
(පද්මා කුමාර කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිව්දරු මවකගේ සිරුර නොරෝච්චෝල ශේතපොල කලපුවේ තිබී හමු වූ බව නොරෝච්චෝල පොලිසිය කියයි.
ශේතපොල මාන්පුරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සෙබස්තියන් ඌර්සුලා නැමති කාන්තාවක මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි..
ධීවරයින් අද දහවල් දැක පොලිසිය දැනුවත් කර ඇති බව කියයි.
කාන්තාවගේ හිසට තියුණු ආයුධ පහර දෙකක් එල්ල කර තිබු බවද පොලිසිය කියයි.
කාන්තාව ඝාතනය කිරීමේන් පසු ඇය සතු රුපියල් 20,000 කට ආසන්න මුදලක්, ඇදුම් හා රන් මාලයක්, රන් මුදුවක්,ඖෂධ කිපයක් හා ජංගම දුරකථන ලියු කුඩා ලියුම් කැබැල්ලක් මල්ලක දමා සේතපොල තොටුපල ආසන්නයෙ කඩොලාන කැලැවේ සගවා තිබියදී පොලිස් නිළධාරින් පිරිසක් සොයා ගෙන තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රරව්යවලට ඇබ්බැහි වූවෙකුගෙ වැඩක් වත්ද ?