අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව අද (9) සාමාජිකයන් නම් කර අනුමැතිය සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපතිට යැවූ බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු මන්දිරයේදී අද රැස්විය.
ව්‍යවස්ථා සභාව යළි නොවැම්බර් මුල් දින රැස්වී ඉතිරි ස්වාධීන කොමිසන් සභා නියෝජිතයන් නම් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයේ යහපත් ඇරඹුම ගැන අපේ සතුට. නිදහස් නිවහල් රටක ජීවත්වීම සිහිනයක් නොවන බවට පෙරමග සුභ ලකුණක්. මගේ මව්බිමට තෙරුවන් සරණයි.! (ර)
දශක ගණනාවක ජනතාවගේ බලාපොරොත්තුවක් ඉටු කිරීම ගැන ජනපතිටත්, අගමැතිටත් ජනතාවගේ උපහාරය. (ර)
ඔය පත් කිරීම් ටික සාධාරණව කෙරුනද.? (ර)
නව කොමිෂන් සභා පිහිටුවීම ඉතා හොඳයි. හැබැයි ස්වාධීනත්වයට වඩා වැදගත් වෙන්නෙ කොමිෂන් සභාවලට නිසි බලතල පැවරීම හා කාර්යක්ෂමතාවයයි. නැත්නම් ඔය හැම කොමිෂන් එකක්ම තවත් එක රාජ්‍ය ආයතනයක් පමණක් වේවි. (නි)
සමහර තනතුරුවලට පත්කරලා ඉන්න සමහරු පසුගිය රජයේ කාලේ නොයෙකුත් අක්‍රමිකතා වලට සම්බන්ධ අය වීම නිසා අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. (නි)