ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසර තාප්පයේ උසින් වැඩි කොටස පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුව ඉවත්කැර තිබීම හේතුවෙන් විදුහල්පතිනියට එරෙහිව වූ නඩුව ඉල්ලා අසකැර ගැනීමට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට ඉඩදුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විදුහල්පතිනියට අවවාද කළේය
පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් වූ ගාල්ල කොටුවේ ඉදිකිරීම්වල දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු බවත් බාලිකා විදුහලේ අවශ්‍යතාව අනුව තාප්පය බැඳ ඇති බව පෙනේනනට ඇතත් මින් ඉදිරියට අනවසර ඉදිකරීම් නොකරන ලෙසත් මහේස්ත්‍රාවරයා විදුහල්පතිනියට කියා සිටියේය.
පසුගිය 15 ආණ්ඩුකාර ලේකම් කාර්යාලේය දී පුරාවිද්‍යා නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී එකඟවූ පරිදි බදාදා දහවල් තාප්පයේ උසින් වැඩි කොටස බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් කඩා දැමිණි.
මෙම නඩුව කැඳවන අවස්ථාවේ උසාවියට පැමිණ සිටි ගාල්ල සිරිධම්ම විදුහලේ නිහාල් ගුරුසිංහ මහතාගේ රථයේ ආරක්ෂක නලාව දිගින් දිගටම නාද වීම හේතුවෙන් එම විදුහල්පතිවරයා දිසා අධිකරණයට කඳවූ පසු දිසා විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඔහුට තරයේ අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකර ඇති තාප්පය සමිබන්ධයෙන් විදුහල්පතිනියට විරුද්ධව කටයුතු කළ යුතුව ඇතැයි යනු මගේ අදහසයි. (නි)
නිහාල් මහතාට මීට වඩා කල්පනාකාරී වෙන්න තිබුණා (නි)
දැන්මෙයා මෙහෙම කිව්වට එයාගේ ශක්තිය තාප්පය හදන්න උදව්වක් උනා කියලා දෙමාපියන්, ගුරුමඩුල්ල ඇතුළු ගාලු ජනතාවම දන්නවා.(අ)
නමුත් අපේ පුරාණ වෙහෙර විහාර වලට කරන අපරාධ වලදී සමහරු නිහඬ ඇයි? (නි)
මෙම තාප්පයට වියදම් කළ සල්ලි වලට වගකියන්නේ කවුද? (නි)
ඇත්තටම සිද්ද උනේ පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්පයක් ඉදිකිරීමට අවසර ලබා දෙන්න කියන එක පුරාවිද්‍යාවට කිව්වා. නමුත් විදුහල් පතිනියට අවවාද කරන්න කියල පැමිණිලි පාර්ශවයේ නීතිඥයන් ඉල්ලා සිටියට එසේ අවවාද කරේ නැහැ. අනික මේකේ අනුන්ගේ නම්වලින් කමෙන්ට්ස් දාල තියෙනවා (නදී)
කොහොම උනත් විදුහලට ආරක්ෂාවක් තියෙන්න ඕනා. කරුණාකරලා නියමිත නිර්ණායකයන්ට අනුව නව තාප්පයක් බලදාරීන් මැදිහත්වී ඉදිකර දෙන්න. එ්ත් එක්කම කොටුව ඇතුලේ තියෙන අනවසර ඉදිකිරීම් සියල්ල පිළිබඳව කරුණාකර සොයා බලන්න. පාසලට පමණක් කුඩම්මාගේ සැලකිලි දක්වන්න එපා. අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ ඉගනගන්න දීප්තිමත් පාසලක් මේක. (නදී)
අධ්‍යාපන අමත්‍යංශ රෙගුලාසි අමු අමුවේ උල්ලංගනය කරන අයට විදුහල්පති තුමියට මේක මොන කජ්ජක්ද? (නදී)
නැනිල් මොනවා කියනවද මන්දා. මගේ නම් දු දරුවොත් තාම පොඩියි. (නි)