පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ස්වාධීන කොමිෂන් සභා හතරේ සාමාජිකයන් ගේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනපති ලබන අඟහරුවාදා අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පුළුල් බලතල සහිතව අල්ලස් හෝ දූෂණ කොමිෂම යළි ස්ථාපිත කරන අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.බී.වීරසූරිය මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කිරීමට නියමිතය.
පරීක්ෂණ පවත්වා නඩු පැවරීමේ බලතලද පසුගිය අප්‍රේල් මාසයේදී සම්මතවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අල්ලස් කොමිසමට පැවරී ඇත.
මේ අතර ජාතික පොලිස් කොමිෂමට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා හා සැකකටයුතු ලියවිලි පිළිබඳ පරීක්ෂක පී.එච්.මනතුංග මහතාද පත්කර ඇතැයි දැනගන්නට තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් බී.දිසානායක මහතාද පොලිස් කොමිසමේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු මහතාද පත්කෙරෙතියි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් එන්ජින් දාල පරණ වාහන ටික හොඳට දිව්වොත් හොඳයි (බ)