සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදයක් ‘සේයා ඇත්තටම මැරුවේ කවුද? මැරුවට පස්සෙත් දියණිය දූෂණය කළේ කවුද?‘ මැයෙන් අද (23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී (කැම්බල් පිටිය අසල) පැවැත්වීමට නියමිතය.
ආචාර්ය, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සජීව සමරනායක, මාධ්‍යවේදී විමලනාත් වීරරත්න, නාලක ගුණවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ,විදර්ශන කන්නංගර මහත්ම මහත්මීහු කෙටි දේශන පවත්වති.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කරන මෙම වැඩසටහනට මහජන නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ද සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය දේශපාලනය නාම යෝජනා ගන්න පාවිච්චි කරන උදවියත් ඉන්නවා. තමන් කාන්තාවක් හැටියට සමාජයට කාලයකට පෙර පිරිමින්ගේ හැඟීම් අවුස්සන වැඩ කරලා දැන් මේ ළමා අපචාර වලට විරුද්ධව බොරුවට කෑගහනවා (බ)
පාඩමෙන් ඔය හරියටම හරි මේ සමාජේ අතට අහුවෙන මාකට් කරන්න පුළුවන් ඕනෑම බලු බෙට්ටක් මාකට් කරලා ගාන කපා ගන්නවා ඒ සේයාද ඔයාද මමද කියල ඒ අයට ප්‍රස්නයක් නැහැ (බ)
සමහර මාධ්‍ය තමා පොලිසියේ රජකාරිය කරලා දඩුවම් දෙන්නේ. කේස් එක රස කරලා සම්බෝලයකුත් හදනවා. (බ)
හැමදාම දෙයක් වුනාම තමයි අපේ අය වැඩ පටන් ගන්නේ.(හේ)
ලොකු ලොක්කෝ කොච්චර දේශනා පැවැත්තුවත් අහිංසකයෝ රිමාන්ඩ් කර පොලිසිය ෂෝ දැම්මත් තවම මිනී මරුවා නිදැල්ලේ. ඔය දේශනා මොකටද? මහත්වරුනි, අශ්වයා පැනලා ගියා. (බ)
සේයා දියණිය නැවත නැවත දූෂණයට ලක්කොට මරා දැමුවේ මාධ්‍යයි. ඒ අහිංසකාවියගේ පිංතූර පළකිරීම ඇත්තටම නින්දිත ක්‍රියාවක්. ඇයව නැවත නැවතත් ප්‍රසිද්ධියේ දූෂණය කිරීමක්. මාධ්‍ය මීට වඩා සංවේදී විය යුතුයි. (බ)
සංවේදී හැම දෙයක්ම, හැම කෙනෙක්ම ඉවක් බවක් නැතිව වෘත්තීය මට්ටමෙන් නිසි විමසිලි බවක් නැතිව කටයුතු කිරීමෙන් විකෘති දඩයම්කාරයින්ට උත්තේජනය ලැබෙන බවයි මගේ වැටහීම. මාධ්‍ය මිට වඩා සංවේදී විය යුතුය. (ම)
දැන්වත් ඒ පුංචි දැරිවිගේ නාමෙට පුවත් මවා පොකට් තර කරගන්නේ නැතුව අපරාධ කාරයව හොයා ගන්න බලපල්ලා (බ)
බලවතුන්ගේ නම් වත් නොදමන මාධ්‍ය දුබලයින්ගේ සියලු පෞද්ගලික තොරතුරු මාධයෙන් දීම පිළිකුල් සහගතයි.උදාහරණයක් වශයෙන් කැළණි ගඟට අපද්‍රව්‍ය එක්වීම දැන්වීම් නොලැබයි කියල ප්‍රචාරය කළේ එක්තරා කම්හලක් කියල. නුඩ්ල්ස් වල ඊයම් කතාවත් ඒකමයි. උදේට පිරිත් වලින් පටන් ගන්න විද්‍යුත් නාලිකා පිරිත් අවසන් වුන ගමන් ප්‍රචාරය කරන වැඩසටහන් නරඹන්න.බොළඳ ටෙලි නාට්‍ය වල දැන්වීම් දකින්න පුළුවන්.මාධ්‍යට කාම අපරාධ හිඟන්නට තුවාල වගේ.මාධ්‍ය ස්වයං වාරණයකට ලක්විය යුතුයි.නැත්නම් නිසි බලධරයෙක් පත් කළ යුතුයි. කතෘ තුමා මෙය සංස්කරණය නොකර පළකරයි කියත් සැකයි. (බ)
වාරණයක් පැනවීම හොද ක්‍රියාවක් (බ)
ශ්‍රී ලංකා රජයට සිතා බලන්නට කාලය ඇවිත් හේතුව මෙවැනි දේ සිදුවන්න්නේ කුමන හේතුවක් නිසා ද යනුවෙනි. දැන් බැලුවොත් මෙවැනි දුෂණ අපේ අනිත් කලාපයේ රට වල මෙවැනි අන්දමේ ස්ත්‍රී දුෂණ පෙනෙන්නට නැහැ. එනම් එ්කට හේතුද තිබෙනවා. ආසියාව අනිත් රටවල බැලුවොත් එම රටවල් වල හැම නගරෙකම ව ගේ ප්ලෙෂර් හවුස් /බ්රෝතෙල් නමැති රජයේම සහතික ගත්තු මෙවැනි තැන් පිහිටුවල තිබෙනවා එතකොට යම්කිසි කෙනෙකුට ලිංගික අවශ්‍යතාවයක් උවමනානම් එය එවැනි බ්රෝතෙල් වැනි තැන් වලින් ඉටුකරගන්න පුළුවනි. මෙය තමා සත්‍යය. මෙවැනි දුෂණ සහ අපරාධ කරන්නට සිතන එක සහ කීරීම වලක්වා ගන්නට පුළුවන්. දැන් මෙවැනි දේ අනිත් රටවල්වල තිබෙන නිසාම අපේ රටේ සිදුවන දේ වෙන්නේ නැහැ. මෙය වරදවා සිතන එකට වඩා හොද පැත්තකට සිතන එක තමයි වටින්නේ. (බ)
වාර්තාකරණය වෙනුවට වෙළදාම මුලට (බ)