ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ පළමු වසර සඳහා අනුගි නූලංගා අහංගම විතානගේ ශිෂ්‍යාව ඇතුලත් කර ලබන 15 දින ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නීතිඥ රකිත පෙරේරා මහතාට දැනුම් දුන්නේය.
මෙම නියෝගය කරන ලද්දේ අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා හා විනිසුරුවරුන් වන උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසිනි.
2016 වර්ෂයේ දී සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පළමු වසරට ස්ථිර පදිංචිය පදනම යටතේ තම දරුවා ඇතුලත් කර ගැනීම සඳහා අයදුම් පත්‍ර යොමු කළ ද දරුවා තෝරා නොගත් බවත් තමන් සියළු සුදුසුකම් සපුරා ඇති බැවින් ඒ පිළිබඳ යොමු කරන ලද අභියාචනය අනුව පසුව දරුවා පාසලට තේරුණු බවත් අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ දරුවාගේ පියා අනූප ප්‍රසංග අහංගම විතානගේ සහ මව බෙන්තොට මල්ලවආරච්චි ජනිතා හිමාලි ද අල්විස් දෙදෙනා විසින් දන්වා තිබිණි. අභියාචනයෙන් දරුවා පාසලට තෝරාගැනීමට සුදුසු බව තහවුරු වීමෙන් පසු විදුහල්පතිනිය හමු වී දරුවා පාසලට ඇතුලත් කිරීමට ගිය අවස්ථාවේ ගාල්ලේ පිහිටි බැංකුවක ඇති පාසල් සංවර්ධන අරමුදලේ ගිණුමකට රුපියල් 250,000ක මුදලක් බැර කරන ලෙස තමන්ට දැනුම් දුන් බවත් එහි රිසිට් පත ගෙනවිත් දුන් පසු දරුවා පාසලට ඇතුලත් කරගන්නා බව විදුහල්පතිනිය දන්වා සිටි බවත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. විදුහල්පතිනියගේ දැනුම් දීම පරිදි එසේ මුදල් බැර කළ පසු තමන් අභියාචන මණ්ඩලය සඳහා ඉදිරිපත් කළ සියළු කරුණු ව්‍යාජ බව සඳහන් ලිපියක් විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි බවත් එය නොදුන් බැවින් තමන් විදුහලෙන් පිටතට එලවා දමා දරුවාට පාසලේ ඉගෙනුම ලැබීමට මෙතෙක් අවස්ථාව නොදුන් බවත් පෙත්සම් කරු සඳහන් කර තිබේ.
මේ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම විභාග කරන අවස්ථාවේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා කියා සිටියේ මේ වනවිටත් දරුවා පාසලට ඇතුලත් කරගෙන ඇතුලත්වීමේ අංකයක් පවා ලබා දී ඇති බවයි.
සියළු කරුණු සැළකිල්ලට ගත් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල දරුවා පාසලට ඇතුලත් කරගෙන ඒ බව පෙබරවාරි 15 දින අධිකරණයට වාර්තා කරන්නැයි නියෝග කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. සවුත්ලන්ඩ් ඔහොමමයි. මගේ නිවුන් දරුවන්ටත් නියම සුදුසුකම් තිබිලත් හරියට කරදර කළා නොගෙන ඉන්න. බොහොම අමාරුවෙන් අමාත්‍යංශයටත් 30 වතාවක් විතර ගිහින් තමයි සත්‍යය ජයගත්තේ. (නි)
නරකද මේ විදුහල්පති තුමිය වෙනත් සංවර්ධනය කළයුතු පාසලකට මාරු කරලා ඒ පාසලත් මේ වගේ සංවර්ධනය කරන්න බාර දුන්නොත්? මේ වහේ විදුහල්පති වරුන්ගෙන් හොඳට වැඩගන්න පුළුවන් කාලයක් මේක. (අ)
විදුහල්පතිනියට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නැද්ද? (නි)
මොකක්හරි හේතුවක් හරි හේතූන් නිසා ඔලුව උදුම්මවාගත් මේ වගේ ස්ත්‍රී රත්නයන් ළමයින්ගේ පරිපාලනයට සුදුසු නැහැ කියලා කාටවත් තේරෙන්නේ නැද්ද? එයාගෙන් අපට අහන්න තියෙන්නේ දැන් ඔය ඇනගත්ත ඇනගැනිල්ලෙන්වත් පාඩමක් ඉගෙනගන්නවද කියන එකයි (නි)
හැබැයි ඉතින් ඉස්සරහට දරුවාට මොන ප්‍රශ්න ඒවිද දන්නේ නැහැ (නි)
මේ කියන දෙමාපියන් වීමට ස්ථිර පදිංචිකරුවන් නොවේ. බොරුවට බදු ඔප්පු සාදා, ග්‍රාමසේවකලාට අවුරුදු ගණනාවක් තිස්සේ සල්ලි ගෙවමින් ජන්ද නාමලේඛනයට නම ඇතුළත් කරගත් අයවේ. මොවුන්ගේ ස්ථිර පදිංචිය ලබුදූව බව තතු දන්නෝ පවසති. ගාල්ලේ ස්ථිරවම පදිංචි , සවුත්ලන්ඩ් විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගැනීමට නොහැකි වූ දෙමාපියන් මොවුනට විරුද්දව නැගී සිටිය යුතුය. (ම)
මේ ළමයාගෙන් පළි ගනීවිද? (බ)
මෙතුමිය යහපාලනේ හරියට කරනවා. ඇ යි අවුල්ද ? (කෞ)
දෙමාපියන් කියන කතා ඇත්තද කියලා හොයා බලනවා නම් වඩාත් හොඳයි කියලා මට නම් හිතෙනවා (නි)
මේ විදුහල්පතිවරුන්ද? නැත්නම් මුදලාලිලද? (නි)
මගේ දරුවටත් වුණේ මේ දෙමයි. අපි ස්ථිර පදිංචිය අවරුදු 39 තිබිලත් දරුවා ගත්තේ නෑ (ම)
ඇතුළත හිස්බවින් පිරුණු විදුහල්පතිවරු මෙසේ හැසිරීම පුදුමයක් නෙමෙයි. අවස්ථා ගණනාවකදී මෙතුමිය විවේචනය කරනවා අසා ඇත්තෙමි. (නි)