ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමට යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
එම විද්‍යාලයය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවැත්වූ අභ්‍යන්තර විගණනයකින් හිටපු විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට එම අංශය නිර්දේශ කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි සදහන් කරයි.
විදුහල්පතිනියට එරෙහිව ගත යුතු ක්‍රියාමර්ගය ගැන තීන්දුව අගහරුවාදා (05) අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරන බව රාජ්‍ය සේවා කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනිය වූ ශාන්ති සෙනවිරත්න මහත්මිය මාර්තු 17 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශය මගින් දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයයට අනියුක්ත කළ අතර නව විදුහල්පතිනිය ලෙස නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සන්ධ්‍යානි පතිරවසම් මහත්මිය පත් කරනු ලැබුවාය. ඇය වැඩ බාර ගැනීමට ගිය අවස්ථාවේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර නොදුන් බව කියමින් නව විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළාය.
අනෙක් විදුහල්පතිවරුන්ට ක්‍රියාත්මක වන නීතියට සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනියට ක්‍රියාත්මක නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ස්ථාන මාරු කළ ඇය මේ වන තෙක් වැඩ බාර දී නැති බවත්, ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම රාජ්‍ය සේවා කොමිසමද හිතා මතා පමා කරන බවත් ස්ටාලින් මහතා කීවේය.
රාජ්‍ය සේවා කොමිසම එම විදුහල්පතිනියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පමා කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දුරකතනයෙන් කළ විමසීමක දී රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණී සෙනරත් මහතා කීවේ දුරකතනයෙන් විස්තර කතා කළ නොහැකි බවයි.
නව විදුහල්පතිනියට වැඩ බාර නොදීම ගැන විමසීමට ශාන්ති සෙනවිරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධකරගත් විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව කියමින් දුරකතනය විසන්ධි කළාය.
නව විදුහල්පතිනි සන්ධ්‍යානි පතිරවසම් මහත්මියට සමීප ආරංචිවලින් දැනගන්නට ලැබුණේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර දී පිටව ගොස් ඇති බවත් අද සවස්වන තුරුත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ මහින්දෙ කරපු පරීක්ෂණ වල ප්‍රතිපල කෝ. ඒවත් එලියට දාන්න. (බ)
මහින්දෙ විදුහල්පතිට විරුද්ධව ඇති චෝදනා රාජ්‍ය සේවා කොමිසමට යවන්නේ නැත්ද? බරපතල චෝදනා තියෙනවා. එයා හැසිරෙන්නේ චන්ඩියෙක් වගේ. (බ)
ඔවු, ඔවු ඕෂධී. එක වල්ලේ පොල් කියලා කතාවක් තියනවනේ. අපි හිතන්නේ අපක්ෂපාතවයි. (ර)
ඔවු, ඔවු, ඕෂධී, දීකිරට බළල්ලුත් සාක්කි කියන බව අපි දන්නවා. මොකද ඒ නෝනට මේ විදුහල දාලා යන්න බැරි හේතුව? එයා නැති දවසක විදුහල වසා දමන්න වේවිද? (ර)
හිටපු විදුහල්පතිනිය ගුරුපරපුරට පමණක් නොව ශිෂ්‍ය පරපුරටත් දෙන්නේ නරක ආදර්ශයක්. විද්‍යාලයටත් අවමානයක් අැගේ ක්‍රියා කලාපය! (බ)
අද කාලයේ වැඩකරන අයට තැනක් නැහැ (නි)
ඔන්න අපේ කාලයේ යකඩ ගැහැණිය !!(කෞ)
බන්දුල හරි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වියයුතුය. (නි)
මෙය ඉක්මනින් විසදා දෙනු මැනවි. (ර)
සැමට නීතිය එකසේ කියාත්මක විය යුතුය. (ර)
ඇය ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරිනියක්. ඒවගේම විදුහල තව තවත් ඉහළටම දියුණු කළා. එතුමියගේ නික්‌ම යාම විදුහලට ආදරය කරන සැමගේ ඉමහත් කණගාටුවට කරුණක්. (ර)