එදා ලැබූ නිදහස වඩාත් ශක්තිමත් කිරීමට වත්මන් පරපුරට නව නිපුණතා, දැනුම හා තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබාදී එමඟින් රටේ ජීවගුණය දල්වාදිය යුතු බව නිදහස් දින විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.
සියවස් ගණනක් පැවැති ජාතික සමගිය මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා පිළිවෙත අනුව වඩාත් අර්ථවත් කළ යුතු බව ජනපතිවරයාගේ පණිවිඩයේ සඳහන්ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම නිදහස් දින පණිවිඩයෙන් කියා සිටින්නේ සමගියෙන් රැස්වී සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාමේ ලිච්ඡවි රජ සිරිත ලංකාව තුළ තහවුරු කළ යුතු බවයි. මින් ඉදිරියට නව චින්තනයක් යටතේ ජාතික සමගිය නැවත තහවුරු කර එමඟින් සංහිඳියාව ඇතිකර ගත යුතු බව අගමැතිවරයා සඳහන් කරයි.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කිසිදු අන්තගාමී බලවේගයකට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතු බවයි. ජාති, ආගම් හා කුලබේද පසෙකලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන වැඩපිළවෙළට සහයෝගය දිය යුතු බවද ඒ මහතාගේ පණිවිඩයේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයන් කතා වෙන් නොව ක්‍රියාවෙන් සුදනන් වෙන දිනක් උදාවේවා (නදී)
තුන් දෙනාගේම අදහස් බොහොම වටිනා දේවල්ය. ක්‍රීයාත්මක වෙන තුරු අපි බල සිටිමු.(දිල්)
සිරිපාල කියපු කතාව ඇත්ත (දිල්)
අපේ රටට අවශ්‍ය යුගයට ඔබින විපක්ෂ නායකයකු ලෙස නිමල් සිරිපාල මැතිතුමා හඳුන්වා දිය හැකියි. එතුමාගේ දර්ශනය සහ ප්‍රතිපත්ති තුලින් අපේ දේශපාලන පක්ෂ තුල සංහිඳියාවක් ඇතිවීමේ ලකුණු පෙනේ. එය රටේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ඇතුළු සියලු ජනතාවගේ යහපත පිණිස යොදා ගැනීමට මයිත්‍රී යහ පාලනය තුලින් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන පාලක පක්ෂය උත්සාහ ගනීවියයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු. (නදී)
අන්තගාමි බලවේගවලට හිස එසවීමට ඉඩ නොදිය යුතු වගේම එම බලවේග කවරක්ද යන්නත් ජනතාවට ප්‍රකාශ විය යුතුය. (නදී)
වින්සන්ට් "අන්තගාමි බලවේගවලට හිස එසවීමට ඉඩ නොදිය යුතු වගේම එම බලවේග කවරක්ද යන්නත් ජනතාවට ප්‍රකාශ විය යුතුය"(හේ)
අත්සන් එකතුව ඕනේ නැහැ ඔහොම යමු (නදී)
ඊට වඩා හොඳ අදහසක් මෙන්න. දේශපාලඥයින්ට බණ කීම තහනම් කරමු. බණ කියන හැම වතාවකටම රුපියල් ලක්ෂයක් දුප්පත් පන්සලකට දඩ වශයෙන් ගෙවිය යුතු වේ. (නදී)