මේ රටේ එක්තරා සුප්‍රකට කොමිසමක කන්තෝරැවෙ වැඩ කරන අයට මාර නීතිරීති තොගයක් දාල කියල ආරංචියි.
ඒ නීතිරීතිවල හැටියට කොමිසමේ කාටවත් මොබයිල් ටෙලිෆෝන් කන්තෝරැවෙදි පාවිච්චිය තහනම්ලු. හදිසියකටවත් ,ලෑන්ඩ් ලයින්" එකකින් කෝල් එකක් ගන්නවනම් කොමිසමේ ලොක්කියගෙන් අවසර ගන්න ඕනලු... කවුරැහරි අවසර ඉල්ලගෙන ගියොත් එයා ලොකු බරබරයක් දමනවලු.
සියලුම සේවක සේවිකාවන්ට නිවාඩුවක් අවශ්‍ය නම් ඒ බව දවස් හතකට කලින් දන්වන්න කියලත් නියම කරල... මේ නීතිය නිසා පවුලේ කෙනකුගෙ හදිස්සි අසනීපයකදිවත් නිවාඩුවක් නම් ලැබෙන්නෙ නැහැ කියලයි ආරංචි.
කොළඹ 7 ගුවන්විදුලි කන්තෝරැව කිට්ටුව තියන කොමිෂන් කාර්යාලෙ ක්‍රියාත්මක වෙන මේ දස නීති නිසා එතන සේවකයො බොහොමයක් වෙනත් රස්සා හොයන්න පටන් අරන්ලු. ඒත් ඔය අනුන්ගෙ වැරුදි හොයන්න තියන කොමිසමට තමන්ගෙ ගේ ඇතුළෙ වෙන වැරුදි නොපෙනීම පුදුමයට කරැණක් කියල එතන සේවකයො කියනව.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ස්වාධීන කොමිසමේ මාර නීති