කුරියවරයකු අයුක්ති සහගත ලෙස නෙරපීමට බැංකුවට කළමනාකරුවකු ගත් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැට නව දහසක (1,169,000) වන්දියක් ගෙවන ලෙසට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් ධනංජය මධුජිත් මහතා අද (15) නියෝග කළේය.
ඉල්ලූම්කරු කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කිරීම තුළින් සෙලාන් බැංකුව අසාධාරණ සේවා සමාප්තියක් සිදු කර ඇති බව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාගේ තීන්දුව සඳහන් වේ.
නීතිඥ සරත් විජයරත්න මහතා මගින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලූම්කරු පවසා ඇත්තේ වගඋත්තරකාර සෙලාන් බැංකුවේ කූරියවරයකු ලෙස තමා සේවයට එක් වූයේ 1991 මාර්තු 25 වැනි දා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවටත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වන බවට හොඳ උදාහරණයක් (නි)
ඉතාම හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක්. මේ වගේ දේවල් තවත් ආයතන වල වෙනවා (නි)