දැනට පවතින වර්ෂාව ඉදිරියටත් අඛණ්ඩව පැවතියහොත් නායයෑම්, ගල් පෙරලීම් හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. රත්නපුර ද්‍රිස්තික්කයේ පැල්මඩුල්ල, ඇහැලියගොඩ, ඇලපාත, කලවාන යන ප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, බුලත්කොහුපිටිය හා දැරණියගල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹුගමුව කෝරළය , කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත හා මතුගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව හා තවලම මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය, පිටබැද්දර හා මුලන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 ක් සඳහා සඳහා මෙලෙස අනතුරු හඟවා තිබේ. හැටන්, මස්කෙළිය, නෝර්ටන් බ්‍රිජ් හා ගින්ගත්හේන ප්‍රදේශයන්හි බෑවුම් සහිත මාර්ග සහ හැටන් අවිස්සාවෙල්ල මාර්ගය භාවිතා කිරීමේදී සැළකිලිමත් වන ලෙස ද දන්වා එම සංවිධානය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු මර්ධනයට වගේම මේකටත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වෙයි....
"දැනට පවතින වර්ෂාව ඉදිරියටත් අඛණ්ඩව පැවතියහොත් නායයෑම්, ගල් පෙරලීම් හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. " ඉතාම සාර්ථක අනාවැකියක්. අපිටනම් කොහෙත්ම හිතෙන්නේ නැහැනේ එක දිගටම වැස්සම මෙහෙම වේවි කියල. විද්‍යාත්මකව ගණනයකරලා මේවගේ දේ කියන එකනම් හරි පුදුමයි
ආපධා කලමණාකරන දෙපාර්තමේන්තුව සීරුවෙන් .. කට්ටියක් ගොඩ, අපධාවට ලක්වෙන අය අන්ගොඩ....