නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ ඞීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මේ උද්ඝෝෂණයට දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ. තමන්ගේ නිල ඇඳුම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 800 ප‍්‍රමාණවත් නොවන බවත් ඔවුහු කීහ. ඉල්ලීම් නොලද හොත් වෘත්තීය වර්ජනයක් කිරීමට සිදුවෙතියි සංගමය කියයි. සෞඛ්‍ය පරීක්ෂවරු 1700ක් පමණ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතා ගලබඩ... කරුනා සහගත දීමනාවට රුපියල් 50000.00 යි.
අර පොලිස් මහත්තයත් මේකට සම්බන්ධයි වගේ.එයාව නිදොස් කොට නිදහස් කරන්න. 800කට අද ළමේකුටවත් ඇදුමක් ගන්න පුළුවන්ද?
මේ අය හෝටල්, කඩ වලට පැනලා ගන්න ජරාව හොදටම ඇති. හරිනම් පඩි ඕනිත් නෑ මේ අයට
එක්කෙනෙක්වත් නාල නෑ...
මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ කිවුවට හැසිරෙන්නේ මළ පෙරේතයෝ වගේනේ
ඔහොම යන් ඔහොම යන් .....
මේකටත් ඇමති කියයි ඉස්සර යුනිෆෝම් එකට දුන්නේ රුපියල් 10යිනේ කියලා
250කින් මාසයක් කන්න පුලුවන් රටේ,PHI ඇදුමට 800ක් මදිද බොලවු?
ගලබඩගේ කතාවත් හරි. කාලෝචිත නැත්නම් පවු තමයි
දැන් ඇති අවුවේ හිටියා.යමු ගිහින් සාකච්ඡා කරලා විසදා ගනිමු
මොනවද මේ ලංකාවේ PHI ලා කරන්නේ? ඔයාලා පාරෙම ඉන්න හොදේ