සිවු දරු මවක් තමන් අතරමං කළ බව කියමින් ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පානදුර දකුණ මාදුපිටිය පානගම්ව පදිංචි ආර්.එම්.රොසලින් (88) නමැති මහලු මව ඇගේ බැංකු සේවක පුතකු අද (14) ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට නංවා ඇතැයි කියති. ඇගේ අනෙක් පුතුන් දෙදෙනා පොලිසියේ සේවය කරන බවත් ඇය කියන්නීය.
ඇගේ එකම දියණිය විශ්‍රාමික ගුරුවරියක් බවත් තමන් මීට පෙරද මහලු නිවාස තුනක රඳවනු ලැබ සිටි බවත් කියති. ත්‍රිකුණාමලයේ සිය පුතුගේ නිවසේ දින කිහිපයක් සිටියදී වෙනත් පුතකුගේ නිවසට යන ලෙස පවසා ඇය බසයට නංවා ඇතැයි කියන අතර එසේ කලින් කල එක් එක් දරුවන්ගේ නිවෙස්වල වාසය කළ බව ඇය පවසන්නීය.
එසේ සිටින අතර තුර බලු පැටවුන්ට නිදාගැනීමට යොදා ඇති මෙට්ටයක බල්ලන් සමග දින ගණනාවක් ගත කිරීමට සිදුවූ බවද ඇය පොලිසියට කියා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ රටේ තිබුන සාරධර්ම? දුවගෙන් උගත් ළමුන් ගැන කවර කතාද? කොහොමහරි දරුවො ටික එකට එකතුකොට ඡායාරූපයක් දාගන්න ලැබුනොත් හරිම අගෙයි (නි)
මේ වැනි අවස්ථාවක අනුකම්පාව දැක්වීම ප්‍රමාණවත් නැහැ මේ වගේ වැඩිහිටියන් බලා නොගන්නා අයට දඬුවම් පැමිණවිය යුතුයි. ඒ වගේම දු දරුවෝ වැඩිහිටියන්ට සලකනවාද බලන්න යම්කිසි සංවිධානාත්මක වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි (බ)
මෙවැනි අය දරුවන් වන්නේ කොහොමද? (නි)
මට පුදුමාකාර දුකක් ඇතිවුණා රට යන අත ගැන (නි)
මේ දරුවෝද? නැතහොත් මරුවෝද? (නි)
මෙන්න ඇත්ත තත්ත්වය! (නි)
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් හොර දෙටුවෝ..... දරුවන් නොව මුන් පරයන් මැරයන්... මගෙ දේ කා මට වින කෙරුවෝ..(ම)
බොහොමයක් දරුවෝ හරිම ආත්මාර්ථකාමියි. ඉහළට ගියාට පසු ආදරෙන් හදපු වඩපු දෙමවුපියන් අමතක කරනවා (නි)
ලෑජ්ජයි පොලිසියේ දරුවන් දෙන්නෙක්ම වැඩ කරනවා ලෝකෙට පරකාසෙ ගෙදරට???????????(ම)
මේවා අපේ රටේද ? (ම)
ශ්‍රී ලංකාවේ එන්න එන්නම මේ තත්ත්වය වැඩි වෙනවා (ම)
මේ වියපත් මෑණියන්ගේ පෙනුම කියාපාන්නේ ඇය විඳි අප්‍රමාණ දුක්පීඩායි. තව කොපමණ කාලයක් ඇය මේ පවුකාර ලෝකයේ රැදී සිටීවිද...? ඇයට බත්පිඬක් දී රැකබලා ගන්නට බැරිවූ පවුකාර මිනිසුනේ, නුඹලා හදා වඩා ගැනීමට ඇය කෙතරම් නම් දුක්පීඩා දරාගන්නට ඇද්ද..? (නි)
දරුවන් හොඳ මඟට ගෙනවිත් ඔවුන් හොඳ හොඳ රැකියා තනතුරු ලබන්නට පුලුවන් තැනට ඉගැන්වූ අම්මාටද නුඹලා මේ වගේ සළකන්නේ? ලැජ්ජයි මේ වගේ දරුවන් ගැන නම්. මහලොකුවට වැදගත් රැකියා කරනවා. මේ දරුවන්ටත් දවසක මේ වගේම විඳවන්න වේවි. කරන පව් මේ ලෝකෙදිම පටිසන් දෙනවා මිනිසුනේ. (නි)
මගේ හිතට දැනුන වේදනාව කියා නිමකරන්න අමාරුයි. මගේ අම්මා, ආච්චි මේ මොහොතේ මට මතක්වුණා. අපි තවමත් ඔවුන් රැකබලා ගන්නවා අපිට පුළුවන් විදිහට. දුක සැප සොයාබලනවා නිතරම. එහෙව් එකේ මේ මෑණියන් ගැන පුදුම දුකක් දැනෙන්නේ. අනේ අපි මහලු වුණදාට අපේ දරුවෝ අපිට කොහොම සළකාවිද කියලා දැන්නම් හිතාගන්නත් බැහැ (නි)
නිතිය ක්‍රියාත්මක කරන තැන දරවන් දෙන්නෙක්ම ඉන්න මේ අම්මාට නොසලකන මේ පොලිසියේ නිලධාරීන් කියන අයට විරුද්ධව වහාම නිතිය ක්‍රියාත්මක කරන්න.(ම)
අනේ හැබෑට මෙහෙමත් දරුවෝ? (නි)
මෙහෙම කරන්නේ මොන හිතකින්ද දෙවියනේ! (නි)
හරියටම හරි ශාන්. මේ ආත්මයේදීම ලැබෙනවා (නි)
මේ වගේ අයට "දරුවෝ" කියන්න පුලුවන්ද? (නි)
ගෙදර බුදුන් අම්මා .තිරිසන් දරුවො .අම්ම ,තාත්තගෙ අගේ නොදන්නා කම.දෙමව්පියන් දරුවන් පොඩි කාලේ පව් පින් දෙක කියා නුදුන් වරද.මොන හිතකින් වෙනස් කම් කරන්නද?.අම්ම කළ පව්.සමහරු බළල් බලු සත්තු පාරට දානව .ඒව විපාක (බ)
අසරණ මව ගැන මට හරිම කණගාටුයි (නි)
සාරධර්ම පිරීහී ඇති සමාජයක රටේ අනාගත වැඩිහිටියන්ගේ අනාගතය කෙසේවේද? (නි)
මට නම් දුක ඇගේ එකම දියණියටවත් ඇය රැකබලා ගන්න බැරි එකයි. පුතුන් තිදෙනා ගැන නොවේ. (නි)
රකිත්, ඔයත් අමානුෂික පුතෙක්. අම්මා රැක බලාගන්න එක දුවලගේ විතරක් වැඩක්ද? (නි)
මට සල්ලි තිබෙනවා නම් මම හරිම ආසයි මහලු මඩමක් පවත්වන්න. මෙවැනි අරසණ අම්මලා, තාත්තලාට මම සළකන්න ආසයි. දෙවියන් මට පිහිටවේවා මගේ සිහිනය සැබෑ කරගන්න (නි)
දස මාසයක් කුසේ වදාපු අම්මව රැකගන්න බැරි උන් කොහොමද රට රකින්නේ මේවට කවදහරි වන්දි ගෙවන්න වෙනවා (බ)
චිත්‍රා කියන එකට එකඟවෙමි. පින්තුර සහ නම් සමඟ ට්ව සහ පත්තරවල පළකරන්න. බුදුරදුන් කාලෙත් මේවගේ දෙයක් කරලා තියනවා. (ම)
මේ වැඩිහිටි පරපුර ගැන රජයේ අවධනය යොමු විය යුතුයි . මේ මෑණියන්ට විශ්‍රාම වැටුපක් තිබුණා නම් ඔය කියන ලේලිලා, පුත්තු, තරගෙට බල ගන්නවා.(ම)
දරුවෝ හතර දෙනාම ප්‍රසිද්ධ කරලා ඡායාරූපත් එක්ක රටටම පෙන්නලා දෙන්න. එය බලා හෝ තව මේ වගේ නොසළකන අයට මොළේ පෑදෙයි (නි)
මේ අම්මා පෙර කර්මයක් ගෙවද්දී ළමයි අලුත් කර්ම හදාගන්නවා, මේ වගේම ඊළඟ ආත්ම වලදී විඳවන්න. ලෝකයේ හැටි! (නි)
මගේ වයස 97ක් වූ ආච්චි අපි අතරින් සමුගත් එකට අදටත් අපි දුකින් ඉන්නේ. අම්මා තාත්තා බලාගන්න බැරි නුඹලාට හෙට ඉර පායන්න එපා කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ... (නි)
පව් දෙවියනේ! දසමාසයක් මේ අම්මා මේ හතරදෙනා කුසේ තියාගෙන මොනතරම් නම් දුකක් විඳින්න ඇද්ද? මොවුන් ලොකුමහත් කරලා රටේ හොඳ තැනක දෙපයින් සිටෙව්වේ මොනතරම් කැත කුණු අතගාලද? මගේ මෑණියෝ මම නම් මගේ ඇස්දෙක වගේ බලාගන්නවා. (නි)
සමහරුන්ට වයසට යනවිට අමතකවීමේ රෝගය හැදෙනවා. සමහරු බොරුවටත් කියනවා දරුවෝ සළකන්නේ නැහැ කියලා. අසිහියෙන් පාරවල් දිගේ ගොස් අතරමං වෙනවා. මේ අය ගැන ඉතා කල්පනාවෙන් කටයුතු කළයුතුය. (නි)
මට මතක්වන්නේ පැරණි කවියක්. බඩගිනිවෙලා මා ගිය කල පුතුගේ ගෙට, මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට... ලෝකය තිරිසන් වී තිබේ (නි)
දින තුනකින් එසැණට ගොඩවුණේ. මේ වගේ පුවතක් ඇසීමට අපිත් පව්කරලා ඇති. අනෙක වැදගත් රැකියාවල් කරන දරුවන් සිටියදී? මට නම් පුදුම දුකක් දැනුනේ (නි)
දිල්ෂාන් ඔබ හරි . වයසට ගියාම හරි කරදරයි අනිත් අයටත් (බ)
රුවන් කියන එක ඇත්ත 103ක් හිටපු අපේ ආච්චිව සිහිකරලා අපි හැම අවුරුද්දකම දානයක් දෙනවා පුළුවන් හැම වෙලාවේම පින් දෙනවා. (බ)
එක්කෙනෙක් තමන්ගේ තාත්තට පොල්කටුවක වතුර දුන්නලු.එ්ක බලන් හිටපු දරුවා පොල්කටුවක් අරන් තියා ගත්තලු.මොකටද කියල ඇහුවම වයසට ගියාම තාත්තට වතුර දෙන්න කිව්වලු (බ)