IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියගේ චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිසමට

ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමට යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම විද්‍යාලයය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවැත්වූ අභ්‍යන්තර විගණනයකින්   හිටපු විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට එම අංශය නිර්දේශ කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි සදහන් කරයි.

විදුහල්පතිනියට එරෙහිව ගත යුතු ක්‍රියාමර්ගය ගැන තීන්දුව අගහරුවාදා (05) අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරන බව රාජ්‍ය සේවා කොමිසමේ ආරංචි මාර්ග කියයි.

මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනිය වූ ශාන්ති සෙනවිරත්න මහත්මිය මාර්තු 17 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශය මගින් දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයයට අනියුක්ත කළ අතර නව විදුහල්පතිනිය ලෙස නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සන්ධ්‍යානි පතිරවසම් මහත්මිය පත් කරනු ලැබුවාය. ඇය වැඩ බාර ගැනීමට ගිය අවස්ථාවේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර නොදුන් බව කියමින් නව විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළාය.

‍අනෙක් විදුහල්පතිවරුන්ට ක්‍රියාත්මක වන නීතියට සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනියට ක්‍රියාත්මක නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ස්ථාන මාරු කළ ඇය මේ වන තෙක් වැඩ බාර දී නැති බවත්, ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම රාජ්‍ය සේවා කොමිසමද හිතා මතා පමා කරන බවත් ස්ටාලින් මහතා කීවේය.

රාජ්‍ය සේවා කොමිසම එම විදුහල්පතිනියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පමා කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්   දුරකතනයෙන් කළ විමසීමක දී රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණී සෙනරත් මහතා කීවේ දුරකතනයෙන් විස්තර කතා කළ නොහැකි බවයි.

නව විදුහල්පතිනියට වැඩ බාර නොදීම ගැන විමසීමට ශාන්ති සෙනවිරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධකරගත් විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව කියමින් දුරකතනය විසන්ධි කළාය.

නව විදුහල්පතිනි සන්ධ්‍යානි පතිරවසම් මහත්මියට සමීප ආරංචිවලින් දැනගන්නට ලැබුණේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර දී පිටව ගොස් ඇති බවත් අද සවස්වන තුරුත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දී නැති බවයි.



අදහස් (0)

සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියගේ චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිසමට

බන්දුල Monday, 04 April 2016 03:52 PM

ගාල්ලේ මහින්දෙ කරපු පරීක්ෂණ වල ප්‍රතිපල කෝ. ඒවත් එලියට දාන්න. (බ)

:       0       0

බන්දුල Monday, 04 April 2016 12:47 PM

මහින්දෙ විදුහල්පතිට විරුද්ධව ඇති චෝදනා රාජ්‍ය සේවා කොමිසමට යවන්නේ නැත්ද? බරපතල චෝදනා තියෙනවා. එයා හැසිරෙන්නේ චන්ඩියෙක් වගේ. (බ)

:       0       0

රොකී Tuesday, 05 April 2016 07:46 AM

ඔවු, ඔවු ඕෂධී. එක වල්ලේ පොල් කියලා කතාවක් තියනවනේ. අපි හිතන්නේ අපක්ෂපාතවයි. (ර)

:       0       0

රොකී Tuesday, 05 April 2016 07:50 AM

ඔවු, ඔවු, ඕෂධී, දීකිරට බළල්ලුත් සාක්කි කියන බව අපි දන්නවා. මොකද ඒ නෝනට මේ විදුහල දාලා යන්න බැරි හේතුව? එයා නැති දවසක විදුහල වසා දමන්න වේවිද? (ර)

:       0       0

රොකී Monday, 04 April 2016 02:12 PM

හිටපු විදුහල්පතිනිය ගුරුපරපුරට පමණක් නොව ශිෂ්‍ය පරපුරටත් දෙන්නේ නරක ආදර්ශයක්. විද්‍යාලයටත් අවමානයක් අැගේ ක්‍රියා කලාපය! (බ)

:       0       0

සරෝජා Monday, 04 April 2016 04:37 PM

අද කාලයේ වැඩකරන අයට තැනක් නැහැ (නි)

:       0       0

කර්තිනී Monday, 04 April 2016 03:11 PM

ඔන්න අපේ කාලයේ යකඩ ගැහැණිය !!(කෞ)

:       0       0

කපිල Monday, 04 April 2016 04:43 PM

බන්දුල හරි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වියයුතුය. (නි)

:       0       0

අමල් Monday, 04 April 2016 04:42 PM

මෙය ඉක්මනින් විසදා දෙනු මැනවි. (ර)

:       0       0

කපිල Monday, 04 April 2016 04:43 PM

සැමට නීතිය එකසේ කියාත්මක විය යුතුය. (ර)

:       0       0

ඕෂධී Monday, 04 April 2016 05:18 PM

ඇය ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරිනියක්. ඒවගේම විදුහල තව තවත් ඉහළටම දියුණු කළා. එතුමියගේ නික්‌ම යාම විදුහලට ආදරය කරන සැමගේ ඉමහත් කණගාටුවට කරුණක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site