විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා උඩවලව ඇත් අතුරු සෙවණට අනුබද්ධ වනජීවී රෝහලේ ප්‍රතිකාර ලැබු වලසුන් තිදෙනක් හා ගිරිතලේ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ වලසකු වනජීවී සංරක්ෂණයේ අරමුණුවලට පිටුපාමින් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට භාරදීමට වනජීවී දෙපාර්තුමේන්තුව ක්‍රියා කරන බව පාරිසරික සංවිධාන පවසයි.
වලසුන් සත්වෝද්‍යානයක් තුළ සිර කර තැබීමෙන් නැවත මෙරට වලස් ගහණය අඩුවිම මිස නැවත තම වර්ගයා බෝ විම මග හැරී යන බව පාරිසරික සංවිධාන පෙන්වා දෙයි.
මෙම සතුන් ප්‍රතිකාර කරන අවස්ථාවේදි මිනිසුන් සමග සමීප වීම හේතුවෙන් වනයේ නොසිට නැවත මිනිසුන් අතරට පැමිණීම නිසා අනතුරු වලට මුහුණ දුන් බවත් ප්‍රතිකාර කරන කාලයේ මිනිසුන් අතර සිට නැවත වනයට මුදා හැරීමේදී අලුතින් වනයට පැමිණෙන එම වර්ගයේම සතුන් ගෙන් ප්‍රහාරයට ලක්විය හැකි බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පවසයි.
වලසුන් හිර නොකර එළිමහනක නිදැල්ලේ රඳවා තැබීම හා එම සතුන් අභිජනනය කර සතුන් බෝ කිරිමේ පොරොන්දුව මත සත්වෝද්‍යානයට එම වලසුන් ලබා දෙන බවත් රත්නායක මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතුන් සත්වෝද්‍යාන වලට නොව කැලයට නිදහස් කළයුතු යැයි සිතමි. නැත්නම් මුළු ජීවිතේම දුක් විඳිනවා. (නි)
මේ වනජීවී අධ්‍යක්‍ෂක ජනරල් නම් කිසි වැඩකට නැති නිලධාරියෙක්.මේ වනජීවී තනතුරට නම් ගැලපෙන්නේ නැහැ.මීට කලිනුත් ඔය වගේ ඔලමොට්ටල තීරණ ගත්තා මතකයි. කැලේ දහදුක් විඳිනා නියාමක වරුන්ට වාහන හා සන්නිවේදන පහසුකම්,අලි ප්‍රවාහන වාහන මදි. ඒවා ලබාදීමට ,ඔවුන්ගේ අඩුපාඩු විසඳීමට රාජකාරී මට්ටමෙන් කැප වෙන්නේ නැහැ .වනසතුන් පිළිබඳ මෙයාගේ ඇල්ම හා දැනුම මේකෙන්ම පේනවානේ...! වලසුන් ඉන්න ඕනෑ කැලේ...! සත්තු වත්තේ නොවේ. (අ)