IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්වීඩන් කත ලංකාවට ඩොලර් 33000ක් දෙයි

(අංජුල මහික වීරරත්න)

ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට  ස්වීඩන් ජාතික වී.පී. නැක්හෝම්(V.P. Nackholm)  මහත්මිය ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.

ඇය එම මුදල අරමුදලට බැරවන සේ බැංකුගත කර තිබූ අතර එහි  ලදුපත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගැන්වූවාය. 

මෙම අවස්ථාවට කේ. ජේ.තමාදරි ප්‍රේමදාස මහත්මියද එක් වූවාය



අදහස් (3)

ස්වීඩන් කත ලංකාවට ඩොලර් 33000ක් දෙයි

de silva Wednesday, 17 December 2025 10:08 PM

මේ මනුස්සය අනිවාර්යයෙන්ම අපේ රටට හිතවත් කෙනෙක් බව පෙනෙනවා , ස්වෙචාවෙන් මෙහෙම උදවුවක් කලහම අවම වශයෙන් , ජීවිතාන්තය දක්වාම ලංකාවට පැමිණෙන්න නොමිලේ වීසා එකවත් දෙන්න එහෙම නැතිනම් , පුරවැසිභාවය වත් පිරිනමන්න

:       1       5

Senarath Thursday, 18 December 2025 09:48 AM

බොහොම පින් එතුමියට. කෝ එතකොට ඉන්නවා කියපු යාළුවෝ ඩොලර් මිලියන ගණන් එවන්න සූදානමින් ඉන්නවා කිව්වනේ ආණ්ඩුවක් ගත්තම? එයාලට කියන්න මේ තමයි හොඳම අවස්ථාව අපේ රටට උදව් කරන්න තියෙන. ලක්ෂ ගණනකට ඉන්න හිටින තැනක් නැතිවෙලා.

:       1       4

de silva Thursday, 18 December 2025 03:06 PM

මේ මනුස්සය ඇදල ඉන්න ඇදුම් දිහා බැලුවහම විශාල ධනස්කන්දයක් ඇති කෙනෙක් නොවේ වගේ පෙනෙන්න , නමුත් අසීරු අවස්ථාවේ ස්වෙචාවෙන් මෙවැනි විශාල මුදලක් පරිත්‍යාග කරන එක ඉතා වැදගත් , අපිට අවශ්‍ය මෙවැනි මිතුරන් , එම මහත්මියට අර සිල්වා කියන ආකාරයට ජිවිතාන්තය දක්වා ලංකාවට පැමිණීමට නොමිලේ වීසා එකක් , හෝ පදක්කමක් වැනි තිළිණයක් අනිවාර්යයෙන් දෙන එක බලධාරීන්ගේ යුතු කමක් , නිකන් තැනක් යු කියල සල්ලි ටික අරන් අතට අත දීල ෆොටෝ එකක් ගැහුවට මදි කියන අය දමන්නකෝ ලෛක් එකක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site