතාව පෙළගස්වා නායකත්වයට යොමුකලා සේම රට අනතුරට පත්වූ විට ජනතාව සමග තම ජීවිතය ගැන ද නොතකා රට අනතුරුවලින් බේරා ගැනීමට ගියා මිස ඉන් අනතුරුව එමගින් ඵල ප්‍රයෝජන ගැනීමට ගියේ නැත. කීමට තවත් දේ ඇති නමුත් මෙසේ කෙටියෙන් මෙම සටහන කෙටි කලෙමි. චීවර ධාරියෙකු මෙවැනි දෙයක් කළා නම්, මෙහි අනිවාර්ථ ප්‍රතිඵල අන් ශීල, සමාධි හා ප්‍රඥා ගුණ ඇති උත්තමයන්ටත් මෙවැනි අය විසින් කරන්නේ මහත් අසාධාරණයකි.

:       0       0

අමිල Sunday, 10 June 2012 04:53 PM

හොර සාධුලා තමයි දැන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ

:       0       0

ලක්ෂ Monday, 11 June 2012 03:44 PM

මහා මාර්ග පාලනය සහ අධිවේගී මාර්ග පාලනය ලබපු කෙනෙක් වෙන්න ඇති...

:       0       0

කම්මලේගෙදර Monday, 11 June 2012 11:41 AM

54 5001 හෝ 53 5001 විය යුතුය ටොයෝටා කැබ් රථයකි. හැඩි දැඩි සිවුරු දාගත් කෙනෙකි .

:       0       0

එරංග Tuesday, 12 June 2012 02:59 PM

කළු මාටිං හරි.. කොට්ටාවෙ ඉදල ගාල්ලට රැපියල් 400 යි. ඒ කියන්නේ මේක මාතරට දැම්මොත් රැපියල් 600 ක් විතර වෙයිනෙ...

:       0       0

ස්වර්ණ Wednesday, 13 June 2012 12:46 PM

අධිවේගී ජීවන රටාවෙ හැටි තමා.

:       0       0

ප්‍රියන්ත Sunday, 10 June 2012 05:46 PM

හැම දේටම දේශපාලක මහත්වරුන්ට බණින අයට කියන්න ඕන මේටික. දැන් දැන් සිවුරු දාගත් අය හැසිරෙන විදිහ සමහර ගිහියන්ට වඩා අන්තයි.

:       0       0

ඇටකිච්චා Tuesday, 12 June 2012 10:29 AM

අයියෝ දිපන් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා චමින්ද, හයිවේ එකේ පෙට්‍රල් පොලිසිය ඉන්නවා.. ඕනෑම තැනක ඕනෑම වාහනයක් නවත්තන්න ඒගොල්ලන්ට පුළුවං..

:       0       0

ඇටකිච්චා Tuesday, 12 June 2012 11:11 AM

සිව්ර ගැන කිව්වට කොන්ඩෙ ගැන කිව්වෙ නැහැනෙ..

:       0       0

නාමල් Sunday, 10 June 2012 07:47 PM

ඇත්තටම මේ වගේ හිමිවරු කරන අශීලාචර වෑඩ සියලුම බෞද්දයන්ටම කරන අපහාසයකි...

:       0       0

කළු මාටිං Tuesday, 12 June 2012 11:13 AM

මම දන්න හැටියට.. ගොඩක් අධිවේගී මාර්ග තියෙන රටවල්වල සල්ලි අය කරන්නේ නැහැ... ඒකෙන් වෙන්නෙ මේකෙ යන අය සීමා සහිත වෙන එක.. අනිත් අතට ආර්ථික විද්‍යාව අනුව බලනකොට මේක කිසිම වැදගැම්මක් නෑ..

:       0       0

ඇටකිච්චා Tuesday, 12 June 2012 04:26 PM

ෂුවර් එකටම ඒ උන්වහන්සේ මහාමාර්ගඵල ලබපුකෙනෙක්ද වෙන්න ඇති..

:       0       0

සරත් Tuesday, 12 June 2012 11:30 AM

මැති ඇමතිවරුත් නොගෙවා යනවනම්????????????

:       0       0

චමින්ද Monday, 11 June 2012 12:31 PM

අයියෝ දිපක් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා

:       0       0

ගොනා Sunday, 10 June 2012 09:45 PM

සාදු සාදු සාදු ???

:       0       0

රත්නායක Sunday, 10 June 2012 09:56 PM

හරියට හරි.අන්න එහෙම තමයි යන්න ඕනි

:       0       0

උපාලි Sunday, 10 June 2012 11:03 PM

මතක හිටින දඩුවමක් දෙන්න ඕන. ගිහියන්ට හරි පාර කියල දෙන්න ඉන්න උදවිය වැරදිපාරේ යනවා . සාසනෙත් වනසනවා....

:       0       0

ගාමිණී Monday, 11 June 2012 02:01 PM

අපේ හාමුදුරුවන් බුදුන්ගේ ධර්මය හරියට පිළිපැද්දානම් ඔය කාර්, වෑන්, බස් මොනවවත් තියා පයින්වත් වඩින්න වෙන්නේ නැහැ. නිකන් සවුත්තු වෙන්න වෙන්නෙත් නැහැ. උඩින්ම වඩින්න තිබුනනේ.

:       0       0

ලාල් Thursday, 14 June 2012 12:46 AM

ඕන් බලාගන්න වෙච්චි දේ ඇස් දෙකෙන්ම. බලාගෙන යනකොට එතන හිටපු පොලිස්කාරයොන්ට මෙයාලට වඩා විනයක් තියෙනවනෙ... (http://www.youtube.com/watch?feature=player_embedded)

:       0       0

Monday, 11 June 2012 02:14 PM

අපිනම් අහල තියේන්නේ සිවුරේ බලෙන් උඩින් යනව කියලයි.......

:       0       0

හේවාවිතාරණ Monday, 11 June 2012 12:50 AM

ෂුවර් එකටම ඇමතියෙක්, නැත්නම් ඇමතියෙක්ගේ පුතෙක්

:       0       0

කරුණාරත්න Monday, 11 June 2012 02:24 PM

චමින්ද... ඔයා ඉස්සෙල්ලම ඔය නිව්ස් එක හොදට කියවලා ඉන්න. මොකද ඔය සිවුර දමා ගත්තු පුද්ගලයා පින්නදුවෙන් බලෙන් ආව කියලා තියෙනවා. එතකොට පොලිසියට අල්ලන්න පුලුවන්. බොරුවට උඩ පනින්න එපා. පොලිසියට බනිනව කියලා. මොකද මමත් හොදට ඔය හයි වේ එකේ ගිහින් තියෙනවා.

:       0       0

සංජු Wednesday, 13 June 2012 04:37 PM

පයින් යවන්නයි තිබ්බේ..

:       0       0

තිළිණ Sunday, 10 June 2012 10:58 AM

ඇත්තටම හාමුදුරුවෙක්මද කියලා හොයලා බැලුවොත් හොදයි

:       0       0

ධම්මික සුරංග Friday, 15 June 2012 12:12 AM

හාමුදුරැයවො කෙනෙක් නම් වෙන්න බැහැ..එහෙනං කෝ විනයක්.. ඔහොමද භික්ෂුවකගෙ ක්‍රියා කලාපය.

:       0       0

ලුම්බිණි Sunday, 10 June 2012 11:19 AM

අද රටේ ඉන්න හැම මිනිහම එකයි. සිවුරු ඇන්ද කියල වෙනසක් නැහැ. නීතියක් කියල එකක් ගැන කිසිම හැනගීමක් නැහැ.

:       0       0

කමල් Sunday, 10 June 2012 11:57 AM

ඔක්කොම එකයි...

:       0       0

ක්‍රිෂාන්‍‍ Sunday, 10 June 2012 12:17 PM

අනේ මෙහෙමත් චීවරධාරියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 27 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 449 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 328 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 134 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
2025 මැයි මස 03 528 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site