‘මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කීවේය. ඔහු එලෙස කීවේ බැඳුම්කර ගනුදෙනුව ගැන අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව කෝටි 1490 යි. තමන් විශ්‍රාම යෑමේදී, ලෙඩකදි තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කළ මුදල. එය කණ්ඩායමක් විසින් ගිලගෙන තිබෙනවා. එම මුදල් ගලාගෙන ගියේ පර්පෙචුවල් සමාගමට. බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් සියයට තිස් ගණනකින් වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල් සමාගමේ වත්කම් 1853 % කින් වැඩි වෙළා. මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙනවා. ‘‘ යයිද පැවසූ අනුර කුමාර දිසානායක මහතා.....
‘‘මෙම වංචාවට හවුල්වූවන් විගණකාධිපතිටත් බලපෑම් කළා. ඔහුගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරන්න උත්සාහ කළා. විගණකාධිපති දඬුකඳේ එල්ලා ගල් ගසා මරා දමන අකාරයෙනුයි පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ. එම සභාවෙදි විගණකාධිපතිට හා නිලධාරීන්ට එල්ල කළ තර්ජනයේ අදහස ඔවුන් බිය කිරීමටයි. ඒත් නිලධාරීන් ඊට යටත් වුණේ නෑ. '' යයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සමග රනිල් හෙළුවෙන්.. රනිල් මේ හොරකම සුද්ද කරන්නේ මේ මුදල් වලින් කොටසක් එජාපේ වියදම් වලට ගන්න හින්ද තමා. (බ)
මේ වගේ වංචාවන් කරන අයටත්, ඊට උදව් කළ අයටත් මෙලොවදීම පළවිපාක ලැබේවි. මෙවන් අපරාධ දැක දැකත් නොදැක්කා ලෙස සිටින අයත් එම පව්කාර කටයුත්තේ හවුල්කාරයන් වෙනවා. මේ වංචා කරලා තිබෙන්නේ ඉතාම අහිංසක ජනයාගේ මුදල්. අපි සියලුදෙනාම එකට එක් වී මේ කෛරාටිකයින්ට ශාප කළයුතුය (නි)
රනිල් කියන්නේ මහාත්ම ගතිගුණ සහිත වන්චාකාරයක්.(බ)
මේ කියන සංඛ්‍යාලේඛන අභියෝගයට ලක්කරන්නැයි දන්නා කියන අයගෙන් මා ඉල්ලා සිටිනවා. එය ඔවුන් පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු කරගැනීමට මහත්සේ ඉවහල් වෙනවා. (නි)
අද ඉන්නේ අරක්කු බෝතලේට, බත් පැකට් එකට ඡන්දෙ දෙන මිනිස්සු (නි)
මම දන්නා හැටියට මෙම ගනුදෙනුව ව්‍යාපාර සිද්ධාන්ත නීත්‍යානුකූලව කළ දෙයක්. ව්‍යාපාරයකින් අධික ලාභ ලැබීමට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට අමාරුවෙයි (නි)
හිමාල් වැනි පුද්ගලයන් තවත් මේ රටේ සිටීම ගැන අප රටක් විදියට කණගාටු වියයුතුයි. මොන ආණ්ඩුවෙන් හොරකම් කළත් ඒවා ගෙවන්න වෙන්නේ අපට සහ අපේ දරු පරම්පරාවටයි. ඒ නිසා හොරකමට පක්ෂ පාට නොබලා විරුද්ධ වියයුතුයි. (නි)
වංචාව සහ දුෂණය නම් එය අලියාගේද, අතද, මල්පොහොට්ටුවද යන්න ජනතාවට වැදගත් නොවිය යුතුය. දේශප්‍රේමය, වීරත්වය මඟින් ඒවා පියවාගැනීමට කිසිවෙක් උත්සාහ කිරීමද ලැජ්ජාවට කරුණකි. කළගුණ සැළකීමට හෝ මිත්‍රකම වෙනුවෙන් ඒවා යටපත් කිරීමට නායකයන් උත්සාහ ගන්නේ නම් එයද නින්දිතය. හොරකම හොරකමමය. අද දුෂිතයන්ට ජනතාවගේ ඇති පිළිගැනීම කූට දේශපාලකයන් හොඳින් දනී. (නි)
රනිල් මෙතරම් කාලයක් අවංක දේශපාලකයෙක් වුණා. අද මේ හොරුන්ව බේරන්න යන එකෙන් ඔහු ඒ සියල්ල නැති කරගන්නවා. මේ හොරුන්ට උපරිම දඬුවම් දියයුතුයි. (නි)
සමහරුන්ගේ ප්‍රකාශ ගැන බලවත් ලෙස කම්පා වෙමි. කෝප් වාර්තාවෙන් බැඳුම්කර වංචාවක් සිදුව ඇතැයි කියනවා. එහෙම තියෙද්දිත් වංචාවක් නොවුණා කියා මගහැරීම යුක්තිසහගතද? ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළයුතුයි නේද? (නි)
හිමාල්, කොළ පාට කණ්ණාඩියක් දාගෙන මේ ප්රශ්නය දිහා බලන්නේ නැතුව, පක්ෂ පාට පසෙක තබා තමුන්ගේ රට ගැන ආර්ථිකය ගැන හිතන්න දැන්වත් ඉගෙනගන්න. මහින්දලා කළත්, රනිල්ලා කළත් මේ විනාශ කරන්නේ රටේ මුදල්. මේ විනාශ කරන්නේ රටේ ආර්ථිකය. ඔබගේ මගේ දරුවන්ගේ අනාගතය. පාඩුව කොහොම වුණත් මේවා කරපු උදවියට දඬුවම් නොකර තවමත් වරප්‍රසාද දී රැකීමම කොතරම් වරදක්ද? (නි)
හිමාල්, මමත් මුලදී හිතුවේ ඔයා වගේ තමයි. එ්ත් පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක්ගේ හැටි දැනගත්තහම මේ අය ඉතා ශ්‍රේෂ්ඨයි. (නි)
යහපාලනේ ගේන්න ඡන්දය දුන්නා නම් ක්‍රෝටන් වවන්න කාලයයි දැන්. (නි)
මෙම ගනුදෙනුව සිදුකළේ සමාගමක් පෝෂණය කරන්න නොවෙයි, එජාපය පෝෂණය කරන්න කියායි අපි හිතන්නේ. එජාපයට අවශ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු සියලු පහසුකම් ඔවුන්ට ලබාගැනීම නොවේද. එජාප පාක්ෂිකයා මෙම කාරණාව දන්නවා නම් ගැටලු ඇති නොවේ (නි)
ඔවුන්ගේ තර්ජන ගර්ජන වලට බියනොවී සත්‍ය හෙළිකළ එම අවංක රාජ්‍ය නිලධාරීන්ට අපේ ආචාරය! (නි)
හිමාල් ගේ පදිංචිය සිරිකොතේ වගේ පෙන්නේ. සුප්පු කරන්න කට්ටක් ලැබිල තියන බව පේනවා ලියන දේ වලින්. (බ)
මේ තරම් අපරාධ කරන අය නිදැල්ලේ ඉන්නකොට වාහන අවභාවිතා කරපු කෙනෙක් විතරක් හිරේ දානවා. සමහරවිට වාහන අවභාවිතාවේ පාඩුව ඊට වැඩි ඇති. (නි)
බල්පෙරේත බඩගෝස්තරවාදී දේශපාලකයන් මේ උදුරා ගන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්. මේවට අාධාර කරන, මෙම හොරුන් රකින ඉහළ අයගේ සිට පොඩිම අය දක්වා හැම කෙනෙකුටම ශාප වේවා. දැන් සිටින දේශපාලන නායකයන්ට, ඔවුන්ට ගැතිකම් කරන අයට වඩා පාරේ සළෙලු ලියන්ට ගරු කළයුතුය. මන්ද ඔවුන් ජිවත්වීම සඳහා තම ශරීරය විකුණනවා මිස, පොදි ගැසීමට මෙරටේ මහජන අයිතිය හොරාකන්නේ නැත (නි)
රටේ බහුතරය හිමාල්, ශ්‍රීමාලි වගේ අය. ඒකයි දූෂිත දේශපාලඥයන් තවම මේ රටේ ඉහළින් වැජඹෙන්නේ. මහජන ඡන්දෙන්ම බලයට එන්නේ. (නි)
හිමාල් හරි. මේකට එරෙහිව නීතිමය පියවර ගන්න බැහැ (බ)
හසන්ත හා අරුණ, බැඳුම්කර ගනුදෙනුවෙන් අහවල් පාඩුවක් වුණා කියනවා නම් ඒක එක එක වෙලාවට එක එක කට්ටිය එක එක ගණන් කියන්නේ ඇයි? ආයතනයක් ලාභ ලබන්න තව එකක් පාඩු වෙන්න ඕනෑ නැහැ. (නි)
ඕකේ පාඩුවක් වුණා කියන වාර්තාව හදලා තියෙන්නේ උපකල්පිත පොළී අනුපාතයකටද. ලස්සන වැඩේ කියන්නේ ඒ පොළියට ණය දෙන්න ආයතන ඇවිල්ලා නැහැ. අනික අරමුදල් සඳහා ඉල්ලුම වැඩි වෙනකොට පොළී අනුපාතය වැඩිවෙනවා කියන සරල මූලධර්මයත් අමතක කරලා. (නි)
කෝ මේ යහපාලුවෝ...? (නි)
මේ පාඩුව වෙලා තියෙන්න කාටද? රටේ මිනිසුන්ට නේද? ඉතින් මේ මිනිසුන්ට කිසිම ගානක් නැහැනේ. ඉතින් මොකටද ජවිපෙ දඟලන්නේ. (නි)
මෙම වංචාව සිදුකර තිබෙන්නේ හොඳට සැළසුම් කරලා. මේ මුදල් ජනතාවගේ මුදල්. මේ වංචාව රටට හෙළිකර පෙන්වීමම උතුම් කාර්යයක්. මේවාට නීති සම්පාදනය කරලා හරි බරපතල දඬුවම් දෙන්න ඕනෑමයි. එම දුෂිතයන් අන් රටවල කරන පරිදි බ්ලැක්ලිස්ට් කළයුතුයි (නි)
මගේ මුළු රැකියාව කරන කාලයටම අර්ථ සාධකයට 10.5 % පොළියක් ලැබුනේ 2015 වසරේ. මීට කලින් අඩුම 11 %. අපේ මහන්සියෙන් හම්බකරපු සොච්චමත් ගන්නවා (නි)
ඔය හිමාල් කියන කෙනා මොකද ඔච්චරටම සුද්දකරන්න හදන්නේ. රටම දන්නවා දුෂිතයි කියලා (නි)
හිමාල්, ඔයා මේ හොරුන්ව ආරක්ෂා කරන්නද හදන්නේ.නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. (නි)
මහා බැංකු කොල්ලය අපේ ඇස් පනාපිට මහා දවල් ප්‍රසිද්ධියේ කරලත් කිසිම සද්දයක් නැහැ. ඒක තමයි දැන් කියන්නේ කාපන් කොස් කොළ, ක්‍රෝටන් කොළ උඹලා, අපිට තණකොළ ඉතුරු කරලා කියලා. (නි)
ඔබතුමාලා ඉල්ලපු යහපාලනය ලැබිලත් ඇයි මේ කෑගහන්නේ (නි)
බුලත් කඩයක්වත් දාලා ලාභ ගන්න බැරි උදවිය දැන් බැඳුම්කර ගැන කතා කරනවා. ඔය පාඩුව කොහොමද ගණනය කළේ කියලා පෙන්නමුකො බලන්න. (බ)