සෞඛ්‍ය සේවා සඳහා  අලුතින් හඳුන්වා  දුන්  මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය නිසා  වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්  සඳහා වැයවන  රුපියල් කෝටිය රුපියල් ලක්ෂය  දක්වා අඩු වී ඇති බව  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල්  වෛද්‍ය ආනන්ද ගුණසේකර ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කිරීමෙන් අනතුරුව  සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (11) එළි දැක්වුණු මානව සම්පත් කළමනාකරණ තොරතුරු  පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින්  සෞඛ්‍ය සේවා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  මේ බව සඳහන් කළේය.